(වසන්ත චන්ද්‍රපාල)
අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුනරත්න, යුද හමුදාපති මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ශ්‍රිලංකා නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වා , වැඩ බලන පොලිස්පති චන්දන තිලකරත්න යන මහත්වරු අද (14) අම්පාර දිස්ත්‍රික්කයේ ඓතිහාසික විහාරස්ථාන පිළිබඳව සොයා බැලීම සඳහා සංචාරයක නිරත වූහ.
පළමුව මෙම පිරිස දිඝවාපි පුරාණ රජමහාවිහාරයට පැමිණ දිඝවාපි පුරාණ රජමහා විහාරාධිපති මහඔය සෝභිත හිමියන් සහ උතුරු නැගෙනහිර දෙපාළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක අම්පාර මහාවාපි විහාරාධිපති අරන්තලාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති කිරිදිවැල සෝමරතන හිමියන් සමඟ දිඝවාපි පුදබිමේ වර්තමාන තත්වය පිළිබඳව සාකච්ඡා කළහ.
දැනට දිඝවාපි පුදබිමේ ඉඩම් අක්කර 29 ක් අනවසරයෙන් අල්ලා ගෙන ඇති අතර එයට විරුද්ධව අක්කරපත්තුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පවතින බව සහ දීඝවාපි චෛත්‍ය ගොඩ නැගිම කඩිනම් කළයුතු බව මෙහිදි විහාරාධිපති මහඔය සෝභිත හිමියන් ආරක්ෂක ලේකම් වරයාට දැනුම් දෙන්හ.
පසුව දීඝවාපි චෛත්‍ය බැලිමටද මෙම පිරිස ගිය අතර ඉදිරි සතිය තුලදි ආරක්ෂක අමාත්‍යංශයේ විශේෂ සාකච්ඡාක් පවත්වා මේ පිළිබඳව තීරණයක් ගන්නා බව සඳහන් කළේය.
ඉන් අනතුරුව දීඝවාපි නොරොච්චෝලේ ප්‍රදේශයේ ඉදිකර ඇති සුනාමි නිවාස පිළිබඳව සොයා බැලිමටද ආරක්ෂක ලේකම් කමල් ගුනරත්න මහතා පියවර ගනු ලැබිය.
වසර 12 ක් තිස්සේ වල්වැදි විනාශට පත්වෙමින් යන මෙම නිවාස පිළිබඳව ආරක්ෂක ලේකම්වරයාගේ දැඩි පරීක්ෂාවට ලක්විය.
පසුව මාණික්කමඩු පරිවාර චෛත්‍යයට ගිය ආරක්ෂක ලේකම් වරයා ඇතුලු පිරිස එම විහාරස්ථානයේ පවතින තත්වය පිළිබඳව සොයා බැලුහ.
මෙහිදි මාණික්කමඩු පරිවාර විහාරස්ථානයේ පවතින ඉඩම් ගැටලුව පිළිබඳව කිරිදිවැල සෝමරතන හිමියන් විසින් ආරක්ෂක ලේකම්වරයාට කරුණු පැහැදිලි කරනු ලැබූහ.
මානික්කමඩු රජමහා විහාරය ආරම්භ කිරිමට ගොස් තමන් වහන්සේට සහ මාණික්කමඩු විහාරාධිකාරි අඹගස්පිටියේ සීලරත්න හිමියන්ට දින ගණන් පොලිසියේ ගත කිරිමට සිදුවු බවද සෝමරතන හිමියන් මෙහිදි පැවසූහ.
දැනට මෙම විහාරස්ථානටය් පවතින ඉඩම් ගැටලුව පිළිබඳව අවදානය යොමුකර විසදුමක් ලබාදෙන ලෙසද උන් වහන්සේ මෙහිදි ඉල්ලිමක් කරනු ලැබූහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම සංචාරයට සහාභාගි වු බවත් සංචාරයෙන් පසුව මේ පිළිබඳව ජනාධිපතිතුමා සහ අගමැතිතුමා දැනුවත් කර ඉදිරි පියවර ගන්නා බවත් ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මහතා මෙම සංචාරයේදි මහා සංඝරත්නයට දැනුම් දුන්නේය.
නැගෙනහිර ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මියද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ආරක්ෂක ප්‍රධානීහු අම්පාරේ ඓතිහාසික පුදබිම් ගැන සොයා බලති
Athula k Thursday, 14 May 2020 01:13 PM
දැන් හරි මෙ ගැන සොයා බලන එක හොදයි. සොහොන් බිමක් ආක‍්‍රමණය කරන අමන මිනිස්සු අපේ රටෙ ඉන්නවා..
ass charyaFriday, 15 May 2020 03:41 AM
චන්දෙ ඉවරවෙනකන් ඔක්කොම ෂෝ...
RaveendraSaturday, 16 May 2020 04:12 PM
අමනයෝ නොව ඌරන්ය....
chithrananda Friday, 15 May 2020 12:27 AM
මැතිවරණය පෙරහැර ආරම්භ වී ඇති අතර කසකාරයන් මේ වන විට අප ඉදිරියෙන් ගමන් කරමින් සිටී....
eresh S kumara Friday, 15 May 2020 05:32 AM
ඓථිහාසික පුද බිමක් අනිවාර්යෙන් රැක ගත යුතුමයි.