(චමිල් රූපසිංහ)
තම ආරක්ෂක භටයන් සහ තරුණයන් දෙදෙනෙකු අතර ඊයේ(06) ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටු වන බවත්, මේ සම්බන්ධව සාධාරණ පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිසියෙන් හා ආරක්ෂක අංශවලින් ඉල්ලා සිටින බවත් මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා අද (7) පැවසීය.
එස්. බී. දිසානායක මහතා මෙසේ පැවසූයේ තම ආරක්ෂක අංශ භටයන් සමඟ බීමත් පිරිසක් ගමන් ගත් මාර්ගයකදී, ඇතිවූ සිද්ධිය සම්බන්ධව කිවුල්ළිඳ පොදුජන පෙරමුණ පක්ෂ කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය සාකච්ඡාවකදීය.
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක මහතා මෙසේ ද කීය.
“ඊයේ සහ පෙරේදා මස්කෙළිය ආසනයේ රැස්වීම් 30ක් විතර තිබුණා. අවසන් රැස්වීම තිබුණේ ලක්ෂපාන පෙදෙසේ. එහි යාමට තිබුණු පොල්පිටියේ මාර්ගය ඉතාම දුෂ්කර අබලන් වෙච්ච පටු මාර්ගයක්. අපි ගිය වාහන 6 ක් 7 ක් ඒ පාරෙ එනකොට තමා මේ සිද්ධිය ඇතිවෙලා තියෙන්නෙ.
මගේ ආරක්ෂක අංශයේ නිලධාරින් ගමන් කළේ කුලියට ගත්තු වෑන් රථයක. මේ ප්‍රශ්නය ඇතිවෙලා තියෙන්නෙ බීමත් පිරිසක් ආ වාහනයක් හා ආරක්ෂක අංශයේ නිලධාරියෙක් අතරයි. ඒ දුෂ්කර මාර්ගයේ වාහන දෙක මාරුවෙද්දි බීමත්ව ආ පිරිස ආරක්ෂක භටයන් ගමන් ගත් වෑන් රථයට පහර දීලා. ආරක්ෂක භටයෙකුගේ ගිනි අවිය උදුරගන්න තැත් කරපු වෙලාවෙ ඔහු පොළොවට වෙඩි තියලා.
මම ඊළඟ රැස්වීමට ගිහිල්ල ඉන්න අවස්ථාවේයි ඔවුන් මේ සිද්ධිය සම්බන්ධව මාව දැනුවත් කළේ. මගේ ආරක්ෂක භටයන් විස්වාස කරල නැහැ බිමට තිබ්බ වෙඩිදෙකෙන් කිසි කෙනෙකුට තුවාලයක් වෙලා කියලා. පසුව ආරංචි වුණා එක ළමයකුට තුවාල වෙලා ඔහු රෝහල් ගත වෙලා කියලා.
මම ඒ අවස්ථාවේදිම ඒ ආරක්ෂක භටයින් තලාතුඔය පොලිසියට යොමු කළා. ඊයේ රාත්‍රියේම ඒ පෙදෙසේ පොලිසියවත් යොමු කළා. සිද්ධිය සම්බන්ධව පොලිසිය පරීක්ෂණ කටයුතු ආරම්භ කරලා. ඉතාමත් අපක්ෂපාතීව පොලිසිය පරීක්ෂණ පවත්වයි කියලා බලාපොරාත්තු වෙනවා.
මෙම සිද්ධියට අදාළ පොලිස් නිලධාරියා මේ වෙද්දි පොලිසිය බාරයේ. ඉතාම සුළු සීරීමක් තියෙනවා කියලායි දැනගන්න ලැබුණේ. මෙය ඉතා කනගාටුදායක සිද්ධියක්. පොලිස් නිලධාරීන් පොළවට හෝ වෙඩි නොතිබ්බා නම් හොඳයි.
මැතිවරණ ව්‍යාපාරයේ ගෞරවය ආරක්ෂා කිරීමට අපි සියලුදෙනා බැඳී සිටිනවා. මේ සිද්ධිය මගේ පොලිස් නිලධාරීන් අතින් සිදුවීම සම්බන්ධව ඉතාම කණගාටුවනවා” යැයිද එස්. බී. දිසානායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගණන් ගන්න දෙයක් නැහැ සර්. තව සුමාන දෙකකින් පස්සේ අරක්කු නෙවෙයි කුඩු ගහලා හිටියත් ඔබතුමාගේ ආරක්ෂකයින්ට අත තියන්න කාටවත් බැහැ.
මහත්තයෝ.. අපි මේවගේ දේවල් අනුමත කරන්නේ නෑ. අපි හදන්න දගලන්නේ කාටත් සතුටින් ඉන්න පුළුවන් වට පිටාවක්. මේ වගේ වැඩ වලින් පෙනෙන්නේ අපි හදන්න උත්සාහ කරන රට නැවතත් අඳුරු යුගයකට තල්ලු කරන්න ඔබලා උත්සාහ කරන බවයි.
කියන්න බොරුවත් හරියට කියන්න එපායි. පොළවට තිබ්බ වෙඩි කොහොමද ශරීරයට වදින්නේ?
අනේ පව්
කණගාටුයි, නිවටයින්ගේ ශබ්දකෝෂයෙහි පළමු වදන...
මේ රටේ ඉන්න සේරම ඔබ වගේ ගොන් හරක් කියලද හිතන් ඉන්නේ? පොළොවට වෙඩි තිබ්බනම් මිනිස්සුන්ට වැදුනේ මිනිස්සු ඒ වෙලාවේ බිම දිගා වෙලාද හිටියේ? ඕවා ගිහින් කියන්න කොණ්ඩේ බැදපු චීන්නුන්නට. මේ වගේ කාළකණ්නි තමා ඉතිහාසේ ඉදන් රට විනාශ කරේ.
ගිලෙන මිනිහා පිදුරු ගහේ හරි එල්ලෙන්නයි බලන්නෙ. එජාපේ අයත් දැන් හරියට ඒ වගෙයි.
බොරුවක් වුනත් හරියට කියැවෙන්නේ නෑ නේද? මහල්ලන්ට කඩේ යන්නේත් ඒ වගේම ඉවසීමක් නැති කුඩු මුදලාලිලා, ගංජා මුදලාලිලා, කසිප්පු මුදලාලිලා, යන එන මන් නැතිවුණු දේශපාලන අනාථයින් සහ මානසික රෝගීන් විතරයි..
ප්‍රශ්නයක් නැහැ.. ඔබට ඡන්දෙකින් දිනලා පාර්ලිමේන්තු එන්න බැහැ. ඒ බව නුවරඑළියේ අපි ගිය සැරේ හොඳින්ම පෙන්නුවා. ඔබව අපි පරාද කළා. නමුත් ජනාධිපතිතුමා නිසා පත් කළ ඇමතිකෙනෙක් වගේ ලැජ්ජා නැතිව පාර්ලිමේන්තුවට ආවා. නමුත් සදාචාරාත්මකව ඔබට අයිතියක් නැහැ එහෙම එන්න. රටේ මිනිස්සු එපා කියපු මිනිහාව පාර්ලිමේන්තු ගෙනාවා. ඒක ප්‍රජාතන්ත්‍ර විරෝධියි. ඒ නිසා පරදින්න ආසා නම් මේ පාරත් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ගිය සැරේටත් වඩා වැඩි ඡන්ද ගණනකින් ඔබව පරද්දනවා. ඔබ රටට කලේ කුමක්ද...? කිසිවක් නැත. සමෘධියට විද්ද එක පමණයි...!!!
අනේ අපොයි... ඡන්දෙනුන් පැරදිලා ලැබුණු පින් මන්ත්‍රීකමත් පාවලා දීලා දැන් එනවා පම්පෝරි ගහන්න. අනාගත ඇමතිලාවීමට දැන්ම රස්නේ පිට කරනවා. හොඳ වෙලාවට තව දවස් කීපයකින් මේ ගොල්ලන්ගේ අපේක්ෂකයා පැරදිලා තමන්ගේ රටට යනවා. මේ අය ආයෙත් කාටහරි හේත්තු වෙනවා...
බොරුකීම දේශපාලනයේ පළවෙනිම දිවුරුම් දීමයි. දේශපාලකයන් අකුසල් කරන්න වෙන බව දන්නවා.
ඒ සිද්ධිය වෙන වෙලාවේ මෙයා එතන හිටියා කියලා ඒ තරුණයෝ කියනවා. මෙයා සමතයකට පත් කරල ගියාට පසුව වෙඩි තිබ්බා කියල ආයෙත් කිවුවා. දැන් වෙනම කතාවක්. රටේ ඉන්න ඔක්කොම මෝඩයෝ කියල හිතාගෙන ඉන්නේ. අනික ආරක්ෂාවට වෙඩි තියෙන්නෙ බිමට නෙවෙයි උඩට .
බබාගේ සිඟිති කථාවට දුකත් හිතුන පපුව හෝස්ගාලා යනවා.
කණගාටු වෙලා වැඩක් නැහැ. මිනිසුන්ට වන්දි ගෙවිය යුතුයි.
රංගේ ...... එන්නේ නැද්ද ?
පොළවට වෙඩි තිබ්බා..... ඒ මොකක්ද ඒ ?
පව් මෙයා.