(ඩයනා උදයංගනී)
දින කිහිපයක් තිස්සේ ඇදහැලෙන මහ වැසි හේතුවෙන් ඇතිවූ ගංවතුර හා නායයෑම් ආදිය හේතුවෙන් දිස්ත්‍රික්ක 16ක ජනතාව දැඩි පීඩාවට පත්ව සිටිති.
අධික වැසි සහිත මෙම කාලගුණ තත්ත්වය සමඟ ඇති වූ ආපදා හේතුවෙන් මේ වන විට පුද්ගල මරණ 11 ක් ද වාර්තා වී ඇත.
දියේ ගිලීම් හේතුවෙන් සිදුවූ මරණ 5ක්, නායයාම් හේතුවෙන් සිදුවූ මරණ 4ක් සහ අකුණු සැර වැදීම හේතුවෙන් මරණ 2ක් මෙලෙස වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
මහඔය පිටාර ගැලීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්ගහවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පහත් බිම් රැසක් ද ජලයෙන් යට වී ඇති බව එම ධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්‍ෂ (මාධ්‍ය) ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය.
මීට අමතරව කළු ගඟ මිල්ලකන්ද ප්‍රදේශයෙන්, ගිං ගඟ බද්දේගම ප්‍රදේශයෙන්, නිල්වලා ගඟ තල්ගහගොඩ ප්‍රදේශයෙන් සහ අත්තනගලු ඔය දූනමලේ ප්‍රදේශයෙන් පිටාර ගැලීම හේතුවෙන් ඒ ආශ්‍රිත පහත් බිම් රැසක් ද ජලයෙන් යටවී ඇතැයි වාර්තා වේ.
පීඩාවට පත්වූවන්ට සහන සැලසීමේ කටයුතු දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ සහය ඇතිව සිදුකරන බව ද කොඩිප්පිලි මහතා සඳහන් කළේය.
කිසියම් හදිසි ආපදා තත්වයක් මතුවුවහොත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ 117 ක්‍ෂණික ඇමතුම් අංකයෙන් ඒ බව දැනුම් දිය හැකි බව ද ඔහු කීවේය.
මේ අතර අධික වැසි තත්ත්වය හමුවේ ඇතිවු ගංවතුර තත්ත්වය හේතුවෙන් කල්පිටිය පාලවිය ප්‍රදේශයේ ආපදාවට පත්ව සිටි පුද්ගලයන් 71 දෙනෙකු රාත්‍රියේ මුදා ගැනීමට කටයුතු කළ බව නාවික හමුදාව පවසයි.
පුත්තලම
(ඡායාරූප: හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ගිරිඋල්ල
(ඡායාරූප: පුෂ්පකුමාර මල්ලවආරච්චි )
මාදම්පේ
(ඡායාරූප: එස් හේරත්)
+
අරච්චිකට්ටුව
(ඡායාරූප: ලලිත් නවරත්න)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ආපදා මරණ 11 ක්