( ඩයනා උදයංගනී සහ රංජිත් රාජපක්ෂ)
වලපනේ සිට පදියපැලැල්ල රිකිල්ලගස්කඩ හඟුරන්කෙත හරහා මහනුවර මාර්ගයේ මුංවත්ත ප්‍රදේශය ආසන්නයේ ඇති ආදාවල දිය ඇල්ල මේ දිනවල පවතින අධික වර්ෂාපතනයත් සමඟ චණ්ඩ ස්වභාවයක් ගෙන ඇතැයි නුවරඑලිය දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකොන් මහතා පැවසිය.
විශාල ජල කඳක් සමඟින් වේගයෙන් පහළට ගලා බසින දිය ඇල්ල හේතුවෙන් එම මාර්ගයේ ගමන් කිරීම ද අනතුරුදායක වී තිබේ.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන කටයුතුවලට ද බාධා එල්ල වී ඇත.
අඳාවල ඇල්ල බෙලිවුල්ඔයට ගලා බසින අතර බෙලිවුල්ඔයේද ජල ධාරිතාව ඉහල ගොස් ඇති බවයි සහකාර අධ්‍යක්ෂකවරයා කියා සිටියේය.

COMMENTS