
( ඔගස්ටින් ප්‍රනාන්දු)
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු මන්ත්‍රි කුරු ගමගේ ජගත් සමන්ත පෙරේරා ඇප මත මුදා හැරීමට හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 24 ) නියෝග කළේය.
ඉස්සන් ඇති කිරිමේ පොකුණක් සකස් කිරිම සදහා රැම්සා තෙත් බිම් කලාපයට අයත් ආනවිලුන්දාව කුරුළු අභය භුමිය තුළ ඩෝසර් යන්ත්‍රයක් යොදා බිම සකස් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මොහු රක්ෂිත බන්ධණාගාරගත කර තිබිණි.
ඔහු මුදා හැරුණේ රුපියල් ලක්ෂ දහය බැගින් සහතික ඇප දෙකක් බැගින් වු සහතික ඇප මතය. සැකකාර මන්ත්‍රිවරයා රජයේ රාජ්‍ය ඇමතිවරයෙකු වන කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා ගේ වැඩිමල් සහෝදරයා වේ.
මෙම සැකකරු බන්ධනාගාර ගත කර සිටිය අතර අද ( 24 දා ) මෙම නඩු විභාගය සදහා අධිකරණය හමුවට ඉදිරිපත් කළේ නැත. ඒ සම්බන්ධයෙන් විමසු අවස්ථාවේ දි කොරෝනා වසංගතය නිසා අත්‍යාවශ්‍ය සැකකරුවන් හැර සෙසු සැකකරුවන් අධිකරණය හමුවට ඉදිපත් නොකරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කීය .
COMMENTS
මිනීමැරුම් චෝදනා ලබාඉන්න කට්ටිය පාර්ලිමේන්තු එනවානම් සම්බන්ධීකරණ කමිටුවලට පත්වෙනවා නම් මෙව්වා මහ ලොකු දේ නෙවෙයි හලෝ.. ‘රට රකින කෙනෙක් වේ නම් ඔබයි ඒ උතුම් මිනිසා‘ කියලනේ කිව්වේ... මතක නැද්ද?
ඩෝසරේ එලවපු කෙනා තාම කූඩුවේද?
ඩෝසර් එකත් තවම පොලිසියේ... ඩෝසර්ට ඇප නැහැ...
මට නම් දැන් පරිසරය විනාශ කරන්න පොඩ්ඩක්වත් බය නැහැ. අපේ සර්ගේ වැඩ කොහොමද? ඉක්මණට ගෙදර එන විදිහට ලෝ එක හදලා තියෙන්නේ ලංකාවේ...
දැන් ඉතින් සුද්ද කරපු එකේ ඉස්සෝ වගාකරලා රටට ආදායමක් එන්න වැඩක් කරන්න.
අපේ සර්ගේ මිනිස්සුනේ...
මේවාට පුදුම වෙන මිනිස්සුන්ට දඩයක් ගහන්න ඕනේ.
ලංකාව කාන්තාරයක් කරලා මැද පෙරදිග රටවල් වගේ දියුණු කරන්න වෙන්න ඇති සැලැස්ම. ටිකක් ඉවසලා බලමු.
ඕවා ඉතින් නෝර්මල් කතන්දර මහින්ද ආණ්ඩුවේ. පුදුම වෙන්න දෙයක් නෑ. ඔක්සිජන් කන්නද ඇහුවෙත් ඕකගේ අයියනේ.. මේ වගේ අය දුටුතැන වෙඩිතියන්න ඕනෑ. මිනිස්සුන්ට ගානට මහින්දලා ගුලියක් බස්සලා බලය අල්ලා ගත්තා. දැන් ඔවුන්ට රිසිසේ රට කනවා. ඕකයි කතන්දරේ. මුලු පවුලකට රටක් බාරදීලා ඔයිට වඩා දෙයක් බලපොරොත්තු වෙන්න බෑ. බැසිලුත් පාර්ලිමේන්තුවට පැනගන්නනේ ඉන්නේ...
ගෝඨාභය නාමේ... මතක ඇති තාලයට කියා වටිනා ඩෝසරයක් තෑගි දිනා ගන්න. සෞභාග්‍යයේ දැක්මේ තවත් එක් ප්රථිඵලයක්..
මේ ටික වෙන්න මෙච්චර පරක්කු මොකෝ කියලා තමයි මම බලාගෙන හිටියේ. මේ ආදර්ශමත් ආණ්ඩුව යටතේ සිරබත් කන්න තියන්නේ නැහැනේ. අපි දැන් ඒක සහ සුද්දෙන්ම දන්නවානේ..උපරිම වැරැද්දක් හැටියට ගන්න පුළුවන් සාපරාධී වැරැද්දක් කරලත් මන්ත්රීකම් ගන්න පුළුවන් කොට.. මේවා මොන කිරිකජු වැඩද? අපට සතුටුයි දැන්.
වරෙන්තු මග ඇරලා හැංගිලා හිටපු අයට ඇප නොදීම සිරිතක් නේද? රාජිතගේ නඩුවෙදී කළේ... ඇයි මෙතන වෙන නීතියක්..?
ඔබ මෙන්ම ඔබේ සහෝදරයාද පුත්තලමට ආභරණ වේ.
රිමෝට් එකෙන් වැඩකරන ඩෝසරයක් තිබුණා නම් මරු.
පුත්තලමේ ඉපදුණානම්, කොහොමද ආඩම්බරය...?
මේක මාර වැඩක් උනානේ.