
(ඔගස්ටින් ප්‍රනාන්දු)
ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ සිටුවා තිබු කඩොලාන ශාඛයන් ගලවා දැමීමේ චෝදනාව මත රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි සිව් දෙනා අද (10) යලි ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ට දැඩි කොන්දේසි යටතේ ඇප නියම කළ හලාවත දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා වැඩිදුර නඩු විභාගය මැයි මස 20 වන දිනට නියම කළේය.
එක් සැකකරුවෙකුට මුදලින් රුපියල් දස දහස බැගින් සහ රුපියල් ලක්ෂය බැගින් සහතික ඇප දෙකක් මත සැකකරුවන් මුදා හැරුන අතර ඔවුන් මාසයේ අවසන් ඉරු දින ආරච්චිකට්ටුව පොලිසියට වාර්තා කිරිමටත් මෙම නඩුවේ කිසිදු සාක්කිකරුවෙකුට කිසිදු බලපෑමක් නොකරණ ලෙසත් නඩු විභාගය අවසන් වන තෙක් ආනවිලුන්දාව කුරුළු අභය භුමියට ඇතුළත් නොවන ලෙසටත් දිසා විනිසුරු වරයා මෙහිදී නියෝග කළේය.
මෙසේ ඇප නියම වුයේ ආරච්චිකට්ටුව මුතුපංතිය ධීවර ගම්මානයේ පදිංචි වර්ණකුලසුරිය ප්‍රදීප් නික්සෝ තමෙල් වර්ණකුලසුරිය සම්පත් ප්‍රදීප් නිශාන්ත වර්ණකුලසුරිය සම්පත් නලින් තිසේරා සහ ජයවීර ආරච්චිලාගේ සදුන් නමැති සිව් දෙනාය.
2021 පෙරවාරි මස 19 නක දින හෝ ඊට ආසන්න දිනයකදී සැකකරුවන් විසින් නිති විරෝධි ලෙසින් ආනවිලුන්දාව රැම්සා තෙත් බිම් කලාපයේ කුරුළු අභය භුමියට ඇතුළු වි එහි සිටුවා තිබු කඩෝලන පැල ගලවා විනාශ කිරිමෙන් රුපියල් ලක්ෂ එකහමාරක අනර්ථයක් කිරිමේ චෝදනාවන් මත සැකකරුවන්ට චෝදනා නගා තිබුණි.
ආරච්චිකට්ටුව පොලිසියේ සැරයන් ප්‍රේමරත්න (23078) මහතා පොලිසිය වෙනුවෙන් පෙනි සිටි අතර නිතිඥ හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු, නිතිඥ රුවන් ප්‍රනාන්දු, නිතිඥ ශානක උදයංග යන මහත්වරුන් සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටියහ.
2025 දෙසැම්බර් මස 04
673
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
550
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආනවිලුන්දාවේ කඩොලාන ගැලවූ 4 දෙනාට ඇප
fairoos Wednesday, 10 March 2021 01:03 PM
ඊළඟ නඩුව නිදහස් කළා නම් කාලය ඉතුරුයි. සර්ගේ ආණ්ඩුවේ කොහොමත් මේ වගේ අය ඉන්නේ.