(හර්ෂණ තුෂාර සිල්වා)
කොළඹ ආනන්ද විද්‍යාලයේ සත් මහල් ගොඩනැගිල්ල විවෘත කිරීම නැවැත්වීමට මැතිවරණ කොමිසන් සභාව පියවර ගෙන තිබේ.
මෙම ගොඩනැගිල්ල හෙට (22) විවෘත කිරීමට නියමිතව තිබූ අතර එහි ඉදිකිරීම් අවසන් නැති බැවින් විවෘත කිරීම වහාම නැවැත්වීමට උපදෙස් දුන් බව මේ සම්බන්ධයෙන් කරන ලද විමසීමකදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ලංකාදීපයට පැවැසීය.
කොළඹ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා යටතේ පවතින දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන කමිටුවේ නිලධාරීන් ගොඩනැගිල්ල නිරීක්ෂණය කර තිබෙන අතර ඒ අනුව එහි වැඩ අවසන් නැති බැවින් විවෘත කිරීම නැවැත්වීමට පියවර ගත් බව මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් ජාතික මැතිවරණ කාර්යාලය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යැවූ බව ද හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට යලමහ දෙකම වගාකරන්න පුලුවන්, යාපනය මඩ කුඹුර විවෘත කලේ
මෙහි අර්ථය කුමක්ද? එහි ඉදිකිරීම් අවසන් කර ඇත්නම් එසේ විවෘත කිරීමට අවසර දෙනු ලබන බව නොවේද? අප මෙම පැනයට මැකෝගෙන් විවෘතව පිළිතුරක් බලාපොරොත්තු වන්නෙමු. අපගේ මෙම අදහස් මැකෝට කියවීමට හැකිවේවා !! පිළිතුරුද ඔහු විසින්ම සපයනු ඇති අපගේ විශ්වාසයයි.
වැඩ නිමනොකළ ගොඩනැගිල්ල විවෘතකිරීම නතර කරගැනීම ජයග්‍රහණයක් වගේම එකේ විවෘත කිරීමට ඉදිකළ පලක දෙකත් ඉවත් කිරීමට කටයුතු කරන්න.
ඉදිකිරීම් අවසන් නැති නම් මොන එහෙකටද විවෘත කරන්නේ?
වර්තමානයේ රාජ්‍ය සේවය ඉතාමත්ම පහත්ලෙසට පිරිහී ගිහිල්ලා. පෙර කාලේ දේශපාලන අයිතිවාසිකම් නැති පරිපාලන සෙවයේ පිරිස් කිසිදා වැඩවර්ජන කලේ නැහැ. එකිනෙකාට මඩ ගසාගත්තේ නැහැ. කාර්යාල කටයුතු වලට වඩා මඩ ගැහිලි ඉතා වැඩියි ඒවගේම එකම කාර්යාලයේ වැඩකරන දැනුමක් අවබෝධයක් තිබෙන පිරිස්වලට මුහුණු පොත හරහා විවිධ වූ පිලිකුල් සහගත ක්‍රියාවන් කරනවා. මෙයත් එහෙම දෙයක් කියන්න පුළුවනි. නැත්නම් මෙලෙස අන්තගාමී නොවී දේශපාලන කථාවල නොයෙදී ගොඩනැගිල්ල විවෘත කරන්න ඉඩදෙන්න තිබුනේ නැද්ද.
මෙය පාසැල් දරුවන් ඉගෙන ගන්නා ගොඩනගිල්ලක්. වැඩ අවසන් නොකර විවෘත කිරීමට ඇති කඩිනම මොකක්ක්ද? අර යාපනේ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ මඩ ගොහොරුව හදිසිවී විවෘත කර රටම හිනැස්සුවා වගේ, මෙවර දරුවන් අනතුරේ දාන්න ගියා. මෝඩ දේශපාලන චුන්...
එතකොට පලාලි ගුවන්තොටුපොළ ඇරියේ ඔය අගේට, ගිහින් බලන්න, කොච්චර වැඩ ඉවරද කියල. දැක්කම සංසාරේ එපා වෙනවා.
ජෝන්, මොනවද ලියන්නේ ඔයා බාගෙට පිච්චුන කේක් කනවද?
කොළඹ ආනන්දේ කියන්නේ මගේ පාසැල. නමුත් එක අතකට බැලුවහම මොකටද මේ පාසලට තවත් සත් මහල් ප්‍රසාද... මුළු පාසලම බලල ඇවිදින්න දවසක් මදි.. තවත් දේවල් හදනවා සල්ලි නාස්ති කරගෙන..
අපේ ගොඩක් මිනිස්න්ගේ වැඩත් ජෝන් ගේ කථාව වගේ. කියන දේ හරියට අහගෙන ඉන්නේ හෝ හොයන්නේ බලන්නේ නෑ. ඔහේ කියවනවා හා තීරණ ගන්නවා. මැකෝ කාටවත් පක්ෂපාති බවක් මටනම් පේන්නේ නෑ ඔහු ඔහුගේ බලය නිසි ලෙස ක්‍රියාවේ යොදනවා. එහි ප්‍රතිඵලයක් ලෙස වෙනදා මේ රට පුරාම ඡන්ද කාලෙට තිබෙන පොලිතින් වසංගතය අඩුවෙලා. මැකෝට පුළුවන්නම් ප්‍රසිද්ධ ස්ථානවල බෝඩ් ලෑල්ලක් වෙන්කර එහි කොටසක් මේ හැම අපේක්ෂකයාටම පෝසටර් ගසා ගැනීමට වෙන්කර එහි පමණක් පෝස්ටර් ගසන ලෙස නීතිපැනවීම ඉතා අගනා ක්‍රියාවක් නමුත් මිනිස් බාග සිටින අපේ රට එවැනි ජපානයක් වීමට තවත් බොහෝ කල් අපට බලා සිටීමට වනු ඇත.
යාපනේ ගුවන්තොටුපොළ ඉක්මනින් විවෘතකරේ ද්‍රවිඩ ජාතික ඡන්ද ලබාගන්නත් මත්තල වෙනුවට යාපනයට ගුවන් යානා අරින්නත් යන දෙකටමය. මත්තල දියුණු වුනොත් දකුණ දියුණු වෙනවා, ඒ නිසා මත්තල වහලාම දානවා. රනිල් අගමැති හැටියට දෙන පොරොන්දු. සජිත් ජනාධිපති කරලා තමන් දිගටම බලයේ ඉන්න කරන කැත වැඩ.
මෙම සත්මහල් ගොඩනැගිල්ලට මුල්ගල තබා එය ආරම්භ කලේ ගෝඨාභය රාජපක්ෂ මහතා සමග එකල අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන මහතා. ඊට අදාල ඵලකය පවා ඉවත් කරමින් එය මේ ආණ්ඩුවේ ව්‍යාපෘතියක් බවට පෙන්වීමත් මෙම හදිසි විවෘත කිරීමේ උත්සාහය පිටුපස තිබුන. මෙම නිහීන උත්සාහය පරාජය කරන්නට ආනන්ද ආදී සිසු සංගම් ද මහත් වැඩ කොටසක් කළා. ඔවුන්ටත් ස්තුතියි.
උදිත කිව්වා වගේ අපි ඉස්කෝලේ ඉන්න කාලෙත් පස් මහල් බිල්ඩින් දෙකක් තිබ්බා. දෙවෙනි තට්ටුවෙන් එහාට ගුරුවරු එන්නේ නැහැ. වයස 40 පැනපු අය 2 ක් වත් එන්නේ නැහැ. අපි ටේබල් ටෙනිස් ගැහුවේ 3 වෙනි තට්ටුවෙන් උඩ. වල දැම්මේ මේවයේ උඩ. කිසි ප්‍රයෝජනයක් ගත්තේ නැහැ. පන්ති කාමර විශ්ව විද්‍යාලේ දේශනා ශාලා වගේ විශාලයි . මේ සත්මහල් ප්‍රාසාදයට විදුලි සෝපානයක් සවි නොකොළොත් කිසිම වැඩක් නැති වෙයි.
සත්මහල ඉදි කළේ කලින් තිබුණු පස් මහල් ගොඩනැගිල්ල කඩලා ඉවත් කරපු තැන. හරියට විස්තර දැනගෙන කතා කරන්න. අනික රටේ අධ්‍යාපනය වෙනුවෙන් කොච්චර වියදම් කළත් මොකද?
2015 වන විට වැඩ ආරම්භ කළ බොහෝ පාසල්වල වැඩ තවම අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. ආනන්දෙන් මේක ගැස්සිලා ගියාට ලංකාව පුරාම පහුගිය දවස්වල විවෘත කිරීම් කරගෙන ගියා. බාගෙට ඉවර කරපු තවත් ගොඩනැගිලි ගණනාවකම මෙහෙම කරලා තිබෙන බව ඒ ප්‍රදේශවාසීන් දන්නවා. මේකේ තියෙන ඵලක හදන්න බාරදීල තියෙන්නේ එකම ආයතනයකට. කෝටි 2ට වඩා වැඩි කොන්ත්‍රාත්තුවක්. එකම ආකෘතිය-විජේකලාගෙ නම වැටුනේ ඒ විදියට-එයා මේ පාසල් කොහේ තියෙනවද දන්නෙත් නැහැ. මේ ඔක්කොම කලේ ඡන්දෙන් පස්සේ මෙයාලගේ නම දමාගන්න බැරිවෙන බව දන්න නිසා.
ඒ කියන්නෙ කොළඹට කිරි ගමට කැකිරි කතාව ඇත්තයි