(යොහාන්භාසුර)
රට තුළ ඉන්ධන හිගයක් ඇති වන බවට මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශයක් කළ ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ආනන්ද පාලිත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (සී.අයි.ඩී.) අද (21) පස්වරුවේ සිය බාරයට ගත්තේය.
වැලිසර ප්‍රදේශයේ පිහිටි ඒ මහතාගේ නිවසේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් මෙසේ ඔවුන්ගේ බාරයට ගෙන තිබේ.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියකු පැවසුවේ ආනන්ද පාලිත මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිත බවයි.
ශ්‍රී ලංකාව සතුව තවත් දින 11 කට පමණක් ඉන්ධන තොග ප්‍රමාණවත් බවත් ඒ අනුව ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවත් ආනන්ද පාලිත මහතා එම මාධ්‍ය හමුවේ පැවසූ අතර ඊට පසු දින ජනතාව ඉන්ධන පිරවුම්හල් ඉදිරිපිට දැඩි පෝලිම්වල දැකිය හැකි විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ මනුස්සයගේ කතා විශ්වාස කරලා පෝලිමේ ඉඳලා වාහනවලට තෙල් ගහගත්තු අයට අද උදේ පෝලිම් නැති ෂෙඩ් දැක්කාම මොනවා හිතෙන්න ඇත්ද?
මම යූටියූබ් එකේ වීඩියෝ එකක් දැක්කා ගාමන්පිල කිව්වා දින 111 ක ඉන්ධනත් තියෙනවා කියලා.
ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ජාතික සේවක සංගමය පමණක් නොව ඔවුන්ගේ වාසියට පමණක් තිබෙන්නාවූ අනේකවිද යුනියන් නිසා රට දියුණු කිරීමට නොහැක. ජනතව මේවන විට යුනියන් මාෆියාව සමග උරණව සිටි. ජාත්‍යන්තර සම්මුතීන්ට අනුකුල නොවන අනෙක් සියලු යුනියන් විසුරුවා හැරීමට රජයට බලය ඇත
දේශපාලකයන් මෙන් මහජන මුදලෙන් යැපෙන අයතන අකාර්යක්ෂම කරන පිං පඩි ගන්න කණ්ඩායම හදුනා ගනිමු
අපේ අයට අත නොතබනු මිට ඒ දණ්ඩේ යන්නට බැරි පුතානෝ සහ දියව් දියව් කුමාර.... මෙවන් අසීරු අවස්ථාවකදීත් තමන්ගේ දේශපාලන වාසි ගැනුමට උත්සහ කල මොහුට උපරිම දඩුවම් ලැබේවා.....
ජාත්‍යන්තර ප්‍රමිතීන් අනුව යුනියන් පිහිටුවා තිබ්බෙනම් පොලිසියට මොවුන්ව අත් අඩංගුවට ගැනීමට තිබෙන්නවූ හැකියාව අඩුය. පොලිසිය එසේ අත්අඩංගුවට ගතහොත් ජාත්‍යන්තර සහයෝගය පවා යුනියන් සදහා ලැබේ. ලංකාවේ ප්‍රමිතිය ඉල්ල හඩනගන යුනියන් ප්‍රමිතීන් අනුව පිහිටුවා තිබේද
මෙලොව මිලකළ නොහැකි වස්තුන් වලින් එක්ක තමයි මව්කිරි...
මෙයා කියලා තියෙන්නේ බොරුවක් නම් මෙන්න මේ වගේ ය තමයි රට ගිනි තියන කොරෝනා වලට වඩා දරුණු වයිරස්
ඒකෙන් උනේ තවත් දහස් ගණනකට පොසිටිව් උන එක .මෙයාගේ කට නිසා මාළු නැහෙනවා
ශ්රී ලංකා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14.1 යටතේ ඇති භාෂණයේ නිදහස වගන්තිය අනුවත්, අත් අඩංගුවට ගැනීමේදී අනුගමනය කල යුතු යම් නීතියක් ඇත්නම් ඒ අනුවත් මෙම අත් අඩංගුවට ගැනීම මුළුමනින්ම නීති විරෝධිය. ෆැසිස්ට් පාලනයක් බව ඔවුන් විසින්ම ඔප්පු කර ඇත. එය අධිකරණය මගින් විසඳාගනු ඇත. එහෙත් මොවුන්ට මේ ආකාරයට වැඩිදුර යාමට අප ඉඩ නොදෙන අතර ඒවායේ ප්‍රතිපල වලට මුහුණ දීමට සුදානම්ව සිටින ලෙස ජාත්‍යන්තර ප්‍රජාවද ඔවුන්ට දැනුම් දෙනු ඇත. ප්‍රකාශය වැරදි නම් කල යුත්තේ එය නිවැරදි කිරීම මිස මිනිසුන් අත් අඩංගුවට ගැනීම නොවේ. ඔවුන් ත්‍රස්තවාදීන් නොව ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ය. තරාතිරම අදාලම නැත. වැපිරිය යුත්තේ නෙලාගන්නද බලාගෙන බව ඔවුන් මතක තබා ගත යුතුය.
පලමු දවසේම බොරු ප්‍රචාරවලට හරි දඩුවමක් දුන්නනම් ඔහොම වෙන්නේ නැහැ
ඇත්ත කියන්නයි බිම ඉදගන්නයි ලැජ්ජා වෙන්න එපා කියලා තියෙනවා කට හින්දා මාලුවා නැහෙනවාලු. දැන් ලොක්ඩවුන් නිසා ඉන්ධන පාවිච්චිය අඩුනිසා දින දහයකට වැඩි කාලයකට ඉන්ධන ඇතිවේවි. මෙයාගෙ කතාව බොරු වේවි.
දැං ඉතිං කෑ ගහන්න එපා වෘත්තිය සමිති නායකත්වය ට හිරිහැර කරනවා කියලා. අසත්‍ය ප්‍රකාශ කරල මිනිස්සු අපහසුතාවයට පත් කරන නායකයො ජනතාවගෙ හතුරො. එයාලට විරුද්ධව ක්‍රියා කරන්න ඕන
පොදු ජනතාවගේ මානසික පීඩනය වැඩි කිරීම අපරාධයක්. කෙසේ හෝ රැකියාවට යාමට මාසෙ අන්තිමට ගෙදර ඉතිරි සොච්චම සයිකලේ ටැංකිය පුරවලා රට අගූලු දාපු නිසා පොඩි උන්ගෙ බඩ පුරවන්නේ කොහොමද කියලා හිතාගන්න බැහැ. දැන්.
කොහොමත් ලිංමැඩියන් සියල්ල දත් අය වගේ කරන ප්‍රකාශ නිසා ජනජීවිතයට අවුලක් වෙනවා. යන්ත්‍ර ක්‍රියාකරුවකු වූ පලියට, පිරිමි නර්ස් කෙනෙක් වූ පලියට, රසායනාගාර පරීක්ෂකවරයකු වූ පළියට, ගුරුවරයකු වූ පලියට තමන් සියල්ල දන්නවා යැයි සිතන, තමන්ට රටක් ක්‍රියාකාරවන්න තරම් දැනුමක් ඇතැයි සිතන මිනිසුන්ගේ හරසුන් ප්‍රකාශ ජනතාව වැඩිය සිතට නොගත යුතුයි. ඒ වගේම මේ වගේ අවස්ථාවක ඊට එරෙහිව නීතියත් දැඩිව ක්‍රියාත්මක කළයුතුයි. ඒ අය හිතනවා තනි තනිව තමන් තමයි ඉහළම, තමන්ගේ විෂයය විතරයි වැදගත් වෙන්නේ කියලා. අධිකරණයත්, පොලිසියත් ඔවුන්ට විධිමත් පරිදි කියා දිය යුතුයි. ඔවුන් මේ සමාජයේ තවත් එක කොටසක් පමණක් බවත්, ඔවුන්ගෙන් පරිබාහිර විශාල වශයෙන් සමාජ කොටස් ජීවත් වෙන බවත්, තීරණයක් ගැනීමේදී ඒ සියළුම කොටස් වල අදහස් වැදගත් වන බවත්, මෙවැනි ව්‍යසන වලදී නීතිය වුවද රැකිය යුත්තේ සමාජයීය ආරක්ෂාව මිස තනි පුද්ගල අයිතිවාසිකම් නොවේ.
මේ වගේ බොරු කාරයින්ට උපරිම දඬුවම් දෙන්න ඕන ජනතාව අවුස්සනවට.
කවුරු ඇත්ත කියනවද, කවුරු බොරු කියනවද කියලා දෙයියො තමයි දන්නෙ