(ඩයනා උදයංගනී)
බොරැල්ල සියලු සාන්තුවරයන්ගේ දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධ පරීක්‍ෂණවලදී ආණ්ඩුව හා පොලීසිය එක්ව නාටකයක් රඟ දක්වන බව පෙනෙන්නේ යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
එම සිද්ධියේ සත්‍යය හෙළි කරගන්නා තුරු සටන් කරන බව කී කාදිනල්තුමෝ පොලීසිය අත්අඩංගුවට ගෙන සිටින ‘මුනි’ නැමති සැකකරු ඇතුළු පිරිසට සාධාරණය ඉටුකරදීම වෙනුවෙන් පෙනී සිටින බවත්, ඒ සම්බන්ධව නීතීඥයන් සමඟ සාකච්ඡා කරමින් සිටින බවත් සඳහන් කළහ.
කාදිනල්තුමන් මේ බව පැවසුවේ විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සමඟ සූම් තාක්‍ෂණය ඔස්සේ පැවති සම්මන්ත්‍රණයක දීය.
එමෙන්ම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් යුක්තිය ඉටුකරගැනීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයට පමණක් නොව තමන් සමඟ සබඳතා පවත්වන බලවත් රටවල් වෙත ද ගොස් සහය ලබාගැනීමට බලාපොරොත්තු වන බව කොළඹ අගරදගුරුතුමෝ පැවසූහ.
බොරැල්ල දේවස්ථානයේ බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුව හා පොලීසිය නාටකයක් කරන බව පැහැදිලිව පෙනෙන්නේ යැයි කී කාදිනල්තුමෝ බෝම්බය හමුවූ දින සවස්වරුවේ සී.සී.ටී.වී දර්ශන පරීක්‍ෂා කිරීම ප්‍රමාණවත් බව පොලීසිය කියා තිබුණත් උදෑසන දර්ශන නරඹන ලෙස තමන් පියතුමන්ලාට දැනුම් දුන්නේ ඒ නිසා බව ද ප්‍රකාශ කළහ.
මෙය මුනි නැමැත්තා මත පටවා අත සෝදාගැනීමට පොලීසිය උත්සහ කළ බව කී කාදිනල්තුමෝ එවැනි දේ වීමට ඉඩදිය නොහැකි බවත්, අධිකරණය ගැන විශ්වාසය තබා පොලීසිය කළ වරද අධිකරණයේදී නිවැරදි කරවීමට කටයුතු කරන බවත් පැවසූහ.
මේ ගැන පරීක්‍ෂණ අවසන් වන්නටත් පෙර මෙය මෙන්ම නාරාහේන්පිට රෝහලක තිබූ බෝම්බය එකම අයෙක් තැබූ බව පොලීසිය භාර ඇමතිවරයා ප්‍රකාශ කිරීම ගැටලුවක් බවත්, පොලීසිය මිනිස්සුන්ට තර්ජනය කර ප්‍රකාශ ගෙන ලබාදීමට යන යුක්තිය පිළිනොගන්නා බවත් කාදිනල්තුමෝ කීහ.
එමෙන්ම පාස්කු ප්‍රහාරයට සාධාරණයක් ඉටුකරගැනීම සඳහා තමන් හා සම්බන්ධව කටයුතු කරන තිදෙනකුට ඉදිරියේදී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකත්වය ලැබෙන බවත් ඒ අනුව මේ මස අවසානයේ පමණ සිට එම සංවිධානය ඍජුව ගණුදෙනු කිරීමට අවස්ථාව හිමිවන බවත් කී කාදිනල්තුමෝ වින්දිතයන්ට යුක්තිය සොයාගෙන යන ගමනේ දී එය මහත් රුකුලක් වනු ඇතැයි ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාදිනල්තුමා හදිස්සි වෙන්න එපා.. සර් ඔක්කොම කරලා දෙයි... මහජාතිය අවුස්ස ගන්න බැහැ දැන්ම...
අනේ මන්දා...! දැන් අපි හොල්මන් වෙලා..
මේ ආණ්ඩුව විතරක් නෙමෙයි කාදිනල්තුමෝ මෙතෙක් පැවැති හැම ආණ්ඩුවක්ම කලේ නාටක රඟ දැක්වීමම තමයි. නළු නිළියන් මාරු වුණාට, නාටකයේ නම වෙනස් වුණාට පොඩි පොඩි වෙනස්කම් ඇතුව මේ හැමෝම රඟ දැක්වූවේ එකම නාටකයම තමයි.
කාදිනල්තුමාගේ ප්‍රකාශය නම් රට වලපල්ලට යවන්න වගේ තේරෙන්නේ. සැකකරුවා වෙනුවෙන් සාධාරණය සඳහා පෙනී සිටිනවලු. පොලිසිය සහ ආරක්ෂක ආයතන පිළිබඳව ඔයතරම් අවිශ්වාසයක් ඇතිනම්, ඇයි අපේ පොදු මූල්‍ය මොවුන් වෙනුවෙන් වියදම් කරන්නේ..? ඒගොල්ලන්ගේ ආරක්ෂාව, ඒ අයටම බලාගන්න කියන්නකෝ... අපිට පව් නොදී..!
ඉතින් සටන් කරන්න. මේ කියන හාදයා පල්ලියේ අවුරුදු ගණනක් සේවය කළාලු. ශ්‍රීමත් ප්‍රේමදාසට බෝමබ පුපුරවපු බාබු බොහෝම කාලයක් ශ්‍රීමත් ප්‍රේමදාසගේ කීකරු ගෝලයෙක් බව අමතක කරන්න එපා. පාස්කු බෝම්බේ පුපුරවන බවක් ක්‍රිස්තියානි කාරයෝ දැනගෙන කාදිනල්ට කිව්වේ නැතිකොට මේවා දැනගන්න ලැබෙයිද? කාදිනල් උන්නාන්සේ හැමදේ ගැනම සැකෙන් බැලුවාට බයිබලයේ තිබෙන දේවල් දේව භක්තියෙන් බාරගන්නවා නේද? පොලිසිය ක්‍රියා කරන්න ලැබෙන සාක්ෂි අනුවයි. කාදිනල්ට පුළුවන් නිදොස් නම් මෙයාව නඩුවෙන් බේරා ගන්න.
කාදිනල් සෑහීමකට පත්වෙන්නේ එයා හිතන මිනිස්සු නඩුවලට පැටලුවොත් විතරයි.
දැන් නම් පේන හැටියට ඔබ වහන්සේ අලුත් නාටකයකට කැස කවනවා වගේ...
හරියට හරි.. නමුත් අපේ මෝඩ ජනතාවට මේක තේරෙන්නේ නැහැ.
කාදිනල්තුමාට දැන් තේරිලා වගේ මේ විෂකුරු සර්පයින්ගේ තරම? අපි දන්නා සර්පයින්ගේ දලෙහි පමණක් විෂ තිබුනත් මේ කුරිරු සර්පයින්ගේ ශරීරය පුරාම තියෙන්නේ විෂ. අර අහක යන නයි ලෝගුව අස්සේ දාගෙන ඉඳලා දැන් මෙතන කනවෝ කනවෝ කියලා කෑ ගහනවා නේද? ඔබතුමාට මතකද, එදා පුහු දේශප්‍රේමයක් ඔලුව උඩ තියාගෙන ජාත්‍යන්තරයට හා බටහිර රටවල් වලට සද්දේ දැම්මා. අන්න ඒවාට ප්‍රතිඵල තමයි දැන් මේ විඳවන්නේ. නොමග ගොස් නොදැන කළ ඒ පව්වලට දණ නමාගෙන ඒ රටවලට ගොස් උපකාර ලබා ගන්න. ලංකාවේ මේ බෝම්බ මහමොලකරුවන්ගෙන් නීතිය ඉල්ලලා විගඩම් නාට්‍යය නරඹනවා හැර වෙනනම් යමක් ලැබෙන්නේ නැහැ. මොනවා කීවත් මමත් ඔබතුමා සමගයි. ප්‍රවේශමෙන් මේ සටන කරගෙන යන්න. ඔබ ඇතුළු කතෝලික ජනතාව පමණක් නොවෙයි, මේ රටේ සමස්ත ජනතාවටම ඉතිරිව ඇත්තේ,දෙවියන්ගේ ආරක්ෂාව පමණයි.
මියගියේ අහිංසක මිනිස්සු බව අමතක වෙලා ගොඩක් අයට... මෙහෙමත් රටක්.. දුකයි.. !
කාදිනල් තුමා කෙරෙහි තිබූ විශ්වාසය පලුදු වෙමින් පවතිනව ඔබතුමා බොරැල්ලේ පල්ලියේ බෝම්බ තැබීම පිලිබඳ කරන ප්‍රකාශ වලින්. තවමත් පරීක්‍ෂණ පැවතෙමින් තිබියදී ඔබතුමා සැක කරුවන් බේරාගැනීමට ඉදිරිපත් වීම පුදුමයට කරුණකි.
දැන් මේක ඕනැවට වැඩිද මන්දා..!
හැමෝගෙම නාට්‍ය තමයි.
අපේ රටේ ආණ්ඩු හා පොලිසි මේ දක්වා කළේත් ඉදිරියට කරන්නේත් රඟ දැක්වීම බවත් එය මොකද්ද කියාත් කවුරුත් දන්න දෙයක්, බලන්න පැය 24 පුරාවට විදුලිය දෙන හැටි. අමුතුවෙන් මෙතුමා කියල දෙන්න අවශ්‍ය නැහැ. ඒත් අපිට ප්‍රශ්නය දැන් දැන් අති උතුම් මෙතුමා දක්වන රඟපෑම හා හදිස්සිය මොකද්ද කියන එකයි.
කාදිනල්තුමෝ, පර්සියානු කියමනක් තිබෙනවා මෙහෙම. හූ ඉස් ඉන් ෆෝල්ට් සස්පෙක්ට් එව්රිබොඩි. වරදක් ඇති කෙනා හැමදෙනාවම සැක කරනවා කියලා...