IMG-LOGO

2025 ජනවාරි මස 22 වන බදාදා


ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා

(චන්ද්‍රසේන ගමගේ)
 

මේ වනවිට වත්මන් රජය හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අක්කර 6500ක් චීනයට හා සයිප්‍රසයට විකිණීමට සූදානමින් සිටින බවත්, මේ රටේ ජනතාවගේ පාරම්පරික බිම් කඩවල් සුද්දන්ට විකුණා දැමීමට එරෙහිව හම්බන්තොට ජනතාව සමග පාරට බහින බවත් සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (30) සවස හම්බන්තොට මයුරපුර ප්‍රදේශයේ පැවති ජනහමුවකදී පැවසීය.

‘‘කොකෝවා වැවීම සඳහා තිස්සමහාරාම ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ඉඩම් අක්කර 1500 ක් සයිප්‍රසයට දෙන්න හදනවා. ඒ වගේම හම්බන්තොට වරාය විකුණා දැමීමෙන් නොනැවතුණු ආණ්ඩුව හම්බන්තොට ජනතාවගේ ඉඩම් අක්කර  5000ක් චීනයට පවරන්න සැලසුම් සකස් කරමින් යනවා. මේ වන විට මහවැලි බලප්‍රදේශයට අයත්ව තිබූ ඉඩම් ආණ්ඩුව නාගරික සංවර්ධන අධිකාරියට පවරා තිබෙනවා. කරගහමුල්ල, ආරබොක්ක, සල්මල්යාය, කටුවැව යන ගොවිබිම් ප්‍රදේශවල ජනතාවගේ ඉඩම් මේ අනුව ජනතාවට අහිමි වී යාමේ අවධානමක් තිබෙනවා‘‘ යැයි පැවසීය.

‘‘මේ ආණ්ඩුව මේ රටේ භාරකාරයෝ මිසක් අයිතිකාරයෝ නෙමෙයි. රනිල් වික්‍රමසිංහ හිතාගෙන ඉන්නේ මේ රට එයාට සින්නක්කර ඔප්පුවකින් ලියලා දීලා කියලා. මේ ගොල්ලෝ සමහර විට බලයේ ඉන්නේ තව මාස 4ක් පමණයි. මේ ආණ්ඩුවට බලයක් දීලා තියෙන්නේ අවුරුදු 5කට පමණයි. එහෙම බලයක් දීපු ආණ්ඩුවක් කොහොමද බහුජාතික සමාගම් වලට මේ රටේ ඉඩම් සදාකාලිකව විකුණන්න හදන්නේ...“ යැයි වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (13)

ආණ්ඩුව හම්බන්තොට ඉඩම් සුද්දන්ට විකුණන්න හදනවා

Saman Sunday, 30 June 2019 05:56 PM

එතකොට "උප ලේඛණයේ සවිස්තරව දක්වා ඇති දේපල, එකී ගැණුම්කාර ෂැන්ග්‍රීලා හොටෙල්ස් ලංකා (ප්‍රයිවට්) ආයතනයද, එහි උරුමක්කාරයන්ට හා පොල්මඃකාරයන්ට හා ඇඩ්මිනිස්ත්‍රාසිකාරයින්ට හා ලැබුම්කාරයින්ට මෙයින් අයිතිකර, හිමිකර පවරා දෙම්හ." කියලා වික්කේ බාරකාරයින්ද? අයිතිකාරයන්ද?

:       0       1

මගේ රට Sunday, 30 June 2019 07:45 PM

225 හෙන් 200කට වඩා ඉන්නේ තිරිසනුන් ළඟවත් නැති ගති තියන අයයි... ඔවුන්ට රට නෙමෙයි, අම්මාවත්.. ළමයිනුත් විකුණන්න පුලුවන්.. තියෙන ඒවා විකුණගෙන කනවා ඇරෙන්න උන්ට වෙන න්‍යායක් ගැන හිතන්නවත් බැහැ...

:       0       0

peo Sunday, 30 June 2019 10:25 PM

ලොක්කා ගම්මිරිස් ... ගම්මිරිස් ...ගම්මිරිස්..!!!

:       0       1

හේනෙමාමා Monday, 01 July 2019 12:00 AM

1994ත් 2015ත් අතර කාලයේ ගම්පොල කුඹුරු යායක්ම රුපියල් දහස් ගණන් මිලට අන්‍ය ජාතිකයෙකුට විකිණීමට සැලැස්වූ දේශපාලුවෙක් සිටියා කියා දන්නවාද? මිලට ගත් තැනැත්තා එය ගොඩකර එම ජාතියේ අයටම මිලියන ගණන් වලට විකුණුවා කියා යුෂ්මතා දන්නවද? අහිංසකයෙකුට පැලක් අටවා ගැනීමට කුඹුරක් ගොඩකර ගැනීමට නොහැකි කාලයේ කෘෂිකර්මය ගැනම කියන යුෂ්මතා ඒ ගැන දන්නේ නැද්ද?

:       0       36

රේණුකා දමයන්ති Monday, 01 July 2019 01:49 AM

නාමල් අයියේ. කැම්පස් එකේ සීනියර් අයිය කෙනෙක් විදියට එදා අපි දුටු ඔයා අද දකිද්දි ඇත්තටම කණගාටුයි. ඡන්දෙ එපා කියල උසාවි ගිහින් මේ ආණ්ඩුව ‍රැකගත්තෙ ඔයාගෙ ලොක්කො. දැන් විලිලැජ්ජැවක් නැතුව තමන් රැකගත්තු ආණ්ඩුවෙ වැරදි කියන්න වෙලා නේද.

:       0       47

Anu Monday, 01 July 2019 03:05 AM

බයිලා.... තමන්ගේම ආණ්ඩුවක් තියාගෙන අපට වැදී බණ කියනවා. මිනිස්සුන්ව රවට්ටන්නේ නැතිව හාමුත් එක්ක කතා කරලා බලන්න.

:       1       42

shan Monday, 01 July 2019 04:25 AM

එතකොට ශැංග්‍රිල්ලා හෝටල සමාගමට අක්කර 1400ක් දෙනකොට එ්ක පාරම්පරික ඉඩම් නෙවේද? දණ්ඩ ඇහැරුනේ අනෙක් පළාත්වලත් ඉඩම් පිටරට වලට දුන්නේ තමුන්ගෙන් අහලද විල්පත්තුව කැලේ කපාගෙන මුස්ලිම් ගම්මානවලට දුන්නේ තමුන්ගෙන් අවසර අරගෙනද? එදා පාරට බහින්න පාරක් තිබුණේ නැද්ද?

:       33       0

Nimal Monday, 01 July 2019 06:10 AM

එතකොට ගෝල් ෆේස් එක? එක විකුණලා නැද්ද?

:       1       8

sana Monday, 01 July 2019 06:22 AM

එක වෙලාවක කියනවා නාගරික සංවර්ධන අධිකාරියට පවරලා කියලා,ඊට පස්සේ කියනව චීනයට දෙනවා කියලා, ඊටත් පස්සේ කියනවා බහු ජාතික සමාගමකටලු දෙන්නෙ කියලා. ඇත්තක් නම් කියන්නෙ මෙහෙම පරස්පරයක් එන්නේ කොහොමද?

:       0       13

Rata Perata Monday, 01 July 2019 06:43 AM

මහින්ද අක්කර 10000 ක් සින්නක්කර දෙනකොට ඔය කට වහගෙනද හිටියේ?

:       155       109

sarath perth Monday, 01 July 2019 09:47 AM

රට කරවන කවුරුත් එකයි...... මුන්ට පාඩමක් උගන්වන්න එකෙක් නැහැනේ .......

:       0       0

lanka Monday, 01 July 2019 10:10 AM

විදේශීය ආයෝජකයින්ට අවශ්‍ය ඉඩම් ලබා නොදෙන්නේ නම්, ඔවුන් රටේ ආයෝජන සිදු කරන්නේ අහසේද? අද රටේ රැකියා බිහි කිරීමට විදේශීය ආයෝජන අවශ්‍යයි. මේවා නිකම් දේශපාලන වාසි ලබා ගැනීමට කරන පුහු ප්‍රකාශන පමණයි.

:       32       1

shan Monday, 01 July 2019 10:36 AM

මොවුන් වාගේ එළොවටත්, මෙළොවටත් නැති කාලකන්නි තමයි රට වනසන්නේ... මොවුන් මේ ගොවියන් ඉස්සරහ රජ වෙන්න හදනවා. අපිත් රටේ දේපල කිසිම කෙනෙකුට දෙනවට අකමැතියි.. නමුත් මුන් මේ නැට්ට දෙපරන්දේ ගහගන රටේ ඉඩකඩම් ප්‍රකෝටි ගාණක අක්කර දහස් ගාණක් ලෝකේ වටේ ඉන්න උන්ට සින්නක්කර පුදනකල බලා ඉඳලා දැන් එක එකාගේ දේශපාලන වාසි ගන්න උන්ට කඩේ යනවා...

:       18       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

කුරින්වර්කනි පාලමට ඩොලර් මිලියන 10.5 ක්
2025 ජනවාරි මස 22 116 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ කින්නියා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුද්ගලයන් ලක්ෂයකට පමණ ගමනා ගමන සහ ව්‍යාපාර කටයුතු පහසු කරවන කුරින්වර්කනි පාලමේ ඉදි


ජල සෞඛ්‍ය ගිවිසුමකට කැබිනට් අනුමැතිය
2025 ජනවාරි මස 22 111 0

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සහ IHE-Delft Institute for Water Education මඟින් ප්‍රජා වත්කම් කළමනාකරණ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


වරාය බටහිර බහලු පර්යන්තයේ උපදේශන කොන්ත්‍රාත්තුවක් පිරිනමයි
2025 ජනවාරි මස 22 268 0

කොළඹ වරාය පුළුල් කිරීමේ ව්‍යාපෘතියේ අදියර II හි බටහිර බහාළු පර්යන්ත දිය කඩනය දීර්ඝ කිරීමේ සවිස්තරාත්මක සැලසුම මෙහෙයවීම සඳහා උපදේශක සේවාව ලබා ගැනීමේ කො


විද්‍යා තාක්ෂණ ඇමැති මහාචාර්ය පදවිය ඉවත් කරගනියි
2025 ජනවාරි මස 22 1307 3

පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය ක්‍රිෂාන්ත අබේසේන මහතාගේ නම ඉදිරියෙන් සඳහන්ව තිබූ මහාචාර්ය පදවි නාමය පාර්ලිමේන්තු වෙබ් අඩවියෙන


අලුත උපන් බිළිඳා ළිඳකට දමලා
2025 ජනවාරි මස 22 206 0

තම අලුත උපන් බිළිඳා ළිඳකට දමා ඝාතනය කළ මවක අත්අඩංගුවට ගත් බව චාවකච්චේරි පොලිසිය පවසයි.


එජාප - සජබ සාකච්ඡා සාර්ථකයි
2025 ජනවාරි මස 22 870 6

එක්සත් ජාතික පක්ෂය හා සිදුකළ පළමු සාකච්ඡාව සාර්ථක බවත් ඒ අනුව පක්ෂ දෙක ඒකාබද්ධ කිරීමට එකගත්වය පළවූ බවත් සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 452 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 619 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 342 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site