(අංජුල මහික වීරරත්න)
වත්මන් ආණ්ඩුව සාර්ථකව කරන එකම ක්‍රියාව ආණ්ඩුව බාල්දු වන වේගයටම ලංකා රුපියලත් බාල්දු කිරීම බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
බිලියන ගණන් මුදල් අච්චු ගසන නිසා රටෙි ඇති තරම් රුපියල් තිබුණ ද ආනයන සඳහා ඩොලර් නොමැතිකමින් පොහොර හා ඉන්ධන අර්බුදයක් මතුව ඇතැයි කී විජයවර්ධන මහතා ආණ්ඩුව බලයට පත්වූ දින සිට රුපියල් ට්‍රිලියනයකට වඩා අච්චු ගසා ඇති බැවින් මුදලේ වටිනාකම ශීඝ්‍රයෙන් පහත යමින් තිබෙන බවද කීය.
පිටකෝට්ටෙි සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති පක්ෂ ක්‍රියාකාරීන්ගේ හමුවකට එක්වෙමින් වැඩිදුරටත් අදහස් දැක්වූ රුවන් විජයවර්ධන මහතා කීවෙි ආණ්ඩුවට ඩොලර් අච්චු ගහන්න පුළුවන් කම තිබුණා නම් "අපේ කට්ටිය "ඒකත් කරනවා යනුවෙනි.
COMMENTS
අනේද කියන්නේ? දෙපත් නයි වගේ... දිවවල් දෙකයි. 2015දී ඩොලර් එක 132.60. 2020 වෙනකොට 190... එතකොට කවුද බාල්දු වෙලා තිබුණු ආර්ථික වේගය, 02 ට බස්සලා දැන් කියනවා බාල්දු වෙලාලු.
හී ..හී.. ඉඳලා හිටලා මෙහෙම කථාත් කියනවා නේද?
ඔබතුමාලාගේ පක්ෂයේ තත්වය වගේ නෙවෙයි. ඒක නෙවෙයි දැනුත් ඔබතුමා යනකොට මයික්‍රෝ බයිසිකල් 200-300ක් යනවද? පක්ෂ භේදයෙන් තොරව මිනිස්සුන්ට ඕවා පිළිකුල් ... ආයේ කරන්න එපා.
යහපාලන වහල්ලුන්ට ඇදලා හුස්ම ටිකක් දෙන්න ඉන්නේ මෙයා විතරයි.
මේ ආණ්ඩුවටයි රුපියලටයි කලින් නේද හිටපු ආණ්ඩුවටයි, අගමැතිටයි වගේම හිටපු ආරක්ෂක රාජ්‍ය ඇමතිටයි ඔය ටික වුණේ? අන්තිමට වයිට් වොෂ් වුණේ නැද්ද?
සමහර පුද්ගලයන් මෙන්ම ආණ්ඩුවත් තම නොහැකියාව වසා ගන්නේ ලෝක ආර්ථිකයේ අනිකුත් රටවල් සමග සංසංදනය කිරීමෙන්. අපේ රටට. විතරක් නොවෙයි අසවල් රටවලුත් අපට වඩා පහලින් ඉන්නෙ කියල.ඒකනේ ආර්ථික ඔස්තාර්ල කියන්අනේ අප රටේ තමයි තවමත් තෙල් මිල අඩුයි කියල. හැබැයි ඒ රටවල ආදායම ගැන නොකියක්න ප්‍රවේසම් වෙනවා.
අවංකව සදහන් කරනවානම් මේ උන්දැ පිලිබදව අප සිත් තුල යම්කිසි ධනාත්මක හැගීම් තිබුනමුත් දැන් බලනකොට මෙයාටත් එල්ලෙන්න වැලේ වැල් නැතිව වැසිකිලියේ තිබෙන ටිෂුව් රෝලේ එල්ලිලා නේද ?
ඕක තේරුම් ගන්න අටුවා ටීකා ඕනේ නැත. කෝවිඩ් නිසා ලෝකේ බාගෙට ලොක්ඩවුන් වෙලා... අපනයන නැහැ. ආනයන නැහැ.