(අජන්ත කුමාර අගලකඩ)

ඉන්ධන මිල වැඩි කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසු පෙළ මන්ත්‍රීවරු බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ දී අද (16) පෙරවරුවේ රැස්වූහ.

ඉන්ධන මිල වැඩි කිරීම සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට විරෝධය පළ  කර ඇති එම මන්ත්‍රීවරුන් ගම්මන්පිල මහතා ඇතුළු හවුල්කාර පක්ෂවල ඇතැම් නායකයින් පසුගිය කාලයේ කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විවේචනයක්ද කර ඇතැයි වාර්තා වේ .

තෙල්මිල ප්‍රශ්නය මිළග ආණ්ඩු පක්ෂ රැස්වීමේදී සාකච්ඡා කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් එහිදී තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් ,එස්.ඒ.ඩී.ජගත් කුමාර ,ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ,මහාචාර්ය චරිත හේරත් , යන මහත්වරුන් ඇතුළු පසුපෙළ මන්ත්‍රීවරු විසි පස් දෙනෙක් පමණ ඊට සහභාගි වූහ .