IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


‘ ආණ්ඩුව නූල කැඩිච්ච සරුංගලයක් වගේ‘

(නිමල කොඩිතුවක්කු)

මේ ආණ්ඩුව කිසිදු ආකාරයේ වැඩපිළිවෙළක්, සැලැස්මක් නැති නූල කැඩිච්ච සරුංගලය වගේ එහෙට මෙහෙට පාවෙන අයාලේ යන ආණ්ඩුවක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පැවසීය.

ඉදිරි අවුරුදු තුන හොඳට කරනවා කියා ජනාධිපතිවරයා පැවසුවත් එතුමන්ට අවුරුදු තුනක සැලැස්මක් තියා මාස තුනක සැලැස්මක් වත් නෙැමැති බවත් රහුමාන් මහතා සඳහන් කළේය.

වත්මන් ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය සැලැස්මක් නැතුව මේ රට බාර ගෙන රට විනාශ මුඛයට ගෙන ගොස් ඇති බවත් තවදුරටත් බොරු බේගල් ඇදබා ජනතාව රවට්ටනවා වෙනුවට ඉදිරි අවුරුදු තුනක සැලැස්ම ඉදිරිපත් කරන්න කියා අභියෝග කරන බවත් කොළඹ මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වමින් ඔහු මේ බව පැවසීය.

 

 

 



අදහස් (12)

‘ ආණ්ඩුව නූල කැඩිච්ච සරුංගලයක් වගේ‘

පිටිගල මිලානෝ Monday, 31 January 2022 01:04 PM

නූල කඩාගෙන ගොඩක් කල්...!

:       7       10

SUNIL MILANO Monday, 31 January 2022 01:09 PM

අනේ අපරාදෙ... මෙයාලගේ යහපාලනේ මොනතරම් සැලසුම්වල් තිබුණද? කෝ ඉතින් මේ පොහොට්ටුවේ අය ඉඩක් දුන්නේ නැහැනේ. අන්තිමට බිංදුවටම බැස්සුවනේ... අනේද කියන්නේ..!

:       3       13

sharm warnMonday, 31 January 2022 03:24 PM

යහපාලනය කරපු අමන වැඩ නිසා තමයි පොහොට්ටුව උඩ ගියේ... ඒකේ තේරුම පොහොට්ටුවට ඕනෑම සක්කිලි වැඩක් කරන්න බලපත්‍රය දුන්නා කියන එක නෙමෙයි. අපි මෙහෙම හිතන එක නැවැත්තුවේ නැතිනම් අපිට කවදාවත් මේ රට ගොඩගන්න වෙන්නේ නැහැ. මේ අය අනිත් අයගේ වැරැදි කියනවා. අනිත් අය මේ අයගේ වැරැදි කියනවා. මේ අයටත්, අනිත් අයටත් වඩා හොඳින් අපි දෙකට බෙදිලා ඒ වැඩේ හොඳටම කරලා දෙනවා. වෙන්න ඕනෙ දේ ඒක නෙමෙයි.. අපි එකතු වෙලා මේ ඔක්කොම එළවන එක... කියලයි මට නම් හිතෙන්නේ...

:       2       2

මහසෙන් Monday, 31 January 2022 01:20 PM

එතකොට විපක්ෂය කොහොමද? අර ෆොන්සේකා මහත්මයා කියන්නේ බොරු වෙන්න ඇති එතකොට නේද? විපක්ෂනායක තුමාට ආයෙත් පියාණෝ ගැන මතක් කරන්න එපා කිව්වා කියලා.. ආණ්ඩුවට ගැලපෙන විපක්ෂය මොනවට වුණත්...

:       6       11

sharm warn Monday, 31 January 2022 01:22 PM

නූල කැඩිලානම් විතරක් මොකෝ.. කොලේත් ඉරාගෙන ඉන්නේ...

:       6       8

Raveendra Monday, 31 January 2022 01:49 PM

රහුමාන් අනුන්ගේ නූල් කැඩිලද? හොඳට තියෙනවද? බලන්න ඉස්සෙල්ලා තමන්ගේ තිබිය යුතු "සියලුම දේවල්" නිසිලෙස තියෙනවද කියලා... නැවත නැවතත් බලලාම අනිත් කෙනාගේ මොකක්ද කැඩුණේ කියලා බලනවා... එහෙමයි වැදගත් මිනිස්සු ක්‍රියා කරන්නේ...!

:       4       12

duplicate Ralahami Monday, 31 January 2022 01:54 PM

නූල කැඩිලා විතරක් නෙමෙයි, දැන් තියෙන්නේ පොල් අත්තක පැටලිලා හොඳ ආපු ගමන් පට්ටම විතරයි... ඔහොම යමු...! ජනතාව ඉන්නේ කට්ට පැනලා..!

:       5       8

SUNIL MILANO Monday, 31 January 2022 02:00 PM

ශාන් වර්න්ගේ ඇස්වල එහෙම දෝෂයක් තියෙනවද?

:       3       4

fairoos Monday, 31 January 2022 02:08 PM

වහල්ලුන්ට මේවා කියලා වැඩක් නෑ...

:       8       4

BamunuarachchiMonday, 31 January 2022 05:05 PM

සිංහල මිනිස්සු කටවහගෙන ඉන්නවා. හම්බයින්ට යනඑන මන් නැතිවෙලා දොඩවනවා. පව් අප්පා..!

:       1       2

කිරි පුතා Monday, 31 January 2022 04:18 PM

පවතින ආණ්ඩුව සාර්ථක වුවහොත් එය රටටයි. මොනම ආණ්ඩුවක් වුවත් අසාර්ථක නම් එහි ඵල විපාකද රටටයි. පක්ෂ බදාගෙන රට අමතක කළ ජනතාවක් කිසිදාක නැවැරැදි තීරණයක් ගන්නේ නැත. ඔවුන් රටට යහපතක් කරන්නට උත්සාහ කරන්නේද නැත...

:       1       4

Chandima Monday, 31 January 2022 05:00 PM

නූල කැඩුණාට පස්සේ තමයි වැඩ පෙන්නන්නේ... රහුමාන් මහත්තයලාට කිව්වට ඕවා තේරෙන්නේ නැහැ.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 351 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site