(ඩයනා උදයංගනී)
ඉදිරියේදී ආණ්ඩුව දෙදරා යනවාද නැද්ද යන තීන්දුව රැඳීඇත්තේ ප්‍රධාන පක්‍ෂයේ අයගේ හැසිරීම මත බවත්, සෙසු පක්‍ෂ රඳවාගැනීමේ අවශ්‍යතාවයක් ඔවුන්ට තිබෙනවා නම් ‘එළියට යන්නැයි’ නොකියා කටවල් පාලනය කරගත යුතු බවත්, එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ වන විට රට තුළ මතුව ඇති පොහොර ගැටලුව, චීන පොහොර නෞකාවට ගෙවීමක් කරන්නට සිදුවීම හා පොහොර ගෙන්වීමේදී වංචා දූෂණ සිදුවී ඇත්ද ආදිය සෙවීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසමක් පත්කරන්නැයි තමන් ජනාධිපතිවරයාට යෝජනා කරන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, විශ්‍රාමික විනිසුරුවරුන්ගෙන් හා මේ පිළිබඳ විශේෂඥයන්ගෙන් සමන්විත පූර්ණ බලැති කොමිසමක් මේ සඳහා පත් කළ යුතු බව කී ඇමතිවරයා කාබනික පොහොර කෑන් පිපිරීම, පොහොර යෙදූ ගොයම බල්ලන් කෑම ආදිය සොයා වරදක් වී ඇත්නම් වැරදි කළ අයට දඬුවම් දිය යුතු බව ද කීවේය.
ඇමති මහින්ද අමරවීර මහතා මේ බව පැවසුවේ පරිසර අමාත්‍යාංශයේදී අද (16) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
පොහොර නෞකාවට මුදල් ගෙවීම සිදුකරන්නේ නැවත ප්‍රමිතියෙන් යුත් පොහොර ලබාදීමේ එකඟතාව මත බව කෘෂිකර්ම ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසුවේ යැයි කී ඇමතිවරයා එසේ නොවන්නේ නම් ඊට වගකිවයුත්තන්ගෙන් එම මුදල අයකරගත යුතු බව ද පැවසීය.
මේ වන විට ගෑස් පිපිරීම් හේතුවෙන් බොහෝ දෙනකු බියට පත්ව සිටින බව කී අමරවීර මහතා තමන්ගේ නිවසේ ඉවුම් පිහුම් කරන තැනැත්තා ද ආරක්‍ෂක හිස් වැස්මක් ඉල්ලූ බව සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
737
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
361
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
ආණ්ඩුව දෙදරනවාද නැද්ද යන්න තීන්දුව ප්‍රධාන පක්ෂය අතේ
Nuwan Thursday, 16 December 2021 04:16 PM
රටේ කරුමෙට දේශපාලනේට ආපු මිනිස්සු..!
fairoos Thursday, 16 December 2021 05:20 PM
ඊළඟ ඡන්දෙ එනකොට පරිප්පු වල මිල අඩුකළාම අපේ මෝඩයන් මොවුන්ටම ඡන්දෙ දෙයි...