(අජන්ත කුමාර අගලකඩ)
ආණ්ඩුව ඇතුළේ ප්‍රශ්න ඇතුළේම සාකච්ඡා කර විසඳාගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් ගෙන් ඉල්ලීමක් කර ඇත.
ජනාධිපතිවරයා මෙම ඉල්ලීම කර ඇත්තේ ජනාධිපති මන්දිරයේ ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේදීය
ඇතුළේ ප්‍රශ්න පිටතට ගොස් විවේචනය කිරීම සුදුසු නොවන බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කර ඇත .
කාබනික පොහොර වගා වැඩසටහන හැට නව ලක්ෂයක් ජනතාව අනුමත කළ, සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ අන්තර්ගත එකක් බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත .
මෙම රැස්වීමේදී අදහස් දක්වා ඇති වරාය ඇමති රෝහිත අබෙිගුණවර්ධන මහතා ඇතැම් පිරිස් ආණ්ඩුවවෙි සිටිමින් එළියෙදි ආණ්ඩුව විවේචනය කිරීම අනුමත කළ නොහැකි බව පවසා ඇත
ඊට පිළිතුරු දී ඇති ජල සම්පාදන ඇමති වාසුදේව නානායක්කාර මහතා විවේචනය හවුල් ආණ්ඩුවලට අලුත් දෙයක් නොවන බව සඳහන් කර ඇත.
ආණ්ඩුව යහපත් මගකට ගැනීමේ අරමුණින් කෙරෙන විවේචන සාධනීය ලක්ෂණයක් බව පෙන්වා දී ඇති ඇමැතිවරයා 1970 සිටම තමා එය අත් දැක ඇති බව ද පවසා ඇත .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වතුර යට බෝල හංගන්න බැරි බව දන්නේ නැද්ද.?
අමුතුවෙන් දෙන්න දෙයක් නැහැ. රටම දන්නවා.
ජනාධිපති සහ ආණ්ඩුව ඉතා දුර්වල රංගනයක නිරත වෙනවා තාම ඔවුන් රට ජාතියට හිතැති, දේශප්‍රේමයෙන් උතුරා ගිය, රට දිවි හිමියෙන් රකින්න පැමිණි වීර පුතුන් පිරිසක් කියා පෙන්වීමට. හැබැයි මොවුන් සියළු දෙනාම රෑ ඩැනියෙල් දවල් මිගෙල් බඳු චරිත. ස්ටේජ්වල, මාධ්‍ය ඉදිරියේ පපුවට ගසා ගනිමින් බොරු ජාති ආලයක් මැව්වට, දොර ජනෙල් වැසූ සීත කාමර තුල රට සහමුලින්ම විකිණීමට සියළු පිඹුරුපත් සකසා අවසන්. කිසිම විදේශ බලවේගයකට යටත් වෙන්නෑ කියලා වහසි බස් දෙඩුවට, චීනය, ඉන්දියාව, ඇමරිකාව ඉස්සරහ සිටින්නේ සම්පූර්ණයෙන්ම දණින් වැටීගෙන.
ආණ්ඩුවේ ගින්දර ගැන නෙමෙයි මිනිස්සුන්ගේ බඩේ ගින්දර ගැන හිතුවොත් නරකද
පිටට නොදුන්නත් ඒ උෂ්ණයෙන් රටම දැවෙනවා.
ගිණි දෙයියානේ ඉතින්.
පිටට දෙන්න දෙයක් නැහැ. දුම යනව පේනවා.
විපක්ෂය නැමති පැට්‍ර්ල් වර්ගයේ හිගයකුත් තියෙද්දි ගෙයි ගිනි පිටට දුන්නට වරදක් වෙන්න බැහැ
බය වෙන්න එපා. මේ දහයේ කල්ලිය එළියේ විවේචන කලාට ආණ්ඩුවෙන් එලියට යන්නත් නැහැ, ඔවුන්ගෙන් ආණ්ඩුවට කිසිම හානියක් වෙන්නත් නැහැ, ඡන්ද විමසීමක් ආවොත් ඔවුන් අත් දෙකම පමණක් නොවේ කකුල් දෙකක්ම උස්සල සහයෝගය දෙවි. ඔවුන් ආණ්ඩුවෙන් එලියට ගියොත් ඔවුන්ට පැවැත්මක් නැති බව ඔවුන් හොඳටම දන්නවා. අනික ඔවුන්ගේ ෆයිල්ස් ඇති නේ.
ජනාධිපතිතුමා නිවැරදියි.. ඔහුට විපක්ෂයට යා හැකියි.
ඒ කියන්නේ ඇතුලේ ගින්දර තියෙනවා කියලා..
ඕක කිව්වත් නොකීවත් ආණ්ඩුව මානසික රෝහලක් බවට පත්වෙලා හුඟකල්.
අපි ඊළග වතාවෙ එක් එක් වාක්‍යයට ඔය ප්‍රතිපත්තිප්‍රකාශනයට කැමැත්ත දෙන ක්‍රමයක් හදමු. ඔයාව තේරුවා කියන්නේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 100%ක් අනුමත කළා කියන එක නෙමෙයි. ප්‍රතිපත්ති ප්‍රකාශනය නිල නොලත් ලියවිල්ලක්. නමුත් මහජන විරෝධයක් ඇති බව පැහැදිලිවම පේනවා. එක්කෝ ජනමත විචාරණයක් තියන්න. නැත්නම් ජන මතයට ඇහුම් කන් දෙන්න. ඒකාධිපති බලතල අතට ගන්න හදන්න එපා. මේක ඔයා භාරකාරයා විතරයි. අයිතිකාරයා නෙමෙයි. රටේ අත් කකුල් ජීවිත පරිත්‍යාග කරල රැක ගත්ත බෞද්ධයාගේ මුදුන් මල් කඩ බදු දළදා වහන්සේ - ඒ ගෞතම බුදුරදුන්ගේ දන්ත ධාතූන් වහන්සේ පවා වැඩ සිටින රට. මේකෙ එක කෙනෙක්ට කරන්න පුලුවන් දෙයක් නෙමෙයි. නායකයා කියන්නේ හැම එකටම අත දාලා ඒක තමන්ට ඕන ඕන පදයට නටවන නයි නටවන්නෙක් නෙමෙයි. වැදගත් විදියට රට වැසියන්ට සලකන්න. සත්තුන්ට වගේ නැතිව. ගරු කරනවා, රටට කළ මෙහෙයට සහ වැදගත් විදියට ජීවත් වෙන එකට ඔබට. නමුත් ඒකෙ තේරුම සියලු බලතල ඔබගේ කියන එක නෙමෙයි. අයිය වරද්ද ගත්ත තැන මල්ලිත් වරද්ද ගනී වගේ ඔහොම ගියොත්. මිනිස්සුන්ට කන්න නෑ. බතල අලයක් වගා කරවන්න දෙපැයේ එක වැඩසටහනක් යනවාද රාජ්‍ය නාලිකාවකවත්? රටේ මිනිස්සු ධෛර්යමත් කරවන්න!
ඇතුලේ ගින්දර තියාගෙන ජනතාවට මේ දුන්න බඩේ ගින්දර නම් දැන් හොඳටම ඇති, ඡන්දයක් ලං වෙන්නේ කවද්ද කියලා තම ඉන්නේ.
ඇමරිකාවේ ඉඳලා ලංකාවට අවේ අපිට මෙහෙම කරන්න නේද.? ඒත් දැන් කාටද ඒක සිද්ධ වෙලා තියෙන්නේ.
ඉස්සෙල්ලාම ජාතිය අමතලා පරිප්පු සැමන් මිල අඩුකලා. දැන් කියනවා ඔහුව පත්කලේ ඒකට නෙවෙයි කියලා.....! ඔහුත් නොදන්නෙය ඔහු යන මානය.... උන්හිටිතැන් මතකය අඩමානය.....! කපුගේ ගීතයෙන් කීවේ මේවගේ අය ගැනයි....
වාසු ඇතුළු ඔය සෙට් එක ගාව ගත්තොත් ඔහොම තමයි. දැන් හදන්නේ ආණ්ඩුව බය කරගෙන තමන්ගේ පැවැත්ම ශක්තිමත් කරගන්නයි. ඒ අය ලෑස්ති වුණේ රටේ ජනතාව ට කියන්න. කියලා තනියෙන් ඡන්ද අරන් පෙන්නන්න ඉඩ හැරියා නම් ජනතාව දක්වන ප්‍රතිචාරය කුමක්දැයි බලන්න තිබුණා. අනිත් කාරණේ ඡන්දදායකයා කාබනික පොහොර යොදා කෙරෙන ගොවිතැන අනුමත කරාට, මේ විදිහට එක්වරම කරන්නට ගොස් වැඩේ අනාගන්න එක අනුමත කරේ නැහැ. කොම්පෝස්ට් වැඩේ ක්‍රමානුකූලව කළයුතු දෙයක්. උපදේශකයන්ගේ වැරදි උපදෙස් අහලා වැඩේ අනාගෙන හිටියත්, අද ඒ වැඩේ වගකීම බක පණ්ඩිත උපදේශක වරුන් ගන්නේ නැහැ. රජය හා ගොවි ජනතාව භේද කළ උපදේශකයන්ට දඬුවම් කළ යුතුයි.
ඔය 11 කල්ලිය අම්ම මුත්තේ කිව්වත් එලියට බහින්නේ නැහැ එක වෙනම කතන්දරයක් නමුත් මේ ජනපති කියන්නේ බයිලයක්. කෙරවල පිටිය ගැන සාකච්චාවක් දෙන්න කිව්වම බැහැ කියල කොන්ද පණනැති හින්ද මග ඇරලා ගියෙත් එයාම නෙවද ? එහෙම ඒ මිනිස්සු ඒ තැනට තල්ලු කර කව්ද ? අපිද ? සමහරු කියනවා මෙයාට දේශපාලන අත්දැකීම් නැහැ ඒ හින්ද වැරදි කරනවා කියල නමුත් මම අහන්නේ මැතිනිය අගමැති වෙනකොට එතුමියට තිබුන දේශපාලන අත්දැකීම මොකක්ද ? දේශපාලනය තියා කුස්සියේ අත් දැකීම් වත් එතුමියට තිබුනේ නැහැ නමුත් එතුමිය ගොඩක් හරි දේවල් කරා.
දිය යටින් ගින්දර ගෙනයමින් බලයට ඇවිත් කියන කතා.
සිරිසේනට වඩා නන්දසේන හොඳටම කරනවා
ලංකාව දේශපාලනය පැටලුනු නූල් බෝලයක්
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයේ සම්පූර්ණ වාර්තාව අපගේ අවධානය සඳහා නිකුත් කරන්න. ඇයි ඔබ එය සඟවන්නේ?
මේ අවස්ථාවේ සිරිසේන හිටියානම් මීට වැඩිය හොඳට රට පාලනය කරනවා.
මේ ගොල්ලෝ තෝරද්දී මිනිස්සු මුන්ට වහ වැටිලා හිටියේ. කිරිබත් කද්දී, උඩ පනිද්දී මම කිව්වා සතුටුවෙන්න තාම කල් වැඩියි කියලා. දැන් සැපද ?