
(අංජුල මහික වීරරත්න)
ආණ්ඩුව බලයට පත් කරන්න ඡන්දය දුන් 69 ලක්ෂයෙන් බහුතරයක් අද ආණ්ඩුව ගෙදර යවන්න පාරට බැස සිටින බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
රටේ ආර්ථිකය හදන්නට හැකි එකම විකල්ප බලවේගය එක්සත් ජාතික පක්ෂය පමණක් බවද විජයවර්ධන මහතා සඳහන් කළේය.
නැවත ශක්තිමත්ව රටේ බලවත්ම පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය පත් කිරීමේ වැඩසටහන අපි ඉදිරියට ගෙන යන බවද නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා බදුල්ල, හාලි ඇල හා ඌවපරණගම ප්‍රදේශවල පක්ෂ සංවිධාන කමිටු ඇරඹීමෙි වැඩසටහන් වලට සහභාගී වෙමින් කීය.



COMMENTS
හා...හා...රටේ ආර්ථිකය හදන ආර්ථිකය හැදූ, ජාතික ආරක්ෂාව නගා සිටවූ, කොටි ත්‍රස්තවාදය නිමා කළ, බුදු දහම නගා සිටවූ එකම පක්ෂය එ.ජා.ප. අහෝ !
අනේ පවු
හරියටම ගාණ කීවේ කොහොමද ?එහෙ මෙහෙ කරන් නැතුව
මෙයාල වැරදියට තේරුම් අරගෙන. හොඳින් බලන්න කොතරම් උද්ඝෝෂණ ස්ට්‍රයික් තිබුනත් ඡන්දය ආවම මෙයාල හිතන දේ වෙන්නේ නැහැ .
දවල් සිහින දැකීම.
මේ විකාරද..මහා ඡන ගංගාවක් වගේ 23% කට්ටිය තමා ගමින් ගමට යන්නෙ මේ..
අපි කොහොමහරි ඔයාලා ගේනවා අමු පරිප්පු කන්න.
ඔබතුමා බලයට ගෙනත් දහස් ගාණක් මෝටර් බයිසිකල් පිරිවරා යනවා. ඒකතමයි නම්බුව..
රටේ පවතින අවදානම් තත්වය ප්‍රයෝජනයට ගෙන මොහු තම ඡන්ද වැඩි කරගන්න හිතාගෙන විකාර කියවනවා. එමගින්ම පැහැදිලි වෙන්නේ පුරවැසියන්ට මොනවා වුණත් අපට කමක් නැත.. අපට ඕනෑ පට්ටියේ බලය විතරක් බව නොවේද?
ඔය හැමතැනම ඉන්නේ ජෙප්පෝ. මෙයා දවල් හීන දැකලා