(එෆ්. අස්ලම්)
ජනතා විමුක්ති පෙරමුණ විසින් ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගයට දෙමළ ජාතික සන්ධානය සහාය දැක්විය යුතු බවත් කිසිදු ආකාරයේ සහයක් ආණ්ඩුවට නොදිය යුතු බවත් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.පී.ආර්.එල්.එෆ් පක්ෂයේ නායක සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා පවසයි.
රජයට එරෙහි සෑම ක්‍රියාමාර්ගයකින්ම රජය බේරාගත් බලවේගය දෙමළ ජාතික සන්ධානය බවත් එතුළින් හෝ දෙමළ ජනතාවගේ ගැටළුවලට විසඳුම් සොයාදීමට එම සන්ධානය අපොහොසත් වී ඇති බවත් ප්‍රේමචන්ද්‍රන් මහතා කීය.
යාපනයේ පිහිටි සිය නිවසේ දී මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ අදහස් පළ කර සිටියේය.
"ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගයක් පාර්ලිමේන්තුවට 11 වැනිදා ඉදිරිපත් කරනවා.මේ විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 14 දෙනා මොනවද කරන්නෙ කියල ජනතාවට ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා.
ආණ්ඩුවට විරුද්ධව ගෙනාව සෑම ක්‍රියාමාර්ගයකින්ම ආණ්ඩුව ආරක්ෂා කරගත්ත පාර්ශ්වය දෙමළ ජාතික සන්ධානයයි. විශේෂයෙන් ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂය. දෙමළ ජාතික සන්ධානය අද වනවිට ගෙන කරන්නෙත් ඒ දෙයම තමයි. නමුත් මේ කිසිවකින් හෝ අඩුම තරමෙන් දෙමළ ජනතාවගේ මූලික කිසිම ප්‍රශ්නයකට විසදුම් සොයන්න මේ අය අපොහොසත් වුණා.
ආණ්ඩුව බේරගන්නට කලින් අඩුම ගානෙ ආණ්ඩුව මිලියන 2900ක් වෙන්කරල උතුර නැගෙනහිර පළාත්වල බෞද්ධ විහාර ඉදිකරමින් මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය මුවාවෙන් මුලතිව් දිස්ත්‍රික්කයම බෞද්ධ ප්‍රදේශයක් කිරීමේ රජයේ උත්සහාය කඩිනමින් නවතන්නට පියවර ගන්න ඕන රජයෙන් ඊට පොරොන්දුවකුත් ගතයුතුයි.
මේ විශ්වාසභංගයත් එක් අවස්ථාවක්. මේ අවසන් අවස්ථාවේදී හෝ සම්බන්ධන් සුමන්තිරන් මාවෙයි වගේ අය කල්පනාකාරීව කටයුතු කරන්නේ නම් එය දෙමළ ජනතාවටත් සුළුවෙන් හෝ තෘප්තිමත් විය හැකි ප්‍රයෝජනවත් තීරණයක් වේවි" යැයිද හෙතෙම කීවේය.
COMMENTS
හොඳ අදහසක්
හලෝ ටී.එන්.ඒ. ගෙදරගියත් තෝ නසී මගහිටියත් තෝ නසී.
අයියලා ටික කොහොම තොයිලය නැටුවත් නටන්න තියෙන්නේ පොඩි කාලයයි. අයියලා ටික මෙදාපාර තමයි ඉතිහාසයේ හොඳම පාඩම ඉගෙනගන්නේ...
මේ කාළකණ්නි හැමදාම කළේ රටට කෙලවන වැඩ.. ඔය විශ්වාසභංගෙන් ආණ්ඩුව පැරදුනොත් ජනපතියා මහින්දලත් එක්ක එකතුවෙලා ආණ්ඩුවක් හදලා ඊටපස්සේ පළාත් සභා ඡන්ද තියලා... මහ මැතිවරනෙත් තියලා.. අන්තිමේට ජනපතිවරනෙත් තියලා ආයෙමත් හිටපු හොරුන්ගේ ආණ්ඩුවක් හදනවා... ඊට පස්සේ තමයි නැත්තටම නැතිවෙන්න කෙලවෙන්නේ... පටන් ගත්තු දවසේ ඉඳන් රට වනසලා...