එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආණ්ඩුවට එක්වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කර තිබේ.
සතිඅන්තයේ දී අරලියගහ මන්දියේ පැවති ගම්පෙරළිය සහ ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා වැඩසටහන් යළි ආරම්භ කිරිමේ දී වික්‍රමසිංහ මහතා මෙම විවෘත ආරාධනාව කර තිබේ.
“එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කිරිමට මා කැමතියි. අපි එකට වැඩ කරමු. අපි එකට එකතු වුණොත් කිසිවෙකුට නතර කළ නොහැකියි” එහිදී අග්‍රාමාත්‍යවරයා කීවේය.
“අපි 2015 දී විශාල අභියෝගයක් බාර ගත්තේ. එම වසරේ දී ලෝකයේ වඩාත්ම ණයගැති වු රට ලංකාවයි. කෙසේ වෙතත් අපි ඒ දේවල් කළමනාකරණය කරලා නැවත යථා තත්තවයට ගෙන ආවා.”
අපේ සැලසුම් සියල්ල සාර්ථක කර ගැනීමට නම් අපට කිසිවෙකු පරාජය කළ නොහැකි යැයි අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් කීවේය.
(28535)
COMMENTS
ඔව් ඔව් රට කාලා නැත්තටම නැති කරලා දාන්න එකතු වෙන්න..
හාදය කඩුපුල් ආසනේ රැකගෙන සදහටම ඔලුවේ තියාගන්න තව ගැටයක් ගහන්න වගේ තෙපර බාන්නේ... 225 ම මූලික පරමාර්ථය " රටට හෙන ගැහැව්වට කමක් නැහැ අපි මොන හිවලා සමගින් හෝ එකතුවී " බලයේ හිටියොත් ඇති යන්න මේ හැම ක්‍රියාවකින්ම ඔප්පු නොවන්නේද?
ඇයි රට විකුණන්නද?
එහෙම එක්සත් ජාතික පක්ෂයෙන් පිටත සිටින මන්ත්‍රීවරු විජේදාසයි, ආනන්ද අලුත්ගමගේත් පමණයි නේ. එහෙනම් ඒගොල්ලෝ එකට එකතු වුණයි කියල රටේ ප්‍රශ්න විසඳනවද? තවත් රටට බරයි. ඇමතිකම් දෙන්නත්, ඔවුන්ව නඩත්තු කරන්නත් වෙන්නේත් මහජනයා තමයි.
අත වනල වැඩක් නැහැ පොරොන්දු උන අන්දමට දුෂිතයින්ට දඬුවම් දෙන්නේ නැතුව.
ජාතික ආණ්ඩුවත් හරි..... තව ඇමතිකම් 18 තියෙනවා.... එන්න කියලානේ ඔය කියන්නේ
මෙයාගේ දේශපාලන ජීවිතයේ රටේ ආර්ථිකයට මොනවාද කරළ තියන්නේ? එක්සත් ජාතික පක්ෂයෙන් බිහිවූ නායකවරුන්ගෙන් ඩී එස්, ඩඩ්ලි සේනානායකලා රටේ කෘෂිකර්මාන්තය වෙනුවෙන් යමක් කරල තියන්නේ. ගාමිණි මහවැලි ව්‍යාපාරයෙන් විශාල වැඩ කළා. ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතිය තිබුණා. ලලිත්ගේ මහපොළ ශිෂ්‍යත්වය තිබුණා. පොඩි පොඩි අඩු පාඩු තිබුණත්, ජේ ආර්ගේ විවෘත ආර්ථිකයෙන් රටට යමක් වුණා. මෙයා කළ එකම දේ අලෝසියස්ව පෝසත් කරළා, රවීට සුපිරි නිවාසක් අරන් දුන්නා.
ජනාධිපතිටත් නොදන්වා... කැබිනට් අනුමැතියකින් තොරව ගිවිසුම් ගහලා... ඇමරිකන් හමුදාවට එන්න ඉඩදීලා.. පුදුමේ කියන්නේ මෙතරම් භයානක, රටට අහිතකර ගිවිසුම් ගහලා රට ප්‍රපාතයට තල්ලු කරද්දිත් ඒජාපයේ අය මොහුව නායකයා කියා පිළිගැනීමයි. රට ප්‍රපාතයට හෙලන මේ අගමැති කරන ආරාධනාව පිළිගෙන මොහු සමග එකතුවන්නේ දේශපාලක හිඟන්නන් මිස දේශප්‍රේමී දේශපාලඥයින් නොවන බව දනිමු.
දැන් ඉතින් ෂුවර් එකටම විජේදාස බෑග් පැක් කරනවා ඇති අනිත් පැත්තට එන්නට...
ඔබලා එක්වෙයල්ලා, බෙදියල්ලා... අපට කමක් නැහැ. අපිවත් අපේ රටත් කාපු කාලකන්නි 225ම අපි ළඟදීම ගෙදර යවනවා...
පාර්ලිමේන්තුවේ ඉන්න තක්කඩියන් දැක්කහම ඇත්තටම මේ අයට මහත්තයාවත් කියලා කට ඇරලා කියන්න පුළුවන්ද කියල හිතෙනවා. ජාවාරම්කාරයෝ, අපරාධ කාරයෝ අන්තිමට පාර්ලිමේන්තුවේ තමයි නතර වෙන්නේ...
ගෝඨාභය මහත්තයාටවත් රටේ නායකකම දීලා බලන්න තියෙන්නේ. වැඩක් නොකර කයිවාරු ගහන එක විතරයි මෙයාලා කරන්නේ...
ඔන්න පනින රිළවුන්ට ඉනිමග තිබ්බා. දැන් බලමු කව්ද පනින්නේ කියලා..
බෑනට පක්ෂේ නායකකම දීලා පැන්ෂන් යන්න හිතන් ඉන්න නිසා එතකල් මේක ඇඳගෙන දුවන්න. මට සපෝට් එකක් දෙන්න කැමති කට්ටිය එන්න...
රනිල් කියන්නේ ලංකාව කාලා නැත්තටම නැතිකරලා හපෙත් සූප්පලා ගිලින්න අාපු කෙනෙක්... මහබැංකුව හොරකම් කළත් ඇතිවෙලා නැති බව තමයි පේන්නේ.. හරියට තමන්ට කියලා පවුලක්වත් නැති, අය දන්නේ රට කන්නයි, වැදි බණ කියන්නයි තමයි...
2015 -2018 වෙනකම් එකතුවෙලා ජනතාවට වැට් ගැහුවා... ආයෙත් ඒ සෙල්ලම කරන්නද?
වන්දි වශයෙන්ද මහබැංකුව මංකොල්ල කෑවේ?
වැඩේ කරගෙන යන්න බෑ වගෙයි නේද? එකතු වෙනවට වැඩිය හොඳයිනේ දාල ගෙදර ගියානම් පුළුවන් කෙනෙකුට කරගන්න දීලා...
අකිලව නායකයා කරනකන් අනේ පොඩි සහයෝගයක් දෙන්න කියලනේ ඔය කියන්නේ...?
කිසිම චාරයක් නැති, බල ලෝභී, මුදල් වලට කෑදර පිරිසක් ඕනෙනම් එකතු වෙයි. මේ 226ම පැටිකිරිය අපි හොඳට දන්නවා. රෑ ඩැනියෙල් දවල් මිගෙල් න්‍යාය හොඳටම රඟපානවා. ඇමති ධුර වැඩි කරන්න, මන්ත්‍රී වැටුප් ඇතුළු දීමනා වැඩි කරන්න නම් අත්දෙකම උස්සයි. හොඳ දෙයකට නම් කවම කවදාකවත් එකතු වෙන්නේ නැහැ. පුළුවන් තරම් බෙරිහන්දීලා වැඩේ වන කරලා කාලකන්නි ටික කාලය කා දමලා රජ බොජුන් වලින් බඩජාරි බඩ පුරවාගෙන අපිට කොකා පෙන්නලා යයි. ඔක්කොම එක වල්ලේ පොල්... ඔය හැම පොල් ගෙඩියේම හැඩය වෙනස් වුණාට මදය සහ රසය එකයි. මොන පක්ෂයක් ආණ්ඩු කළත් අපිට සෙතක් වෙන විදිහට වැඩ කරන්නේ නැහැ.
මහමැතිවරණයක් දීලා ජනතාවට මහජනතාවට ඔලු බක්කො ටික පෙන්වන්න අවස්ථාව දෙන්න.
බැංකුවට විදින්න කට්ටිය මදිද?
රටෙන් ගවයෝ ගේන්න..
සමනල්ලුන්ට රට ඕනෑලු හොරාකන්න...
බමුණුආරච්චි, ඔහේ නොදන්නවට, එක්නැලිගොඩ, කීත් නොයාර්, පෝද්දල ජයන්ත, අරන්ගියේ සුදුවෑන් වලින් තමයි...
තමුන්ට පාර්ලිමේන්තු බහුතරය තියනව කියල පෙන්නල නේද අගමැතිකම ගත්තෙ? දැන් මොකට ද අනෙක් අයගෙ සහය ඉල්ලන්නෙ? තමුන්ට ඡන්දය දීපු පක්ෂ එක්කාසු කර ගන්න බැරි ඇයි?
තව දිග කාලයක් බැංකු හොරකම කරන්න හදන්නේ මේ කෙනා තමයි...
එතකොට කොලඹ තියෙන කලබලය මොකක්ද ? සමාජ මාධ්‍ය වහන්න.