පන්තියක සිටිය යුතු ශිෂ්‍ය සංඛ්‍යාවද ඉක්මවා දකුණු පළාතේ ජනප්‍රිය පාසල්වලට ළමයින් ඇතුළත් කරන ලෙස නියෝග කරමින් දකුණු පළාත් ආණුඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා ලිපි නිකුත් කිරීම නිසා එම පාසල්වල විදුහල්පතිවරු සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරු දැඩි අපහසුතාවට පත්ව සිටිති.
දකුණු පළාත් සභාවට අයත් මාතර උයන්වත්ත ආදර්ශ ප්‍රාථමික විද්‍යාලය, මාතර ඕල්කට් විද්‍යාලය, මාතර ඩී.එස්. සේනානායක විද්‍යාලය, මාතර කොටුව ජනාධිපති විද්‍යාලය, මාතර මේධානන්ද ප්‍රාථමික විද්‍යාලය, ගාල්ල ඕල්සෙන්ස් විද්‍යාලය, ගාල්ල අනුලාදේවි විද්‍යාලය ආදි ජනප්‍රිය පාසල්වලට මෙලෙස ළමයින් ඇතුළත් කරන ලෙස දන්වමින් ආණ්ඩුකාරවරයා ලිපි නිකුත් කර ඇත.
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා විසින් නිකුත් කරන ලද ඇතැම් ලිපිවල අනුමත සීමාව ඉක්මවා ඇතුළත් කිරීමට මම නියෝග කරමි යනුවෙන් ද සඳහන් කර ඇත.
පන්තිවලට ළමයින් ඇතුළත් කිරීමට ආණ්ඩුකාරවරයා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් ලංකා ගුරු සංගමය ජනාධිපතිවරයාට සහ විගණකාධිපතිවරයාට පැමිණිලි යොමු කළ බව එම ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.
පාසලක එක් පන්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව සම්බන්ධයෙන් 232/2011 සහ 233/2011 යන නඩුවලට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් දී ඇති බවත්, 2016 වසරේ සිට පන්තියක සිටිය යුතු ළමයින්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් 40 සිට අඩුවෙමින් යන බවත්, 2021 වසරේදී පන්තියක සිටිය යුතු ළමයින් සංඛ්‍යාව 35 දෙනකු බවත් ස්ටාලින් මහතා සඳහන් කළේය.
ඒ අනුව මෙම වසරේ එක ශ්‍රේණියට ඇතුළත් කර ගත යුතු ශිෂ්‍ය සංඛ්‍යාව 37 දෙනකු බවත්, එම සීමාව ඇතුළත යම් පාසලක පුරප්පාඩුවක් පවතී නම් පොරොත්තු ලේඛනය අනුව සිසුන් ඇතුළත් කර ගත යුතු බවත් ඔහු කීවේය.
පාසල්වලට ළමයින් ඇතුළත් කිරීම සඳහා කීර්ති තෙන්නකෝන් මහතා නිකුත් කළ ලිපිවල අනුමත සීමාව ඉක්මවා ළමයින් ඇතුළත් කිරීමට නියෝග කර ඇති බවද, එවැනි නියෝග නීත්‍යනුකූල නොවන බවද ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන ලේකම්වරයාගේ අවසරයෙන් තොරව මාධ්‍යයට අදහස් දැක්විය නොහැකි බව මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී මාතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා හර්ෂණී ආරියරත්න මහත්මිය ප්‍රකාශ කළාය.
දකුණු පළාත් අධ්‍යාපන ලේකම් වයි. වික්‍රමසිරි මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසීමේදී ඔහු පැවසුවේ එලෙස ලිපි නිකුත් කිරීම ගැන නිශ්චිත යමක් තමාට ප්‍රකාශ කළ නොහැකි බවය.
මේ සම්බන්ධයෙන් විමසීමට දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සම්බන්ධ කර ගැනීමට අවස්ථා කිහිපයකදීම උත්සාහ කළ ද එය අසාර්ථක විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිසිම වැඩකට නැති දේශපාලන හෙන්චයියන්ට රස්සාවක් සපයන තනතුරක් තමයි පළාත් ආණ්ඩුකාර තනතුර.
කොන්ද කෙලින් තියන් නීතියේ හැටියට වැඩ කරනවනම් අන්දමන්ද වෙන්න දෙයක් නැනේ.
ඕක මොකක්ද නඩු තීන්දුවකුත් ලගදී වෙනස් කරලා.
පැරණි සින්දුවක් මතක් වුනා." රජා මමයි රජා මමයි අපේ රාජ්යේ // ඒ කන්දත් අපේ තමයි මේ කන්දත් අපේ තමයි අපේ රාජ්යේ "
නුසුදුස්සන් පත් කළා නම් ඕක තමා වෙන්නේ... මෙයත් හරියට අර අසාද්සාලි වගේ නියෝග නිකුත් කරන්නේ... ඒක තමයි මෙයාගේ රාජකාරිය. පන්ති කාමරවල් වැඩි කරලා ගුරුවරුන් පත්කරලා මෙහෙම නියෝග දුන්නානම් කමක් නැහැ.
වඳුරට දැලි පිහිය ලැබිලා වගේ ඉතින් හැම පන්තියෙන්ම ළමයි ටික ටික අරගෙන තව පන්තියක් වැඩි කරන්නකෝ දෙස් පුටු මදි වුනාම ළමයි බිම වාඩි කරවන්න.... බ්ලැක් බෝර්ඩ් නැති වුනාම මිදුලේ අකුරු ලියන්න, ගුරුවරු මදි වුනාම අම්ම තාත්තලට එන්න කියන්න උගන්නන්න එයාල අවම වෙඩි තියල මරල දන්නා ඕවට ඕන තරම් විසදුම් තියෙන්නේ මෙයාලට පිස්සු?
එයාගෙ හිතේ එයා ජනාධිපති කියලා. ඇයි ඉතින් එයාගේ ලොක්කත් ඒ වගේනේ...
ආණ්ඩුකාරයා කියන්නෙ මාලු කාරයෙක් වගේ කෙනෙක් නොවෙයි. කිසියම් හෝ නීති පද්ධතියක් මත කටයුතු කල යුතු කෙනෙක්. එවැනි හික්මුණු වගකිමක් තිබෙන කෙනෙක් ඒ වගේ වැදගත් තනතුරු වලට පත් කරන්න ජනාධිපතිතුමා දැන ගන්නට ඕන.
මේ මොහුගේ මුහුනේම්ම පේනවා ආණ්ඩුකරකමට නොසුදුසු කෙනෙක් බව.
ආණ්ඩුකාරයාට වඩා මෝඩයන් රංචුවක් ආණ්ඩුකාරයා වටා ඉන්නේ. උන් දැනගන්න ඕන මේකට උපදෙස් දෙන්න. හරකෙක් වගේ හැරසිරෙන්න එපා කියලා. මොනව කරන්නද අපේ පව තමයි. මේ වගේ අයඔය වගේ තනතුරු වලට පත් කරන්නේ. ජනාධිපතිතුමා දැනගන්න ඕනෑ සුදුස්සන් සුදුසු තනතුරුවලට පත්කරන්න.