IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


ආචාර්ය ජාකෝබ් ද වලාස්ගේ තෙවැනි කෘතිය එළිදකී

ශ්‍රී ලංකාවට ආවේණික පුෂ්ප වර්ගවලට මාර්ගෝපදේශ ලබාදෙමින් ආචාර්ය ජාකෝබ් ද වලාස් මහතා විසින් ඉලස්ට්‍රේටඞ් ෆීල්ඞ් ගයිඩ් ටු ෆ්ලවර්ස් ඔෆ් ශ්‍රී ලංකාවතෙවැනි වෙළුම කෘතිය කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේදී අද (5) පස්වරුවේ දොරට වැඩිණි.

ශ්‍රී ලංකාවේ සමනළ සහ ශාක විශේෂඥයකු වන හිමේෂ් ජයසිංහ මහතා ඇතුළු මෙරට ස්වභාව විද්‍යාඥයන්ගේ සහභාගීත්වය ඇතිව ලෝප්‍රකට ජීව විද්‍යාඥයකු වන ආචාර්ය ජාකෝබ් ද වලාස් මහතාගේ මහතා මෙම කෘතිය රචනා කර තිබේ.

ශ්‍රී ලංකාවේ වන සතුන්, ශාක හා මල්වර්ග සම්බන්ධයෙන් මීට පෙර ද ආචාර්ය ජාකෝබ් ද වලාස් කෘති දෙකක් රචනා කර ඇති අතර නව කෘතියෙන් ක්ෂේත්‍ර චාරිකාවලට නිරත වන්නන්ට මග පෙන්වීමක් කර තිබේ. ශ්‍රී ලංකාවට ආවේණික තර්ජනයට ලක්ව ඇති ශාක හා සතුන් සම්බන්ධයෙන් මෙම කෘතිය ඔස්සේ සාකච්ඡාවට ලක්කර තිබේ.

පිටු 320 කින් සමන්විත මෙම කෘතියට ශාක සහ සත්ව විශේෂ 1060 කගේ තොරතුරු ඇතුළත් කර ඇති අතර ඡායාරූප 3,000කට වැඩි ප්‍රමාණයක් එක්කර තිබේ.   

055

(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි) 

 

 



අදහස් (0)

ආචාර්ය ජාකෝබ් ද වලාස්ගේ තෙවැනි කෘතිය එළිදකී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site