
( ශාන්ත චන්ද්‍රසිරි)
ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා නිත්‍යයනුකූල නොවන ලෙස මනරාසී ප්‍රදේශයේ කඩ කාමර ඉඳි කරමින් පවතින බව පවසමින් ප්‍රදේශවාසීන් පිරිසක් ඊට විරෝධය දක්වමින් අද (16) විරෝධතාවයක නිරතවුහ.
ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා විසින් ප්‍රදේශයේ ජනතාවගේ බදු මුදල් අවභාවිතා කරමින් ආගරපතන, මනරාසී නගරයේ පාලම අසල ප්‍රදේශයේ වෙනත් කටයුතුවලට යෝජිත බිමක ව්‍යාපාරික කටයුතු සඳහා මෙසේ අනවසර ලෙස කඩ කමාර ඉඳි කරමින් පවතින බව විරෝධතාකරුවෝ පවසා සිටියහ.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ මාසික සභා රැස්වීම අද (16) නාගසේන ප්‍රාදේශීය සභා පුස්ථකාල ගොඩනැගිල්ලේ පැවැති අතර, ඒ අවස්ථාවේ එම ස්ථානයට රැස් වු ජනතාව පොස්ටර් ප්‍රදර්ශණය කරමින් නාගසේන නගරයේදී මෙසේ විරෝධතාවයේ නියලිණි.
ආගරපතන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරුන් වන ඒ. සිවානන්ද හා එස්. සුදාකර් යන මහත්වරුන් මෙම විරෝධතාවයට සහාය පල කරමින් මාසික සභා රැස්වීමෙන් පිටව යන ලදි.
මෙම ඉඳි කිරීම් සිදු කරනු ලබන්නේ නිත්‍යානුකූල නිසි ලෙස අවසර ලබා ගෙන බවත්, ජනතාව හා ඇතැම් මන්ත්‍රීවරු එල්ල කරන මෙකී චෝදනා තමන් තරයේ ප්‍රතික්ෂේප කරනු ලබන බව මේ පිළිබඳව කරන ලද විමසීමේදී ආගරපතන ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. කදීර්චෙල්වම් මහතා පැවැසීය.
2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ආගරපතන ප්‍රා.සභාවේ විරෝධතාවක්