(ශාන්ත චන්ද්‍රසිරි)
තලවකැලේ, ආගරපතන ඇල්බියන් වත්තේ තෝන්ෆීල්ඩ් කොටස සම්පුර්ණයෙන්ම හුදකලා කොට සංචරණ සීමා පැනවීමට අද (09) සිට පියවර ගත් බව ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා කීය.
තෝන්ෆීල්ඩ් කොටසෙන් ඊයේ (08) හමුව ඇති කොවිඩ් වෛරසය ආසාදිත පුද්ගලයා තෝන්ෆීල්ඩ් වතු කොටසේ විශාල ප්‍රදේශයක් පුරා සැරිසැරීමත් එම වතු කොටසේ මංගල උත්සවයකට සහභාගිවීම හා තවත් පුද්ගලයන් විශාල පිරිසක් සමඟ සමීපව ඇසුරු කොට ඇති බවට ලද තොරතුරු අනුව සෞඛ්‍ය අංශ ඉහළ නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගත්බව ඒ මහතා පැවැසීය.
දැනට එම වතු කොටසේ පුද්ගලයන් 150 ක පමණ පිරිසක් ස්වයං නිරෝධායනයට ලක් කොට සිටින බවත් එම පිරිසගේ පී. සී. ආර්. පරීක්ෂණ ඉදිරියේදී සිදු කිරීමට පියවර ගන්නා බවද ඒ මහතා කීය.
එසේ ලබා ගන්නා ලද පී. සී. ආර්. පරීක්ෂණ වාර්තාවලට අනුව මෙම වතු කොටසට පනවා ඇති හුදකලා බව සංචරණ සීමා තව දුරටත් පවත්වා ගෙන යාම සම්බන්ධයන් තීරණයක් ගන්නා බවද ලිඳුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ජනත් අබේගුණරත්න මහතා වැඩිදුරටත් පැවැසීය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.