IMG-LOGO

2025 ඔක්තෝබර් මස 27 වන සඳුදා


’’අස්ට්‍රාසෙනිකා’’ ගැටලුව විසඳන හැටි පවිත්‍රා කියයි‘

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කොරෝනා මර්දන  අස්ට්‍රාසෙනිකා එන්නතේ  දෙවෙනි මාත්‍රාව සඳහා ෆයිසර් එන්නත  පාවිච්චි කිරීම සඳහා සෞඛ්‍ය විද්වත් මණ්ඩලයේ සහ බෝවන රෝග පිළිබඳ විද්‍යා  කමිටුවේ නිර්දේශ ඉදිරි දෙසතියේදී ලබා ගැනීමට කටයුතු කරන බව සෞඛ්‍ය ඇමැතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පාර්ලිමේන්තුවේදී අද  (23) පැවසුවාය .

අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට නොහැකි වුවහොත් දෙවෙනි මාත්‍රාව ලෙස  ෆයිසර්  එන්නත ලබාදීමට හැකියාව ඇත්දැයි විද්වත් මණ්ඩලය පරික්ෂා කර ගෙන යන බවද පළමු මාත්‍රාව ලෙස වෙනත් එන්නත් ලබා ගත් අවස්ථාවලදී ලෝකයේ බොහෝ රටවල් දෙවැනි මාත්‍රාව ලෙස ෆයිසර්  එන්නත භාවිතා කරන බවද ඇය සඳහන් කළාය.

ෆයිසර් එන්නත  එලෙස පාවිච්චි කිරීම සම්බන්ධයෙන් ලෝකයේ බොහෝ රටවලින් සාධනීය ප්‍රතිඵල ලැබෙමින් පවතින බවද වන්නිආරච්චි මහ්ත්මිය කීවාය.

සෞඛ්‍ය ඇමැතිවරිය මෙසේ පැවසූවේ  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා පරීක්ෂණ සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

අස්ට්‍රාසෙනිකා  එන්නත ලබා ගැනීමට රාජ්‍ය රාජ්‍යතාන්ත්‍රික වශයෙන් උපරිම උත්සාහයක් ගන්නා බවත් කොවැක්ස් වැඩපිළිවෙළ යටතේ එම එන්නත් දෙලක්ෂ හැට හතර දහසක් ලැබීමට නියමිත බවත් ඇය සඳහන් කළාය .

ඉන්දියාවේ අස්ට්‍රාසෙනිකා එන්නත්  නිෂ්පාදකයා එන්නත්  අපනයනය සම්පූර්ණයෙන්ම නවතා දැමීම නිසා මෙම ගැටලුකාරී තත්ත්වය පැන නැගී ඇතැයි පැවසූ සෞඛ්‍ය ඇමැතිවරිය ශ්‍රී ලංකාව පමණක් නොව පළමු මාත්‍රාව ලෙස අස්ට්‍රාසෙනිකා එන්නත්  ලබාගත් තවත්  රටවල් බොහොමයක් මේ ගැටළුවට මුහුණදී ඇතැයි ද සඳහන් කළාය.




 

 



අදහස් (8)

’’අස්ට්‍රාසෙනිකා’’ ගැටලුව විසඳන හැටි පවිත්‍රා කියයි‘

kamal Wednesday, 23 June 2021 05:13 PM

මේ දක්වා විද්වත් අය සම්බන්ධ කරගෙන කළ වැඩවල ප්‍රතිඵල දැකලා අපේ සන්තෝසයේ නිමක් නැහැ. මේකත් එසේම වේවා..

:       30       124

pradeepa Wednesday, 23 June 2021 05:30 PM

අපිටවත් ඉන්දියාව සැලකුවේ නැහැනේ. වැඩක් නැහැ... අපේ සර්ව ගණන් ගන්නේ නැහැ ලොකු රටවල්...

:       72       104

සඳුන් Wednesday, 23 June 2021 05:31 PM

මැඩම්... දැන් පැණි වැඩ කරන්නේ නැද්ද?

:       86       217

Kumara Wednesday, 23 June 2021 06:02 PM

ඔය බොහෝ රටවල් කියන්නේ මොනවද? අපිත් ආසයි දැනගන්න.. කියන්නකෝ බලන්න..!!! 

:       71       61

fairoos Wednesday, 23 June 2021 08:13 PM

ලැජ්ජා නැතිව තවමත් සෞඛ්‍ය ඇමැතිකමේ ඉන්නවනේ... ඔබතුමිය නේද මේවට වගකියන්න ඕනේ...?

:       36       215

Sri Lanka Wednesday, 23 June 2021 10:49 PM

ඒකෙන් අරන් මේකට ගැහුවා.. මේකෙන් අරන් අරකට ගැහුවා. කෝකෙන් ගැහුවත් එක වගේ තමයි අපේ අයට...

:       0       0

SURWEERA Thursday, 24 June 2021 07:04 AM

තව මුට්ටි පාරක් දාලා බලමු.

:       0       0

tyronne silva Thursday, 24 June 2021 09:44 AM

අැස්ට්‍රා සෙනෙකා 1 ගත්තොත් 2ත් ඒකෙන්ම තමයි ගන්න ඕනේ.. හේතුව මේ හැම බෙහෙතම 1 හා 2 වල ශක්තිය වෙනස්. මේ හැම බෙහෙතම අතුරු විපාක තියෙනවා. නමුත් කවලමේ බෙහෙත් බීලා අතුරු විපාක හැදුණාම ඒක මොන බෙහෙතෙන්ද හැදුනේ කියලා කොහොමද හොයා ගන්නේ?. නොදන්න දේ දන්න අයට බාරදෙන්න.. ඔය සෙල්ලම් කරන්නේ ලංකාවේ අනාගත ජිවිත සමග...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1476 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1320 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 474 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site