( දිල්රුක්ෂි ග්‍රේරු)
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී දඩයමේ ගිය ගුරුවරයෙක්, හිටපු ප්‍රාදේශිය දේශපාලනඥයෙක්, යුද හමුදා සෙබළෙක් ඇතුළු සිව් දෙනකු ගෝන මස් හා ගිනි අවියක් සමඟ ලග්ගල පල්ලේගම රාවණාගම ප්‍රදේශයේදී අද (31) අත්අඩංගුවට ගත් බව ලග්ගල අඩවි වන කාර්යාලය කියයි.
ඔවුන් සතුව තිබී ගෝන මස් කිලෝ 6 ක්, තලගොයි මස් කිලෝ 2 සහ ගිනි අවියක් වන අඩවි නිලධාරීන් බාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් ගුරුවරයා එම ප්‍රදේශයේම පාසලක ඉගැන්වීම් කරන පුද්ගලයකු බවත් යුද හමුදා සෙබළා නොච්චියාගම ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක සේවය කරන එම ගම්මානයේ පදිංචි යුද හමුදා සෙබළෙක් බවත් අනාවරණය වී තිබේ.
හිටපු ප්‍රාදේශිය දේශපාලනඥයා පසුගිය කාලයේදී ප්‍රදේශිය සභාවේ සිටි අයකු වන අතර අනෙක් පුද්ගලයා ලග්ගල ප්‍රදේශයේම පදිංචි අයෙකි.
ඇඳිරිනීතිය පවතින අවස්ථාවේදී මෙවැනි ජාවාරමක් සිදු වන බව ලග්ගල අඩවි වන කාර්යාලයට ලැබුණු තොරතුක් මත විල්ගමුව අඩවි වන කාර්යාල නිලධාරීන් හා ඒකාබද්ධව කළ වැටලීමකදී මොවුන් සිව් දෙනා අත්අඩංගුට ගත් බව අඩවි වන කාර්යාලය සඳහන් කළේය.
රටේ මෙතරම් අවදානම් තත්තවයක් පවතිද්දි ඇදිරිනීතිය පනවා ඇති අවස්ථාවන්හිදී මෙවැනි ක්‍රියාවන් සිදු කිරීමට සම්බන්ධයෙන් ඔවුන්ට දැඩි දඩුවම් පැනවීමට කටයුතු කරන බව ලග්ගල වන සත්ව අඩවි ආරක්ෂක ස්ථාන භාර නිලධාරී එස්.ඩබ්ලිව් සංජීව මහතා පැවසීය.

2025 නොවැම්බර් මස 21
46
0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
154
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1008
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
අවවාද දිය යුතු අයගේ දඩයම පොලිස් කූඩුවෙන් නතර වෙයි
chandima Tuesday, 31 March 2020 10:40 AM
ඔය ඉන්නේ හරක් රැළක් වගේ එකට තුරුල්වෙලා. මෙච්චර කියද්දී.
Kuma Tuesday, 31 March 2020 12:58 PM
මොන ලෙඩ ආවත් කමක් නෑ පොටෝ එකට මූණ දාගන්න එපායැ
RaveendraTuesday, 31 March 2020 01:58 PM
සහතික ඇත්ත... අඩු තරමින් මෙම චායාරූපය ගත්ත අයටත් එය නොතේරීම අරුමයකි....
Wijaya Abeywardena Tuesday, 31 March 2020 12:11 PM
ලකුණු දෙනවා නම් ප‍්‍රසිද්ධ වෙන්න තියෙනවා නම්, සල්ලි දෙනවා නම් කොරෝනා නෙවෙයි, එබෝලා හැදුණත් එකට ඉන්නවා. මෙයාලා තමයි අනෙක් අයට මීටරයේ දුර කියලා දෙන්නේ. මෝඩයින්ටම ගිය රට...
Dilina Tuesday, 31 March 2020 12:59 PM
ඇත්තටම කරන්න ඕනා මේ වගේ අයගේ ජායාරූප මාධ්‍යවල පළකිරීම