IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි

(මනෝප‍්‍රිය ගුණසේකර)

වනජීවී දෙපාර්තමේන්තුවේ තිබු අලි ලියාපදිංචි කරන පොත කූඨ ලෙස වෙනස් කොට බලපත‍්‍ර නොමැති අලි ඇතුන් ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අලි ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු, වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පස් දෙනෙකුට ලබන 26 වැනිදා විශේෂ ත‍්‍රි පුද්ගල මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් එම අධිකරණය අද (16)  සිතාසි නිකුත් කළේය.

විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණයේ තෙවැනි නඩුව වශ්‍යයෙන් නීතිපතිවරයා පවරන ලද මෙම නඩුව සළකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස සිතාසි නිකුත් කළේය.

විත්තිකරුවන්ට එරෙහිව විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවරීම සම්බන්ධයෙන් නීතීපතිවරයා අගවිනිසුරුවරයාගෙන් කළ ඉල්ලීමකට අනුමැතිය ලැබීම නිසා නීතිපතිවරයා මෙම නඩුව පවරන ලදී.

මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් සිතාසි නිකුත් කරන ලද්දේ අලි ජාවාරම්කරුවකු බව කියන සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් ‘‘අලි රොෂාන්’’ වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ හිටපු අධ්‍යක්‍ෂ (නීතී) උපාලි පද්මසිරි, එහි අලි ඇතුන් ලියාපදිංචි අංශය බාරව සිටි ලිපිකාරිණී ප‍්‍රියංගිකා සංජීවනී, උචිත නිශාන් ධම්මික, කේ. චන්දන කුමාර, සෂික චන්දන ගම්ලත් සහ පී.ජී. ජයලත් නමැත්තන්ටය.

2012 ජුනි මස 05 වැනිදාත් 2015 අගෝස්තු මස 31 වැනිදාත් අතර කාලය තුළ නාවල හා බත්තරමුල්ලේදී නීත්‍යානුකූල බලපත‍්‍ර නොමැතිව අලි ඇතුන් සිව්දෙනෙකු ළඟ තබා ගැනීම ඇතුළු චෝදනා 24ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා විසින් නඩු පවරා ඇත.

වන සතත්ව හා වෘක්ෂලතා ආඥා පනත යටතේ සහ දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ නීතීපතිවරයා විසින් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මෙම අලි ජාවාරමට සම්බන්ධ බව කියමින් කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණයේ මහෙස්ත‍්‍රාත්වරයෙකු ලෙස කටයුතු කළ තිළිණ ගමගේ මහතාගේ වැඩ තහනමකට ලක් කළත් මෙම නඩුවෙන් ඔහුට එරෙහිව චෝදනා එල්ල කර නොමැත.



අදහස් (0)

අලි රොෂාන් ඇතුළු පස් දෙනකුට විශේෂ මහාධිකරණයේ පෙනී සිටින්න සිතාසි

ඔබේ අදහස් එවන්න

උසාවිය

රූපවාහිනී වැඩසටහන නතර කළාට 80,000 ක් බැගින් වන්දි
2021 පෙබරවාරි මස 18 4814 1

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව මගින් විකාශය කළ ’’ඉරා අඳුරු පට’’ නැමැති වැඩසටහන හදිසියේ අතරමග නතර කිරීම තුළින් එම ආයතනය එම වැඩසටහනේ ප්‍රේක්ෂකයින් වූ නි


මුළුමනින්ම මුහුණු ආවරණයකළ හිස්වැසුම් පැළඳිය හැකියි
2021 පෙබරවාරි මස 16 4775 6

සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය කළ ආරක්ෂිත හිස් වැසුම් පලඳින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිමය පියවර නොගන්නා ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිවරයා වෙත උප


බිම්සානීගේ උසස්වීමට එරෙහි පෙත්සම මැයි 18 දා ගනී
2021 පෙබරවාරි මස 16 8254 3

ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිනිය ලෙස පසුගියදා උසස් වීම් ලද බිම්ශානී ජාසිංහ ආරච්චි මහත්මියගේ එම උසස් වීම බල රහිත කරන ලෙස ඉල්ලා ජ්‍යේෂ්ඨ පොල


දරු දෙදෙනාට වස පෙවූ මව රිමාන්ඩ්
2021 පෙබරවාරි මස 16 3045 1

මාස 11ක් වයසැති පුතාට සහ අවුරුදු තුනක් වයසැති තම දියණියට වස පෙවූ 28 හැවිරිදි මවක් මාර්තු 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස දඹුල්ල වැඩබලන මහේස්ත්‍රා


මියගිය පුතුට කොරෝනා දැයි සොයන්න පියා තවත් පී.සී.ආර්. පරීක්‍ෂණයක් ඉල්ලයි
2021 පෙබරවාරි මස 15 766 0

මියගිය සිය පුත්‍රයා කොවිඩ් ආසාදිත දැයි නිශ්චිතව දැන ගැනීම සඳහා යළිත් වරක් පී.සී.ආර්. පරීක්‍ෂණයට ලක් කරන්නැයි ඉල්ලා ඉදිරිපත් කළ පෙත්සමේ වගඋත්තරකරුවන්


කනේ පහර කෑ සිසුවාට ලක්ෂ හය හමාරක් වන්දි
2021 පෙබරවාරි මස 12 12473 32

මාතර පුහුල්වැල්ල මධ්‍ය මහා විද්‍යාලයේ විනය භාර ආචාර්යවරයා විසින් සිසුවෙකුගේ කනට ගසා බරපතල හානි කිරීමෙන් එම සිසුවාගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39406 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25691 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 345 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1152 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 395 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site