IMG-LOGO

2025 නොවැම්බර් මස 02 වන ඉරිදා


අලි- මිනිස් මරණ ගැන කෝපා කමිටුවෙන් හෙළිදරව්වක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

අලි මිනිස් ගැටුම නිසා 2019 වර්ෂයේදී අලි ඇතුන් 407 දෙනකු මියගොස් ඇතැයි තොරතුරු හෙළිවී ඇති බව  රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ( කෝපා) පවසයි.

අලි මිනිස් ගැටුම හේතුවෙන් එම වසරේදී මිය ගොස් ඇති පුද්ගලයන් සංඛ්‍යාව 122කි.

මේ අතර අලි මිනිස් ගැටුම නිසා වන අලින් වැඩියෙන්ම මියයන රට ලෙස ශ්‍රී ලංකාව පත්ව ඇතැයි තොරතුරු හෙළිවී ඇති  බව පවසන කෝපා කමිටුව අලි මිනිස් ගැටුම නිසා මිනිස් මරණ සිදුවන රටවල් අතර ශ්‍රී ලංකාව දෙවැනි තැනට පත්ව ඇති බවද සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ අලි මිනිස් ගැටුම හේතුවෙන් වසරකට මියයන අලි ඇතුන් ප්‍රමාණය සාමාන්‍යයෙන් 272 ක් වුවද  2019 වසරේදී  අලිඇතුන් 407 දෙනෙකු මිය ගොස් ඇති බව ගිණුම් කාරක සභාවේදී තොරතුරු අනාවරණය විය.

අලි මිනිස් ගැටුම හේතුවෙන් සාමාන්‍යයෙන් වසරකට මිය යන  මිනිසුන් ගණන 85 ක් වුවද 2019 වසරේ  මිනිසුන් 122 දෙනෙකු මියගොස් ඇති බවද එම රැස්වීමේදී හෙළි විය.

එහෙයින්  මෙම ගැටලුව සදහා කඩිනමින් ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය.

අලි මිනිස් ගැටුම දශකයක කිහිපයක් තිස්සේ  ඉතාම බරපතල අන්දමින් ක්‍රියාත්මක වන හෙයින් ඒ සම්බන්ධයෙන්  මෙතෙක් අනුගමනය කළ ප්‍රතිපත්තිය වෙනස් වීමකට භාජනය කළ යුතු බවට රජයේ ගිණුම් පිළිබද කාරක සභාව   නිර්දේශ කර ඇත.

කෝපා කමිටුවේ වාර්තාව එහි සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පාර්ලිමේන්තුවට පසුගියදා ඉදිරිපත් කළේය.මේ තොරතුරු සඳහන් වන්නේ එම වාර්තාවේය.

විදුලි වැට ඉදිකර අලි ඇතුන් කොටු කිරීමේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇති බවත් සත්‍ය වශයෙන්ම මෙහිදී කොටු වන්නේ අහිංසක ගැහැණු සතුන් හා අලි පැටවුන්  පමණක් බවත් මෙම වාර්තාවේ සදහන්වේ.

මිනිසුන්ට හා ගම්බිම්වලට හානි කිරීමට වග කිව යුතු වන්නේ විශාල පිරිමි සතුන් බවද එහි  සඳහන් වේ .

අලි මිනිස් ගැටුම ගලිගමුව ප්‍රදේශයේ සිදු කරන ලද ප්‍රායෝගික අත්හදා බැලීමකින් පසු  ආචාර්ය පෘථිවිරාජ් ප්‍රනාන්දු මහතා සකස් කර ඇති ප්‍රතිපත්තිය මගින් සමනය වී ඇති බවත් ඒ සදහා වැය වූ වියදමද ඉතා අඩු මට්ටමක පවතින බවත් කෝපා  කමිටුවේ සභාපති මහාචාර්ය තිස්ස විතාරණ මහතා පැවසීය.

රජය විශාල වශයෙන් වාර්ෂික අයවැය මගින් ප්‍රතිපාදන වෙන්කර  අලි මිනිස් ගැටුම වැළැක්වීමට මුදල් වියදම් කර තිබුණද මෙම ගැටුම වැඩිවීමක් මිස අඩුවීමක් සිදුව නැති බවත්   රජයට මුදල් විශාල ප්‍රමාණයක් අහිමි වන මෙම පැරණි  ප්‍රතිපත්තිය කඩිනමින් වෙනස් විය යුතු බවත් කෝපා කමිටු  සභාපතිවරයා  අවධාරණය කළේය.

අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා ක්‍රියාකාරී සැලැස්ම සැකසීම වනජීවි දෙපාර්තමේන්තුවේ රාජකාරියක් බවත් අලි රක්ෂිත ඉදිකිරීම සදහා එම ඉඩම් ලබා ගැනීමේදී මහවැලි අධිකාරිය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුව ආදී ආයතවල එකගතාව නිසි පරිදි ලබා ගැනීමද වැදගත් බවත් වාර්තාවේ සඳහන් ව ඇත.
තවද අලි මිනිස් ගැටුම අවම කිරීම සදහා යොදා ගන්නා  අලි වැට, අලි අගල් වැනි උපක්‍රම ඉදි කිරීමේදී හා පවත්වාගෙන යාමේදී ශ්‍රී ලංකා යුද   හමුදාව, නාවික හමුදාව, ගුවන් හමුදාව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, ගොවිජන සංවිධානවල සහ ගම්වාසීන්ගේ ඒකාබද්ධ සහය අවශ්‍ය බැවින් මෙම සියලු ආයතන සහ පුද්ගලයන්ගේ මනා සම්බන්ධීකරණයද අතිශය වැදගත් බව මෙම වාර්තාව වැඩ දුරටත් පෙන්වා දී ඇත.



අදහස් (0)

අලි- මිනිස් මරණ ගැන කෝපා කමිටුවෙන් හෙළිදරව්වක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1881 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1511 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 530 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site