(ඉන්දිකා රාමනායක)
පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කන්ටේනරය මෙරටට ගෙන්වු බව කියන සමාගමේ හිමිකරු සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
වැල්ලවත්තේ පදිංචි මෙම සමාගමේ හිමිකරු සමඟ ඔහුගේ පාකිස්ථාන ජාතික බිරිඳ හා දියණිය ද අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි.
අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් අතර පාකිස්ථාන ජාතිකයකු, මෙම බහාලුම මුදා ගැනීම සදහා පැමිණ පුද්ගලයන් දෙදෙනා, බහාලුමේ ගමන් ගත් දෙදෙනා ද බහාලුම ඉදිරිපසින් පාකිස්ථාන ජාතිකයා සමඟ කුඩා ලොරි රථයෙන් ගමන් ගත් පුද්ගලයන් තිදෙනෙකු ද වන බව පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැල්ලවත්ත, මීගමුව, යටියන, මාරවිල, මිනුවන්ගොඩ, වෙන්නප්පුව යන ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.
මීට දින කිහිපයකට පෙර මෙම කන්ටේනරය මෙරටට පැමිණ ඇති අතර එය රේගුවෙන් මුදාගෙන වෙන්නප්පුව බලා රැගෙන යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාශය හා විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායමක් විසින් ඊයේ (12) සවස මීගමුව කොච්චිකඬේ ප්‍රදේශයේ දී මෙම කන්ටේනරය අත්අඩංගුවට ගෙන තිබිණි.
මොවුන් මේවා වෙන්නප්පුව ප්‍රදේශයේ ගබඩාවක් බලා රැගෙන ගොස් ඇති බවත් ඩුබායි රටේ සිටින ජාවාරම්කරුවකු විසින් මෙය මෙහෙයවා ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු අද (13) මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය බාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ අධීක්ෂණය යටතේ, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංජුල සේනාරත්න මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රේගුවෙන් මුදාහරින්න දැන් ඉන්න ඇමති බලපෑම් කෙරුවද කවුද දන්නේ ? එයා ගැන රටම දන්නවා.
මේ මිනිස්සු මේවා ගෙනත් අපේ මිනිස්සුන් ළඟ තියෙන සල්ලි ඔක්කොම සුරගන රටම විනාස කරනවා. අපේ රටේ අනාගතය සම්පුර්ණයෙන්ම කා දමනවා. මේ රට බේරගන්න තියෙන හොඳම විදිය තමයි ඒ අල්ලගන්න මත්කුඩු අධි මාත්‍රාවකින් ඔවුන්ගේම ඇඟට ඇතුල් කිරීම. එවිට එක්කෝ උන් මැරෙයි නැත්නම් සදාකාලිකවම සිහි විකල් බවට පත්වේවි. එසේ නොකර හිරේ දැම්මම එතන ඉඳන් අපේ සල්ලි වලින් කකා තවත් හොඳට එම ජරා වැඩ බයක් නැතිව කරගෙන යනවා. දැන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැති නිසා හිරගෙවල් පුරෝගෙන කන්න දෙන්න ඕනේ නැහැ.