IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


අල්ලස් චෝදනා ලැබූ අමාත්‍යාංශ නිලධාරිනියගේ රාජකාරී අත්හිටුවයි

     
 
(ඩයනා උදයංගනී)
                   

ගාල්ල ප‍්‍රදේශයේ පාසලකට සිසුවියක ඇතුළත් කිරීම සඳහා අල්ලස් ගත් බවට චෝදනා එල්ල වී සිටින අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේඛන සහකාරවරියගේ රාජකාරී වහාම ක‍්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව එම අමාත්‍යාංශය පවසයි.

දරුවකු ඇතුළත් කර ගැනීම සඳහා ඇය විසින් අල්ලස් ලබාගත් බවට අධ්‍යාපන අමාත්‍යාංශයට පැමිණිල්ලක් ලැබී ඇති බවත් ඒ අනුව මේ වන විටත් මූලික විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක‍්‍රියාමාර්ග ගැනීමට නියමිත බවද අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

අධ්‍යාපන පද්ධතිය අල්ලස සහ දුෂණයෙන් තොර කිරීමේ අරමුණ ඇතිව අමාත්‍යාංශය මගින් ආරම්භ කර ඇති තොරතුරු ලබාගැනීමේ පද්ධතිය හරහා මෙම පැමිණිල්ල ලැබී ඇත.

පාසල්වලට දරුවන් ඇතුළත් කරුනීම සඳහා සහ ගුරු මාරු කිරීම් සඳහා අල්ලස් ලබාගැනීම සිදුවන බවට දිගින් දිගටම ලැබෙන පැමිණිලි අනුව මේ වන විටත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් විශේෂ පරීක්‍ෂණ රැසක් ආරම්භ කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
           
                    



අදහස් (3)

අල්ලස් චෝදනා ලැබූ අමාත්‍යාංශ නිලධාරිනියගේ රාජකාරී අත්හිටුවයි

channa Liyanage Monday, 25 March 2019 03:33 PM

මොකක්ද හේතුව දේශපාලකයන්ට දඬුවම් නොලැබීමට?

:       0       51

Sriyal Monday, 25 March 2019 04:24 PM

ඕක ඉන්න ඇමැතිගෙ ඉදලා ලේකම්ලා ඔක්කොම සල්ලි වලට තමයි ළමයි පාසල් වලට ඇතුල් කරන්නේ. පොඩි එක්කෙනෙක් අල්ලගෙන දැන් ඔක්කොම උපාසකලා වෙලා ඉන්නේ.

:       0       120

Sunil milano Tuesday, 26 March 2019 08:05 AM

ඒක ඒ ගොල්ලන්ට ලැබෙන වරප්‍රසාදයක් කියලා දන්නේ නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 66 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 347 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site