(නිමන්ති රණසිංහ)
රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ඉල්ලා ඊට අනුබල දුන්නැයි කියන බත්තරමුල්ල සුරාබදු ඒකකයේ සුරාබදු නියාමක හේමන්ත කරුණාතිලක මහතා ඇතුළු පුද්ගලයන් දෙදෙනෙකු ලබන 29 තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (15) නියෝග කළාය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ සුරාබදු නියාමක හේමන්ත කරුණාතිලක සහ මොහොමඩ් වජීර් මොහොමඩ් යන අයවලුන් දෙදෙනාය.
අත්අඩංගුවට ගත් පුද්ගලයකුට ගංජා නඩුවක් දමා නිදහස් කර දීමට සැකකාර සුරාබදු නියාමකවරයා මෙම රුපියල් ලක්ෂ දෙකක අල්ලස් ඉල්ලා ඊට අනුබල දුන්නැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුරාබදු, රේගුව, රියදුරු බලපත්‍ර, මහජන සෞඛ්‍ය පී එච් අයිලා ලංකාවේ මේ අංශයෙන් ඉදිරියෙන්ම සිටිනවා. අපි ඉතාලි එන කාලේ ගුවන්තොටුපොළ ආගමන විගමනයත් වාර්තාගත ලෙස මේ වැඩේ නියැලුනා.