IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්

(මනෝප‍්‍රිය ගුණසේක

 ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා රුපියල් 5,000/-ක අල්ලසක් ලබා ගැනීමේ චෝදනාවට වරදකරු වු මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයේ හිටපු සත්ත්ව සංවර්ධන උපදේශකවරයාට වසර 03 ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.

විත්තිකරුට නියම කළ සිරදඬුවමට අමතරව රුපියල් 5,000/-ක දඩයකටද  විනිසුරුවරයා විසින් ඔහු යටත් කරන ලදී.

සමාජය අල්ලසින් බේරා ගැනීම සඳහා අනෙකුත් රාජ්‍ය සේවකයින්ද අල්ලසින් ඈත් කර තැබීමට හැකි වන ආකාරයේ දඬුවමක් විත්තිකරුට නියම කරන්නැයි අල්ලස් කොමිසමේ නිලධාරීන් කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.

චෝදනාවට වරදකරුවීම නිසා මෙලෙස දඬුවම් නියම කරන ලද්දේ මස්කෙළිය පශූ වෛද්‍ය කාර්යාලයට අනුයුක්තව සත්ව සංවර්ධන උපදේශකවරයා ලෙස රාජකාරි කළ චමින්ද බණ්ඩාර නමැත්තාටය.

2014 වසරේදී කාලයේ මස්කෙළියේ දී ගවයින් ප‍්‍රවාහනය කිරීමට බලපත‍්‍රයක් ලබාදීම සඳහා පුද්ගලයකුගෙන් රුපියල් 5,000/-ක අල්ලසක් ඉල්ලීම, ලබා ගැනීම ඇතුළු චෝදනා හතරක් යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.

ඉදිරිපත් වු කරුණු සැළකිල්ලට ගත් විනිසුරුවරයා විත්තිකරුට අදාළ දඬුවම් නියම කළේය.



අදහස් (0)

අල්ලස් ගත් උපදේශකට සිරදඬුවම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 266 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 447 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 183 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site