(අශෝක තිලකරත්න)

සූරියවැව වැලිවැව දී වන අලියෙකු පහරදීම හේතුවෙන් ගොවියෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.
මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ සූරියවැව වැලිවැව පදිංචි කෝනාර මුදියන්සේලාගේ රසික (42) යන අයයි.
ඔහුගේ මරණය සම්බන්ධ හදිසි මරණ පරික්ෂණය අද (21) පෙරවරුවේ හම්බන්තොට මහ රෝහලේදී පැවැත්වීමට නියමිතය.
සූරියවැව පොලිසිය මෙම මරණය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd