නව මාදිලියේ මාත්‍රා තුනකින් යුත් 'කොවිඩ් 19' එන්නතක් සඳහා ඉන්දීය ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය හිමිවී තිබේ. මෙම එන්නත 'කොවිඩ් 19' වයිරසයට එරෙහිව නිපදවා ඇති පළමු ඩී.එන්.ඒ. වර්ගයේ එන්නත යැයි පැවැසෙයි.
ඩී.එන්.ඒ. එන්නතක් ලෙස සැලකෙන්නේ, කෙළින්ම 'කොවිඩ් 19' වයිරසයේ ඩී.එන්.ඒ. අණු යොදා ගනිමින් නිපදවන එන්නතකි. මෙම එන්නත ශරීරගත කළ විට, වයිරසයට එරෙහිව ප්‍රතිශක්තිකරණයක් ලෙස නිර්මාණය වන ප්‍රෝටීන බොහෝම ඉක්මණින් සහ සාර්ථකව වර්ධනය වෙයි. ඒ අනුව මෙම නව එන්නත 'ඩෙල්ටා' ඇතුළු විකෘති කොරෝනාවලට සාර්ථක එන්නතක් යැයි එහි නිෂ්පාදකයෝ පවසති.
ZyCoV-D යන නිල නාමයෙන් හැඳින්වෙන මෙම එන්නත නිපදවා ඇත්තේ ඉන්දියාවේ ගුජරාඨ ප්‍රාන්තයේ අහමදාබාද් නුවර පිහිටි 'සයිඩුස් කැඩිලා' ඖෂධ නිෂ්පාදන සමාගමය. ඉන්දියාවේ පිහිටියත් මෙට ජාත්‍යන්තරයට ඖෂධ නිපදවන ලොව ප්‍රධාන පෙළේ ඖෂධ නිස්පාදන සමාගමකි. එපමණක් නොව, 'සයිඩුස් කැඩිලා' ඖෂධ නිෂ්පාදන සමාගම, මෙම ඩී.එන්.ඒ. එන්නත නිපදවා ඇත්තේ ඉන්දීය ජෛව තාක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ ද එක් වෙමිනි.
සායනික අත්හදා බැලීම් යටතේ අවුරුදු 12 වැඩි, 28,000 කට එන්නත් මාත්‍රා තුනම ලබා දුන් බවත්, එන්නත් ලබා ගත් කිසිවකුට 'කොවිඩ් 19' විකෘති ප්‍රභේදයක් හෝ ආසාදනය නොවුණු බවත්, එන්නත හදිසි භාවිතයට සුදුසු යැයි අනුමත කරමින්, ඉන්දීය ඖෂධ පාලන අධිකාරිය පැහැදිලි කර තිබේ.
ඒ අනුව, ඉන්දියාවේ අවුරුදු 12 ත් 18 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ඉදිරියේ දී ලැබෙනු ඇත්තේ මෙම සයිඩුස් කැඩිලා සමාගමේ ප්‍රතිශක්තිකරණ එන්නතය. මෙය සියයට සියයක් ඉන්දියාව තුළ ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදනය කෙරෙන දෙවැනි ප්‍රතිශක්තිකරණ එන්නතය. මේ වනවිට ඉන්දියානුවන්ට ලැබෙන එන්නත්වලින් එකක් වන 'කොවැක්සින්' ඉන්දීය තාක්ෂණයෙන් නිෂ්පාදිත පළමු එන්නතය. 'කොවැක්සින්' එන්නත ඉන්දීය රජයට අයත් 'භාරත් බයෝටෙක්' සමාගමේ නිෂ්පාදනයකි.
මෙතෙක් නිපදනවා ඇති සාර්ථක එන්නත් දෙකක් ලෙස සැලකෙන 'ෆයිසර්' සහ 'මොඩර්නා' එන්නත් එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් වර්ග දෙකකි. මෙතෙක් නිපදවා ඇති එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත් දෙක වන්නේ ද මේවාය. එම්.ආර්.එන්.ඒ. (mRNA) එන්නත්වල ඇත්තේ, 'කොවිඩ් 19' වයිරස විෂබීජයේ ජානවලින් සකසනු ලැබූ කේතයකි. සිරුරට එන්නත් කෙරෙන්නේ එයයි.
'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා' පමණක් නොව, රුසියාවේ 'ස්පුට්නික් 5' සහ චීනයේ 'සයිනෝෆාම්' එන්නත ද නිපදවා ඇත්තේ 'කොවිඩ් 19' වයිරසය සිරුරට ඇතුළු වීමෙන් පසු සිරුරේ ඊට එරෙහිව නිපදවන ප්‍රතිශක්තිය, එන්නත හරහා කල්තියා සිරුරේ ඇති කිරීමට සැලැස්වීමය. එවිට වයිරසය යම් හෙයකින් සිරුරට ඇතුළු වුවහොත් ඊට එරෙහිව සටන් වැදීමට සිරුරේ ප්‍රතිශක්තිය නිර්මාණය කෙරෙයි.
(රොයිටර්)
COMMENTS
අපේ මෙහෙම දේවල් කරන්න බුද්ධිමතුන් නැද්ද? ඔක්කොම එන්නේ පිටරටින්.. අරාබි අප්‍රිකා රටවලුත් ඒ ටිකමයි.
අර රතුපාට කබල් කෝච්චි බලෙන්ම දුන්නා වගේ ඔය කුණු ගොඩත් බලෙන්ම ලංකාවේ ඇඟේ ගහයි.
අවුරුදු 50 කටත් ඉස්සර, සුද්දෝ ලියපු පොත් කටපාඩම් කරලා, විභාග පාස් කරලා අපි කොහොමද පුතේ අලුතින් දෙයක් හිතන්නේ.... හැබැයි අපිට පුලුවන් පිටරටින් එන ඕනේ එකක් ලංකාවේ භාවිතා කරන්න සුදුසු බවට සහතිකය දෙන්න . දුකයි තමයි නිහාල් මහත්තයෝ ...
සජිත් මහත්තයා ට මාතෘකාව ක් ඇවිත්. දැංම කියන්න ඕක ඉක්මනින් ගෙනල්ලා ජනතාව ට දෙන්න කියල .