IMG-LOGO

2025 පෙබරවාරි මස 07 වන සිකුරාදා


අරවින්ද ද සිල්වා පැය 4 ක් පොලිස් විමර්ශන ඒකකයේ

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකාව 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මුදලට පවා දුන් බවට හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා කළ චෝදනාව සම්බන්ධයෙන් එවකට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා ලෙසින් කටයුතු කළ අරවින්ද ද සිල්වා මහතා ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30) සාක්‍ෂි ලබාදුන්නේය. එම ඒකකය අරවින්ද ද සිල්වා මහතාගෙන් පැය තුනහමාරකට වැඩි කාලයක් සාක්‍ෂි සටහන් කරගත්තේය. 

එම ඒකකයේ කැඳවීමකට අනුව අරවින්ද ද සිල්වා මහතා කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණයේ පිහිටි ක්‍රීඩා වැරදි පිළිබඳ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට අද (30 ) පස්වරු 2.10 පමණ පැමිණියේය. ඒ මහතා පස්වරු 6.00 වන තෙක්ම එහි රැදී සිටියේය. මෙම සාක්‍ෂි සටහන් කරගැනීමේ අවස්ථාවට නීතිඥවරු කීපදෙනකු ද සහභාගි වී සිටියහ. 

ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් ආධිකාරී ජගත් ෆොන්සේකා මහතාගේ අධීක්‍ෂණයෙන් මෙම සාක්‍ෂි සටහන් කරගන්නා ලදි. 

ඡායාරූප - ළහිරු හර්ෂණ

 



අදහස් (10)

අරවින්ද ද සිල්වා පැය 4 ක් පොලිස් විමර්ශන ඒකකයේ

Kalpa Tuesday, 30 June 2020 05:27 PM

ලංකාවට මොන තරම් ගෞරවයක් ගෙනත් දීපු ක්‍රීඩකයෙක්ද මේ.

:       0       0

විදුර කුඩාහෙට්ටි Tuesday, 30 June 2020 05:48 PM

බලාගෙන මෙයාගේ තාත්තා වැඩ කලේ බුකිපාල ගාව...

:       36       0

Bishan Tuesday, 30 June 2020 06:39 PM

මහනුවර පොහොට්ටුවට ඡන්දය... ඒ අය අලුත්ගමගේට දුන්නොත් අනාථයි..

:       0       0

govinda Tuesday, 30 June 2020 10:14 PM

අරවින්ද කියන්නේ ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයෙක්.. අරවින්දයි, සංගයි කියන්නේ මගේ වීරයින්. අනේ මහත්වරුනේ... අනවශ්‍ය විදිහට රස්තියාදු නොකර ඔවුන්ට නිසි ගෞරවය ලබාදෙන්න ස්තුතියි..

:       5       14

Wijaya Wednesday, 01 July 2020 02:14 AM

මිනිසුන්ගේ අවධානය වෙනස් කරන්න පටන් ගත්ත බොරු කතාවක් මේක... බෙහෙත් මිල සහ අත්‍යාවශ්‍ය ආහාරවල මිල පහුගිය රජය යනකොට තිබුණාට වඩා දැන් හොඳටම වැඩියි. ඒවා ඔක්කොම අමතක කරන්න වුණාම මොකක් හරි බොරු කතාවක් ඇදලා ගන්නවා...

:       0       229

අපි නොදන්නා මහින්දානන්ද Wednesday, 01 July 2020 02:17 AM

මහින්දානන්දත් පික්පොකට් කාරයින් වගේ, දුවන ගමන් "ඔන්න හොරෙක්, ඔන්න හොරෙක්..‘‘, කියලා තමයි දුවන්නේ.

:       0       224

Jay Wednesday, 01 July 2020 02:31 AM

මේ දේශපාලකයින් නිසා මේ වගේ වටිනා මනුස්සයෙක්ටත් රස්තියාදු වෙන්න වුණා

:       0       207

Raveendra Wednesday, 01 July 2020 04:57 AM

ඔබ අප රටෙන් බිහිවුණු ඉතාමත්ම දක්ෂ ලෝපතල ක්‍රීඩකයින්ගෙන් එක්කෙනෙකි. අප ඔබ වෙත ඇත්තේ අසීමිත ආදරයකි, ගෞරවයකි. එසේම ක්‍රීඩාලෝලීන් ලෙස අප ඔබගෙන් මෙම චෝදනා පිළිබඳව සත්‍ය දැනගැනුමට කැමැත්තෙමු.. අප ඔබගෙන් අවංකත්වය සැමවිටම බලාපොරොත්තු වන්නෙමු. ලංකාමාතාව ලෝකය ඉදිරියේ බැබලවූ ඔබලාගේ අවංකත්වය දෙස අප ඇස් යොමා බලා සිටින්නෙමු.

:       4       101

rihan Wednesday, 01 July 2020 09:23 AM

‘‘තමාට පෙර රට‘‘ යන තේමාව යටතේ ශිල්පය හැදෑරූ දරුවෝ...

:       0       1

L.K Thursday, 02 July 2020 03:32 AM

ඇයි පෙට්‍රෝල් සංස්ථාවෙදිි සිංගප්පූරුවත් එක්ක ගිවිසුම් ගහලා රටට කෝටි කීයක පාඩුවක් කරලද සාක්කු පුරවගත්තේ. ඒවත් හොයන්න කාලේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

එසැණ පුවත්

රජයේ රෝහල්වල බෙහෙත් හිඟයක්
2025 පෙබරවාරි මස 06 241 0

කොළඹ ජාතික රෝහල ඇතුළු රට පුරා ජාතික, දිස්ත්‍රික්, මූලික සහ ප්‍රාදේශීය යන රජයේ රෝහල්වල දැඩි ඖෂධ සහ උපකරණ හිඟයක් පවතින බව වෛදවරු සහ රෝහල් කාර්ය මණ්ඩල පවසය


‘පාස්පෝට්’ හදිසියේ ඉල්ලා දැරවන් පීඩනයට දාන්න එපා
2025 පෙබරවාරි මස 06 399 0

හදිසියේ විදේශ ගමන් බලපත්‍ර ගැනීම සඳහා පාසල් ක්‍රීඩා සංගම් ඇතුළු පාසල් බලධාරීන් පාසල් දරුවන් යොමු කිරීමෙන් එම දරුවන් සහ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නි



නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනපති හමු වෙති
2025 පෙබරවාරි මස 06 240 0

නව ත්‍රිවිධ හමුදාපතිවරු ජනාධිපති කාර්යාලයේ දී අද (6) පස්වරුවේ සේනාධිනායක, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු වූහ.


මූල්‍ය අරමුදල ජනපති හමුවෙයි
2025 පෙබරවාරි මස 06 232 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එකඟ වී ඇති විස්තීර්ණ ණය පහසුකම් වැඩසටහනේ ප්‍රගතිය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුද


ක්‍රිෂ් ගොඩනැගිල්ලේ ගින්නක්
2025 පෙබරවාරි මස 06 1017 1

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැඟිල්ලේ ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 96 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 803 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 753 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

Our Group Site