IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම නගරයේ ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග හරස් කරමින් විරෝධතා කිසිවක් නොපවත්වන ලෙසට පුත්තලම දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත් අනුර ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා අද ( 03 ) එයට සම්බන්ධ සිව් දෙනෙකුට නියෝග කළ අතර එම සිව් දෙනාට 11 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද දන්වා නොතිසි  ද නිකුත් කළේය.

මෙසේ අදාල නියෝගය නිකුත් කිරීම සිදුවූයේ පුත්තලම නගරයේ පදිංචි මොහොමඩ් අමින් මොහොමඩ් ඉෆ්ලාල් , අබ්දුල් වදුප් මෙහොමදු ඉෆ්පාන් , මොහොමඩ් රිස්වාන් , මොහොමඩ් අජ්මිල් කාන් නැමති සිව් දෙනෙකුටය .

පුත්තලම පොලිසිය අද (3) පුත්තලම අධිකරණයේදී දිසා විනිසුරුවරයා වෙත කරුණු ඉදිරිපත් කරමින් දන්වා සිටියේ අරුවක්කාලු කසල අංගනයට කසල රැගෙන ගමන් කරනු ලබන ටිපර් රථ වලට දිගින් දිගටම විරෝධතා එල්ල වෙමින් තිබෙන බවත් එම හේතුවන් මේ වන විට බරපතල තත්වයක් සිදුව ඇති බවයි. මෙය සැලකිල්ලට ගත් දිසා විනිසුරුවරයා විසින් අදාල නියෝගය ලබා දුන්නේය.

එම නියෝගය ලබා දෙමින් දිසා විනිසුරු හා මහෙස්ත්‍රාත්වරයා දන්වා තිබුණේ මින් ඉදිරියට ප්‍රධාන මාර්ග හා දුම්රිය මාර්ග කිසිවක් අවහිර වන ලෙසට විරෝධතා පැවැත්වීම තහනම් බවත් එසේම කිසිදු ආකාරයකින් කසල ප්‍රවාහනය කරනු ලබන වාහන වලට කිසිදු හානි දායක කිසිවක් මින් ඉදිරියට සිදු නොකරන ලෙසයි.

එසේම සාමකාමීව රැස්වීමට අයිතිය ඇතත් කිසිදු කඩාකප්පල් කාරි කටයුත්තක නොයෙදෙන ලෙසටද එම නියෝගය මගින් පෙන්වා දී තිබුණි.

පුත්තලම මූලස්ථාන පොලිසියේ නිලධාරීන් මගින් අදාල පිරිස් වෙත අදාල නියෝගය ලබා දීම සිදුකෙරිණි.

අරුවක්කාලු කසල අංගනයට කසල ප්‍රවාහනය කරනු ලබන වාහන වෙත පසුගිය දින කීහිපය පුරා දිගින් දිගටම විරෝධතා එල්ල වී තිබූ අතර එයට අමතර රාත්‍රී කාලයේ සැඟවී සිටින පිරිස් සිදුකරන ලද ගල් ප්‍රහාර වලට වාහන වලට හානි සිදුව තිබූ බවද පොලිසිය කියයි.



අදහස් (0)

අරුවක්කාලු විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 241 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1031 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site