IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අරුවක්කාලු රඳවනයට කසළ ගෙනයාම ඇරඹේ

(ඩයනා උදයංගනී)

අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති විද්‍යානුකූල කසළ රඳවනය වෙත කසළ ගෙනයාමේ කටයුතු අද (16) ආරම්භ කළ බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

ආරම්භක අදියර ලෙස කොළඹ මහනගර සභාවේ කසල මේ වෙත ගෙනයාම සිදුවන අතර ඒ අනුව අද (16) දිනයේදී එහි කසළ ප‍්‍රවාහන රථ 10ක කසළ එහි තැන්පත් කෙරුණු බව බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ සමාජ විශේෂඥ නිමල් ප්‍රේමතිලක මහතා පැවසීය.

පුත්තලම අරුවක්කාලු ප‍්‍රදේශයේ ඉදිකර ඇති මෙම කසළ රඳවනය වෙත කසල ගෙනයාමට සැලසුම් කර තිබුණේ දුම්රිය මගින් වුවත් දුම්රිය මග ඉදිකර කසළ ප‍්‍රවාහන දුම්රියෙන් ගෙන එන තුරු කසල ප‍්‍රවාහන රථ මගින් එම කසල පුත්තලම දක්වා රැගෙන යාම සිදුවන බව පේ‍්‍රමතිලක මහතා කිවේය.

කසළ රඳවනය දක්වා ඉදිකෙරෙන දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් කටයුතු ලබන වසරේ මාර්තු මාසය වන විට අවසන් කිරීමට හැකි වනු ඇතැයි ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

දැනට එම කසළ රඳවනයෙහි දිනකට ටොන් 600ක් තැන්පත් කළ හැකි අතර ලබන වසරේ මාර්තු වන විට එය දිනකට කසළ ටොන් 1200ක් තැන්පත් කළ හැකි අයුරින් පුළුල් කරන බව ද ඔහු පැවසීය.

 

 



අදහස් (9)

අරුවක්කාලු රඳවනයට කසළ ගෙනයාම ඇරඹේ

menna Wednesday, 17 July 2019 12:14 AM

කසල රන්දවනවා විතරද? විනාශ කරන ක්‍රමයක් නැද්ද? පොලිතින් වගේ දේවල් පාවිච්චි නොකරන තරමට හොඳයි. තරඟකාරී ආර්ථිකයක ඒක ලේසි නැහැ වගේ. සමාජයට මෙන්ම ආර්ථිකයටද හොඳ මොකක් හරි තිබුනොත් හොඳයි.

:       3       51

රවින් Wednesday, 17 July 2019 02:00 AM

හොඳ වැඩක්. ඒත් ඉතින් අර දියවන්නා තියන කසල ගොඩ කොහෙට හරි ගිහිල්ල දානකන් මෙරට මිනිසුන්ටනම් ඉවසිල්ලක් නැහැ. ඒ වැඩේ කෙරෙන දින වකවානු?

:       0       80

Amara Wednesday, 17 July 2019 02:26 AM

කුරුණෑගල කසල පුත්තලමට දාන්න බැරිද ? කොළොඹ කසල විතරද කසල?

:       7       1

jayath Wednesday, 17 July 2019 02:59 AM

ජයවේවා ! ඊනියා , බහුජාතික සල්ලි වලට කෑගහන පරිසර සංවිධාන වල පුහු විරුද්දත්වය අහකට දමල මේ ලැබුවේ ලොකු ජයක්

:       2       88

Sugath Wednesday, 17 July 2019 04:11 AM

ඉතාමත් හොඳ වැඩපිළිවෙලක්. දැන් නිකම් ප්‍රශ්න ඇති කරගන්න එපා දේශපාලන වාසි තකා .

:       0       19

දිමුත් Wednesday, 17 July 2019 04:50 AM

නිසි ප්‍රමිතිය යටතේ කරනවානම් ඉතාම හොඳ වැඩක්. සිදුවිය යුතු දෙයක්.

:       0       35

thushara Wednesday, 17 July 2019 05:10 AM

අගය කලයුතු ව්‍යාපෘතියක්.....

:       0       22

Anura Wednesday, 17 July 2019 05:43 AM

ඉතා හොඳ වැඩක් හැබැයි තව ටික දවසකින් විපක්ෂයේ දේශපලුවෙක් මේ ප්‍රදේශයේ මිනිස්සුන්ව උසි ගන්වයි මෙන්න මෙහෙට කොළඹ කුණු ගේනවා කියලා ,ඉට පස්සේ අර සුපුරුදු පාරවල් වහගෙන යකා නටන ජවනිකා ඇරැඹෙයි.

:       29       90

dilip Wednesday, 17 July 2019 05:48 AM

ජයවේවා චම්පික මහතාට.

:       390       427

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31361 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13578 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11012 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 127 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 991 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site