IMG-LOGO

2025 ඔක්තෝබර් මස 18 වන සෙනසුරාදා


අරුවක්කාලු පිපිරිම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයයි

(ඩයනා උදයංගනී)

           

අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරන නියාමන ටැංකියේ සිදු වූ පිපිරීම කඩාකප්පල්කාරී කි‍්‍රයාවක් දැයි සැකයක් මතු වී තිබෙන බව  මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

එම පිපිරීම හේතුවෙන් අරුවක්කාලූ සනීපාරක්‍ෂක කසළ රඳවනයේ අපජලය එකතු කරනු ලබන නියාමන ටැංකියේ එහි මතුපිට ස්ථරය විනාශ වී ඇතැයිද එම අමාත්‍යාංශයේ ප‍්‍රකාශකයෙක් පැවසීය.

මෙම සිද්ධියට පාදක වූ හේතු සෙවීම සඳහා පොලීසියත්, ඊට අදාළ තාක්ෂණික කාරණා සම්බන්ධයෙන් විශ්වවිද්‍යාල සහ විශේෂඥ පිරිසකගෙන් සමන්විත කණ්ඩායමකුත් විසින් මේ වන විටත් පරීක්‍ෂණ ආරම්භ කර ඇතැයි ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.

ටැංකියේ ජනනය වූ මීතේන් වායුව පුළුස්සා පරිසර හිතකාමී ලෙස වායු ගෝලයට මුදා හැරීම වායු පිළිස්සීමේ උපකරණ 12 ක් යොදා ගනිමින් සිදුවන බැවින් ටැංකිය පුපුරාගියේ මීතේන් වායුව හේතුවෙන් බවට පැතිරෙන කට කතා සම්පූර්ණයෙස්ම අසත්‍ය ඒවා බව කසළ අංගනයේ ව්‍යාපෘති නිලධාරියෙක් ප‍්‍රකාශ කළේය.

මෙවැනි මිලිමීටර් 700 ක් ඝනකම සහ මතුපිට ආවරණය මිලිමීටර් 400 ක ඝනකමකින් යුත් දැඩි කොන්ක‍්‍රීට් ආවරණයකින් සමන්විත මෙහි කිසි සේත්ම මීතේන් මගින් පුපුරා යාමක් සිදුවිය නොහැකි බව ද ඔහු පැවසීය.



අදහස් (8)

අරුවක්කාලු පිපිරිම කඩාකප්පල්කාරී ක්‍රියාවක් දැයි සොයයි

cyril Tuesday, 08 October 2019 11:10 AM

සිදුවී ඇත්තේ වැඩ අවසන් නොකරපු පද්ධතියේ කුණු දැමීම නිසා මීතේන් වායුව රැස්වන ටැංකියක් පිපිරීමයි. පීඩන පාලන උපකරණ තවම සවි කර නොමැත.

:       5       90

widuraTuesday, 08 October 2019 11:40 AM

ඔබතුමා කිව්ව කතාව ඇත්තක් විය හැකිය. කරුණාකර ඔබ ඉදිරිපත් කරන අදහස සනාථ කර ගැනීම සදහා තවත් කරුණු ඉදිරිපත් කරන්න.

:       0       19

najmin Tuesday, 08 October 2019 11:15 AM

හොයලා මොනවා කරන්නද ? අපේ පුත්තලමට කොළඹ කුණු එපා.

:       86       218

කොළඹ කුණුTuesday, 08 October 2019 12:13 PM

එහෙම කොහොමද? එතකොට අපේ කොළඹ කුණු කොහෙටද දාන්නේ?

:       0       0

samitha Tuesday, 08 October 2019 01:32 PM

අපේ ගමට කුණු ඕනේ නැහැ.

:       0       0

KamalTuesday, 08 October 2019 02:19 PM

එහෙනම් පුත්තලමේ වෙනම රටක් හදා ගන්න

:       0       0

කැප්Tuesday, 08 October 2019 09:14 PM

එහෙනම් පුත්තලම් අය කොලඹ වැඩට එන්න එපා

:       0       0

rama Tuesday, 08 October 2019 11:19 AM

මේක ගෝටාබය කලාද දන්නේ නෑ හොයල බලන්න වෙයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 983 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1034 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 408 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site