හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්දිරයෙන් ඉවත් කිරීමට කිසිදු ආරක්ෂක හමුදා කණ්ඩායම් යොදවන්නේ නැතැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ල්මේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා බීබීසී සිංහල සේවය වෙත ප්‍රකාශ කර ඇත.
එසේම රනිල් වික්‍රමසිංහ හිටපු අගමැතිවරයාට එම ස්ථානයෙන් ඉවත් වීමට අවශ්‍ය කාලය ලබා දීමට සූදානම් යැයි ද නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් කියා සිටියේය.
නාමල් රාජපක්ෂ මහතා මෙසේද කීය.
‘‘අපි කිසිම ආකාරයෙන් ආරක්ෂක අංශ යොදවා ඔහුව ඉවත් කරන්නේ නැහැ.කොහොම කිව්වත් ඔහු දැන් හිටපු අග්‍රාමාත්‍යවරයා පමණයි.අපි ඒ නිසා වික්‍රමසිංහ මහතාට එතැනින් ඉවත් වීම සදහා ප්‍රමාණවත් කාලයක් ලබා දෙනවා යැයිද හෙතෙම කීය.
(125)
(බී.බී.සී. ඇසුරෙනි)
COMMENTS
මොහු තමයි මහින්ද ට හිමි තැන නැතිකළේ කලිනුත්.
කරන කෙහෙල්මලක් මොලේ කල්පනා කරලා මනුස්සයෙක්ගේ ආත්ම ගෞරවය රැකෙන විදිහට කරන්න. බලය තාවකාලිකයි. මනුස්සකම සදාකාලිකයි.
ඔබේ පියාට අරලියගහ මන්දිරයෙන් යන්න උනෙත් ඔබලාගේ අමන වැඩ නිසා බවත් අමතක කරන්න එපා.
අගමැති වුනේ කවුද? රජකරන්නේ කවුද? පේනවා නේද දැනටම වැඩ? පුලුවන්නම් කියවන්නේ නැතිව පාර්ලිමේන්තුව වහා කැඳවා බහුතරය පෙන්වන්න.
මේ රටේ ශීලාචාර පුරවැසියන් හැටියට මේ රටට අද සිදු වෙලා තියෙන අවාසනාවන්ත තත්වය නිසා අපි බොහෝ සේ ලැජ්ජාවට පත් වී සිටිමු. අපිට මේ කුණු ගඳ ගසන මජර දේශපාලනයෙන් හෝ දේශපාලකයින්ගෙන් කිසිඳු ඵලක් නොවේ. කාගේ කාගෙත් කිල්ලොටවල යහමින් හුණු තිබෙන බව අපි දනිමු. රටේ උත්තරීතර ව්‍යවස්ථාවට අනුව ගරුත්වයෙන් යුතුව කටයුතු කර ශ්‍රී ලංකා මාතාව ඇද දමා ඇති මේ නින්දාසහගත තත්වයෙන් ඇයව මුදවාලන්නට සෑම දේශපාලකයෙකුම වග බලාගත යුතුයි.
නාමල් බේබි ගේන්නකෝ නිල් බලකායට වැඩ ටිකක් පෙන්නන්න...
පියාටත් ඉහළින් මාධ්‍ය ප්‍රකාශ නිකුත් කරන්න ගිහින් තමන්ගේ දේශපාලන පරිනත භාවය පෙන්වනවාද? රට ජාත්‍යන්තරයේ විහිළුව බවට පත්වෙලා ඉවරයි...
මේ රටවත් දේශපාලුවෝ වත් කවදාවත් හැදෙන්නේ නැහැ. පුළුවන් විදියට වෙන රටකට පැන ගන්න එක තමයි හොඳ.
ඔව් කතාව ඇත්ත. කල ගුණ සලකන්න ඕන. මේ අවුරුදු හතර පුරාම රටේ නීතියට පයින් ගහමින්, ඔයා ඇතුළු පවුලේ අයව ආරක්ෂා කිරීම පිළිබඳව.
දැනටම බැටන් පොල්ල අතට අරගෙන වගේ.
මල්ලි, දැන් හිටන්ම හිස් ඔලුගෙඩිය උදුම්මා ගන්න එපා ! එහෙම හමුදාව දැම්මොත් ඒක "හමුදා කුමන්ත්‍රණයක්" හැටියට මුළු ලෝකයටම පේනවා. කූල්, මල්ලි....කූල් !!!
දේශපාලනය කියන්නේ සමාජ සේවයක්, ත්‍රස්තවාදයක් නොවෙයි කියලයි මමනම් දන්නේ. නැතිනම් අපි හැමදෙනාම නීතියට සහ ව්‍යවස්තාවට ගරු කල යුතුයි.
පුතා හදන්නෙ ආයෙ තාත්තව ගෙදර යවන්න වගේ..