IMG-LOGO

2025 නොවැම්බර් මස 05 වන බදාදා


අර්ජුන් මහෙන්ද්‍රන් ඉල්ලා යැවූ ලේඛන සිංගප්පුරු රජයට බාරදෙයි

(මනෝප‍්‍රිය ගුණසේකර)

අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නිලධාරීන් විසින් සිංගප්පූරු රජයට අද (16) බාරදුන් බව නීතීපති, ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතාගේ සම්බන්ධිකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවාය.

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් අර්ජුන් මහෙන්ද්‍රන් මහතාට චෝදනා එල්ල වී තිබිණි.

සිංගප්පූරු රජයට බාරදුන් එම ලේඛන අතර විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවා ඇති පිටු 21,000 ක් පමණ අඩංගු ගොනු වලින් සමන්විත අදාළ ලේඛනද ඇති බව නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 68 කට අධික පාඩුවක් සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින ශ‍්‍රී ලංකා මහා බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහෙන්ද්‍රන් මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් පළමු ස්ථිර විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණය විසින් නිකුත් කළ වරෙන්තුව අනුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කරවා ගැනීම සඳහා සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරීමට ලංකා ආණ්ඩුවට අවකාශ ලැබී ඇත.

භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට පාඩු සිදුවන අන්දමින් මහා පරිමාණ වංචාවක් සිදු කිරීම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පත්කළ ජනාධිපති පරීක්‍ෂණ කොමිසම හමුවේ පෙනී සිටිමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා විදේශ ගතවූ අතර ඉන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගැනීමට හෝ ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියාවක් නොලැබිණි.

ඉන් වසර කිහියපකට පසු නීතිපතිවරයා විසින් අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදී.

එම නඩුව විභාගයට ගත් පළමු ස්ථිර ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ලේ විනිසුරුවරුන් ලෙස කටයුතු කළ සම්පත් විජේරත්න (සභාපති විනිසුරු) සම්පත් අබේකෝන් සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන් විසින් අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින අර්ජුන් මහෙන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කරන ලදී.

එලෙස වරෙන්තු නිකුත් කිරීමත් සමඟ අධිකරණය මඟහැර විදේශගතව සැඟවී සිටින විත්තිකරුවකු සිය රටට පිටුවහල් කරවා ගැනීමට උදර්පන නීතීය යටතේ අවශ්‍ය මූලික කරුණක් සම්පුර්ණ වීමෙන් අනතුරුව අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට ගෙන්වා ගැනීමට සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කිරීමට අවශ්‍ය ලේඛන ආදිය  නීතීපතිවරයා  විසින් සකස් කරන ලදී.

ඒ සඳහා පිටු 21,000 කින් යුත් ලේඛන අඩංගු ගොනු සකස් කළ නීතීපතිවරයා සිංගප්පූරු රජය වෙත ඉල්ලීමක් කිරීමට අවශ්‍ය නීතීමය ලේඛන අඩංගු ගොනු නීතීපතිවරයා විසින් විදේශ කටයුතු අමාත්‍යංශයට හා ආරක්‍ෂක අමාත්‍යංශයට බාර දෙන ලදී.

එලෙස බාරදුන් ගොනු විදේශ කටයුතු අමාත්‍යංශය විසින් සිංගප්පූරු රජයට ඉදිරිපත් කර මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරුවකු වන අර්ජුන් මහෙන්ද්‍රන් මහතා ලංකාවට පිටුවහල් කර එවන ලෙස උදර්පන නීතීය යටතේ සිංගප්පූරු රජයෙන් ඉල්ලීමක් කළ යුතුය.

ඒ අනුව එම පියවරයන් සම්පුර්ණ කිරීම සඳහා මේ වන විටත් ක්‍රමානුකුලව පියවර ගෙන ඇතැයිද ඒ අනුව නීතීපතිවරයා විසින් සකස් කරන ලද විදේශ කටයුතු අමාත්‍යංශය මාර්ගයෙන් සිංගප්පුරුවේ ඇති ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයට යවනු ලැබූ නීතීමය තත්වයන් හා ලිපි ඇතුළත් ගොනු මෙලෙස සිංගප්පූරු රජයට බාරදී ඇතැයිද නිශාරා ජයරත්න මෙනවිය වැඩිදුරටත් පැවසුවාය.

 



අදහස් (0)

අර්ජුන් මහෙන්ද්‍රන් ඉල්ලා යැවූ ලේඛන සිංගප්පුරු රජයට බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 48 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2005 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1558 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site