IMG-LOGO

2025 ජුලි මස 31 වන බ්‍රහස්පතින්දා


අර්ජුන් - අජාන් නැතිව බැඳුම්කර නඩුව විභාගයට

(මනෝප‍්‍රිය ගුණසේකර)

මහ බැංකුව විසින් භාණ්ඩාගාර බැදුම්කර නිකුත් කිරීමේදී රජයට රුපියල් කෝටි 1500 ක පමණ පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු විත්තිකරුවන් 09 දෙනකුට එරෙහි නඩුවේ අධිකරණයට ඉදිරිපත් නොවී පැනගොස් සැගවී සිටින විත්තිකරුවන් දෙදෙනකු නොමැතිව මෙම නඩුව විභාග කිරීමට විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කළේය.

මෙම නඩුවට අදාලව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියදී පැනගොස් සැඟවී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ මහ බැංකුවේ හිටපු නිලධාරියකු වන අජාන් ගාර්දිය පුංචිහේවා නැමැති විත්තකිරුවන් නොමැතිව මෙම නඩුව විභාග කරන්නයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ලක්මිණි දිරිහාගම මහත්මිය කළ ඉල්ලීමක් පිළිගනිමින් විත්කිකරුවන් දෙදෙනා නොමැතිව නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

මෙම නඩුව අමල් රණරාජා (සභාපති), නාමල් බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳි යන මහත්වරුන්ගෙන් සමන්විත ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ විනිසුරු මඩුල්ල හමුවේ විභාග කෙරේ.

 



අදහස් (8)

අර්ජුන් - අජාන් නැතිව බැඳුම්කර නඩුව විභාගයට

sachith Thursday, 29 April 2021 01:38 PM

නඩුවෙන් වැරැදිකාරයා වෙයි.. ඒත් ඉතින් වැඩක් නැහැනේ.. කොහේ කියලා අල්ලන්නද? ආණ්ඩු මාරු වූ ගමන් ලංකාවෙන් මතු වෙයි.

:       1       40

nimalThursday, 29 April 2021 04:49 PM

අර්ජුන නිසා නැතිවුණා කියන කෝටි 12 තවම මහබැංකුවේ රඳවාගෙන තිබ්බේ. මේ නඩුව පටන් ගත්තේ මහ බැංකුවේ රඳවාගෙන තිබුණු කෝටි 12.. මේ රජය වියදම් කරන නිසාවෙනි.. අර සීනි නිසා පාඩුව කෝටි 25ක්ලු නේද? අපි නම් එක පැත්තකටවත් නැත..

:       0       0

Weerasekara Thursday, 29 April 2021 02:25 PM

මොන විහිළුවක් ද මේ? කාවද රවට්ටන්නේ?.

:       20       10

siri Thursday, 29 April 2021 02:56 PM

ඡන්දෙ කාලේදී කීවේ නම් " මහබැංකු කොල්ලකරුවන් සේරම බෙල්ලෙන් අල්ලලා ගෙනැවිත් හිරේදානවා" කියලයි. කියනකොට එහෙමයි කරනකොට මෙහෙමයි. 69 ලක්ෂයක් නොවැම්බර් වරුන් කාපු ලණුව පව්...

:       25       11

Rata Perata Thursday, 29 April 2021 02:59 PM

ලක්මිණීලාට ඉතින් තප්පුලන පදයට නටන්න ඕනෑනේ.. නැතිනම් මේ මොන විහිළුවක්ද? ලෝකෙ කොහේ හිටියත් සති 02න් ගේනවා කියලා තමයි කිව්වේ. තවමත් තප්පුලන අය ඉන්නවා... ඒකනේ පුදුමේ...

:       9       6

pradeepa Thursday, 29 April 2021 03:00 PM

අපි නම් හිතුවේ අපේ සර් ආපු ගමන්ම අල්ලගනී කියලා.. දැන් බලනකොට කළින් ආණ්ඩුව වගේ නෑ. එයාලා ඇල්ලුවෙත් නැහැ... මෙයාලා ලොකුවට පම්පෝරි ගැහුවට ඇල්ලුවෙත් නැහැ. රංජන් නම් කිව්වා.. මේ අය ඔක්කොම යාලුවෝ මල්ලි... හොරු අල්ලන්නේ නැහැ කියලා.. ඒක නම් ඇත්තනේ..

:       9       9

Sri Lanka Thursday, 29 April 2021 09:00 PM

මේකත් අර කැකිල්ලේ නඩුව වගේ තමයි... නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

:       0       4

rocky Thursday, 29 April 2021 11:58 PM

පටස් ගාලා අල්ලගන්නවා කියලායි කිව්වේ? කොහොමද කයිවාරු ගැහැව්වේ නම් ? අනිත් කවුරුවත් ඔහොම වේවි නේද?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 92 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 238 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 587 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

Our Group Site