(ඉන්දිකා රාමනායක)
ඛනිජ තෙල් සංස්ථා මූලස්ථාන පරිශ්‍රයට ඇතුළුව සිටියදී පිරිසක් තමන් ඝාතනය කිරීමට උත්සහ ගත් බවට හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පොලිස් මූලස්ථානයට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් අද (12) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට කරුණු වාර්තා කළ බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සිද්ධිය වූ ඉකුත් (28) දින රාත්‍රීයේම අර්ජුන රණතුංග මහතා පොලිස් මූලස්ථානයට පැමිණ මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණි.
මෙම සිද්ධියට අදාල පැමිණිල්ල පොලිස් මූලස්ථානය කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත යොමු කිරීමෙන් පසු කොළඹ අපරාධ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් අද අධිකරණයට කරුණු වාර්තා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.
මෙම පැමිණිල්ලට අනුව පොලිසිය පරීක්ෂණ පවත්වා සිද්ධියට අදාල සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවද පොලිසිය සඳහන් කරයි.
දෙමටගොඩ පිහිටි ඛනිජතෙල් සංස්ථාවේ මූලස්ථාන පරිශ්‍රයට ඉකුත් (28) පස්වරුවේ ඇතුළුව සිටි හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාට එහි සේවකයන් පිරිසක් විරෝධය දැක්වීම හේතුවෙන් ඇති වු උණුසුම් තත්ත්වය දුරදිග යාමෙන් ඔහුගේ ආරක්ෂාවට සිටි ඇමැති ආරක්ෂක පොලිස් නිලධාරියකු සිදුකළ වෙඩි තැබීමකින් සේවකයකු මියගොස් තවත් සේවකයන් දෙදෙනකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණි.
2025 දෙසැම්බර් මස 18
690
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
331
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1117
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
අර්ජුනගේ පැමිණිල්ල ගැන උසාවියට කරුණු වාර්තා කරයි