(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන "අරුග්ගොඩ සලිදු " නැමැත්තාට අයත්    රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනා  මත්ද්‍රව්‍ය තොගයක් සමග කාන්තාවන් දෙදෙනෙක් සහ පිරිමි පුද්ගලයෙකු බණ්ඩාරගම දි  අත්අඩංගුවට ගත් බව සංවිධානාත්මක අපරාධ නිවාරන කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1යි ග්‍රෑම් 750ක්, හෙරොයින්  මත් කුඩු  ග්‍රෑම් 10  ක් හා කේරල ගංජා ග්‍රෑම් 500 ක්  පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාවන් දෙදෙනා  පිළියන්දල හා මිල්ලනිය වත්ත පදිංචිකාරියන් වන අතර පිරිමි සැකකාර පුද්ගලයා  පානදුර පදිංචිකරුවෙකි.