
(සුජිත් හේවාජුලිගේ )
අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ (අයි ඩී එච් රෝහල) කොවිඩ් රෝගීන් සංඛ්‍යාව හරි අඩකින් පමණ අඩුවී ඇතැයි එහි අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා ලංකාදීපයට පැවැසීය.
දැනට පතිකාර ලබන්නේ රෝගීන් 100 කට ආසන්න ප්‍රමාණයක් පමණක් හෙයින් රෝහලේ පෙර තිබූ තදබදය නැතැයිද හෙතෙම සඳහන් කළේය.
කොවිඩ් තෙවැනි රැල්ලේ උච්චතම අවස්ථාවේදී අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 234ක් දක්වා ඉහළ ගියේය.
කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව පහළ බැස ඇතත් කොවිඩ් අවදානම කිසිසේත්ම පහව ගොස් නැතැයි පැවසූ අත්තනායක මහතා ජනතාව මූලික සෞඛ්‍ය නීති පිළිපදිමින් දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බවද ප්‍රකාශ කළේය.
රට තවම පවතින්නේ විනෝද සවාරි යන කාල පරිච්ඡේදයක නොවේ යැයිද එසේ අවිචාරවත්ව කටයුතු කළහොත් යළිත් කොවිඩ් රැලි මතුවිය හැකි යැයිද ඔහු පැවැසුවේය.
අංගොඩ බෝ වන රෝග විද්‍යායතනයටඇතුළත් කෙරෙන්නේ කොවිඩ් ආසාදනය වීමෙන් බරපතළ සංකූලතා මතු වුණු රෝගීහු වෙති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.