IMG-LOGO

2025 සැප්තැම්බර් මස 19 වන සිකුරාදා


අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

(මහින්ද නිශ්ශංක)
 
අයි. ඕ. සී. සමාගම ද ඊයේ (10)  මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි  ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5 කින්ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 8 කින්ද, සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 8කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් ඉහළ නංවා තිබේ.

මෙයට අමතරව සමාගමේ නිෂ්පාදනයක් වන එක්ස්ට්‍රප්‍රමියන් යුරෝ 3 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 6කින් සහ එක්ස්ට්‍රා ඔයිල් ඩීසල් ලීටරයක මිල රුපියල් 6කින් වැඩි කර තිබේ.


 



අදහස් (9)

අයි ඕ සී සමාගමත් ඉන්ධන මිල ඉහළ දමයි

OMG Thursday, 11 October 2018 07:01 AM

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ලාංඡනය වගේ තමා අපිට දුවන්න වෙන්නේ මේ යන විදිහට.

:       0       84

රොමේෂ් Thursday, 11 October 2018 08:52 AM

අයිඕසී සමාගම ලාභය ලෙස අපේ රටෙන් ඩොලර් එලියට අරන් යනවා. රුපියල ඩොලරයට සාපේක්ෂව අවප්‍රමාණය වෙනවා. එමනිසා ලෝක වෙළඳපොලේ බොර තෙල් බැරලය සහ අපේ රුපියල අතර පරතරය වැඩිවෙනවා. මිල සුත්‍රය අනුව නැවත වතාවක් 10 වෙනිදාට ඉන්ධන මිල ඉහළ යනවා. අයිඕසී සමාගමේ මෙහෙයුම් ලාභය අමතර පිරිවැයකින් තොරවම වැඩිවෙනවා. ඒ ලාභය ඩොලර් වලින් ඔව්න් නැවතත් ඉන්දියාවට ගෙනියනවා. නැවත නැවතත් අපේ රටේ ඩොලර් හිඟය ඇතිවෙනවා. මේක හරිම චක්‍රකාර පිළලයක්. විකුණාගෙනම කන්න බලන් ඉන්න දන්නා පාලකයෝ පත්කරගත්ත ජනතාව මේ ප්‍රතිපල අත්විඳීම එක අතකින් සාධාරණයි. නමුත් සමස්ත ජනතාවටම මේ දුක උහුලන්න වීම තමයි කනගාටුව. දැන්වත් අලුතින් හිතන්න පටන් ගැනීම තමයි විය යුත්තේ.

:       0       256

tikiri Thursday, 11 October 2018 09:10 AM

වල ඌරා කැකුණ තලනකොට හබන් කුකුලට ජයලු !!

:       0       3

vipula Thursday, 11 October 2018 11:09 AM

මහින්ද ආණ්ඩුවේ බඩු මිල දැකලා කිබුල් කදුළු හෙලලා මේ ආණ්ඩුව බලයට අවා. දැන් මාසෙන් මාසෙට තෙල් මිල වැඩි කරනවා.....

:       14       158

Hafeel Thursday, 11 October 2018 11:23 AM

මෙයාල මාසෙන් මාස රැස්වෙන්නෙක මෙයාලටත් මහන්සි, අනවශ්‍ය වියදම්. එම නිසා එක පාරටම 2020 දක්වා මාසික වැඩි වෙන්න ලැයිස්තුව හැලිකරන්න. සූත්‍රය කියන්නේ මිල අඩුවෙන්නෙක නොවෙයිනේ. එතකොට ජනතාවටත් තීන්දුවක් පහසුවෙන් ගන්නත් පුළුවන්.

:       0       2

tommy Thursday, 11 October 2018 12:14 PM

අයිඕසී සමාගම ලංකාවේ ව්‍යාපාරික කටයුතු කරන්නේ විදේශීය ආයෝජකයෙකු ලෙසයි. ඕනෙම විදේශීය ආයෝජකයෙකු තම ලාභයෙන් යම් ප්‍රමාණයක් රටෙන් ඩොලර් වශයෙන් එලියට අරන් යන බව ඇත්ත. නමුත්, ඔවුන් ලබන ලාභයෙන් රජයට බදු මුදල් ගෙවන අතර ඔවුන්ගේ ව්‍යාපාර තුලින් ලාංකිකයින් බොහෝ දෙනකුට රැකියා සපයන බවත් අමතක නොකළ යුතුයි. මෙවැනි ආයෝජන රටේ නොතිබුනානම්, මා ඉහත සඳහන් කල දේ අපට අහිමි වීමට ඉඩ තිබුනා.

:       0       1

sam Thursday, 11 October 2018 01:26 PM

මහින්දගේ කාලේ බොර තෙල් බැරලය ඩොලර් 91.29 ට අරගෙනත් මීට වඩා අඩුවට තෙල් දුන්නා. අද කියනවා බොරතෙල් බැරලය ඩොලර් 80 නිසා අඩුවට දෙන්න බැහැලු..

:       0       0

BamunuarachchiFriday, 12 October 2018 06:25 AM

එතන තිබෙන අගය කල යුතුදේ තමයි ලෝක ආර්ථීකයේ බිඳ වැටීමට මුහුණ දෙමින් යුද්දය කරමින් රටේ සංවර්ධනයත් කරමින් ජනතාවට බදු නොගහා රුපියල අගයත් ඉහලින් තබාගෙන, මේ අය කියන විදිහට හොරකමුත් කරගෙන රට සුඛිත මුදිතව තබා ගැනීම.

:       0       0

Bamunuarachchi Friday, 12 October 2018 04:53 AM

අපේ ඩොලර් වියදම් කර රටට ගෙන තෙල් ටික අපේම මිනිසුන්ට විකුණලා ඒ ලාභය ඩොලර් කර උන්ගේ රටට යවනවා. යකෝ මේක මාර විහිළුවක්නේ. අපිට මොන ලාභයකටද අපි මෙහෙ තියාගෙන ඉන්නේ? ඉන්දියානුවෝ ඔවුන්ගේ ඩොලර් වලට තෙල් මෙහාට ගෙන එනවාද? දන්නා කෙනෙක් කියන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31347 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13565 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11008 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 123 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 965 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 283 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site