IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


අයිසීස්ලාට සම්බන්ධ 127 ක් ඉන්දියාවෙන් අත්අඩංගුවට

අයි.එස්.අයි.එස් ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට සැකපිට පුද්ගලයින් 127 දෙනෙකු ඉන්දියාවේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවිය අද (15) වාර්තා කළේය.

සැකකරුවන්ගෙන් වැඩි දෙනෙකු ශ්‍රී ලංකාවේ පාස්කු දින ප්‍රහාරයේ ප්‍රධානියා ලෙස සැලකෙන සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නරඹා අදාළ සංවිධානයට සහය පල කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානී අලෝක් මික්ටාල් මහතාගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම පුවත්පත් වෙබ් අඩවි වාර්තාවේ දැක්වේ.

ඉන්දියාවේ ප්‍රාන්ත 14ක සිදුකළ මෙහෙයුම්වල දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර අදාළ පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත කල්ලියට සම්බන්ධ ප්‍රධානියෙකු ලෙස සැලකෙන ශකීර් නයික්ගේ අනුගාමිකයින් බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානීයා කියා සිටී.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සියලු දෙනාම  ශ්‍රී ලංකාවේ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහමොළකරුවූ සහරාන් හෂීම්ගේ වීඩියෝ දර්ශන නැරඹී මඟින් තමන්ට මෙම ත්‍රස්ත ක්‍රියාවන් හී නිරත වීමට පෙලඹවූ බව පිළිගෙන ඇති බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ ප්‍රධානීයා එම ප්‍රකාශ කර ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් වැඩි දෙනෙකු තමිල්නාඩු  ප්‍රාන්තයේ වන අතර පුද්ගලයින් තිස් තුන්දෙනෙකු එහිදි අත්අඩංගුවට ගෙන තිබේ.ඊට අමතරව උත්තර් ප්‍රදේශයෙන් පුද්ගලයින් 19 දෙනෙකු, කේරලයෙන් පුද්ගලයින්  17 දෙනෙකු තෙලඟනා ප්‍රදේශනේ පුද්ගලයින් 17 දෙනෙකු, මහාරාෂ්ඨ ප්‍රාන්තයෙන් පුද්ගලයින් 14 දෙනෙකු සහ කර්නාටකයෙන් 12 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් වෙබ් අඩවි වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.

 

(125)

 



අදහස් (0)

අයිසීස්ලාට සම්බන්ධ 127 ක් ඉන්දියාවෙන් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 220 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site