මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (5) පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන 2019 අයවැය ලේඛනයෙන් ගොවීන්ට පොහොර නොමිලයේ ලබාදීමේ යෝජනාවක් ඉදිරිපත් කෙරෙනු ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව රජයේ සේවකයන්ට වැටුප් වැඩිවීමක් ලබාදීමට ද මෙවර අයවැයෙන් යෝජනා කෙරෙනු ඇතැයි ද එම ආරංචි මාර්ගවලින් පැවසේ.
උපාධිධාරීන්ට අමතරව උසස් පෙළ සමතුන්ට ද රැකියා ලබාදීමේ වැඩපිළිවෙළක් ද අයවැය ලේඛනයෙන් ඉදිරිපත් කෙරෙනු ඇතැයි දැන ගන්නට තිබේ.
මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ රජයේ පස්වැනි අයවැය ලේඛනයෙන් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම ඉලක්ක කර ගත් වැඩසටහන් කිහිප
යක් හා අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජීවනෝපායන් ඉටු කිරීමේ යෝජනාව ඉදිරිපත් කිීරීමට නියමිත බවය.
‘ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා’ වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තවදුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළක් ද මෙවර අයවැය යෝජනාවලට ඇතුළත් බව ද මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 04
565
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අයවැයෙන් රාජ්‍ය සේවක වැටුප් ඉහළට
theshan Tuesday, 05 March 2019 06:02 AM
ඔව් ඉතින් වැඩක් හරියට නොකරන රාජ්‍ය සේවකයන්ට හැමදාම වැඩි වැටුප්, වැඩිම සේවකයන් ඉන්න පෞද්ගලික අපිට හැමදාම හුලං.
Bandula. Tuesday, 05 March 2019 06:21 AM
දුප්පතුන් පෝෂණය කිරීම?. දැන් තියන බදු බරට පෝෂණය වේවිද? අනේ මන්ද රජයේ සේවක යන්ට වැටුප් වැඩි වෙනවා ඒකනම් හොදක් වගේම පුද්ගලික අයට මොකද වෙන්නේ?
නුවන් Tuesday, 05 March 2019 06:28 AM
මේවට යන වියදම් කොහෙන්ද හොයන්නෙ. තව ණයද?
Nissanka Tuesday, 05 March 2019 06:32 AM
2015 පලවෙනි අයවැයෙන් රු 10,000.00 ක වැටුප් වැඩිවීමක් දුන්නා. ඒ තමයි රජයේ සේවකයෝ ලබපු ඉහලම වැටුප් වැඩිවීම. එත් ටික දවසකින් හැමෝටම ඒවා අමතකයි. 2017 පළාත් පාලන ඡන්දෙදි රජයේ සේවකයෝ පොහොට්ටුවට ඡන්දෙ දුන්නා. මේ ආණ්ඩුවට උවමනාවකුත් නෑ ඒ දේවල් වල ප්‍රචාරක වාසිය අරගෙන ඡන්ද දිනන්න. මොන සහන දුන්නත් වැඩක් නෑනේ ජනතාව අතර තමන්ට වාසිදායක මතයක් හදා ගන්න බැරිනම්. ඒ අතින් රාජපක්ෂලා සියලුම මාධ්‍ය හා සමාජ ජාල භාවිතා කරලා තමන්ගේ ප්‍රචාරක කටයුතු ඉහලින්ම කරගෙන යනවා. අඩු තරමේ මාධ්‍ය ඇමතිට අයිති පත්තරෙත් වැඩි ප්‍රචාරක වාසියක් දෙන්නේ පොහොට්ටුවට.
indikaTuesday, 05 March 2019 07:02 AM
2015දි 10,000.00 වැටුපට දාල ඊට පස්ස අවරුදු 4ම කරේ ඒ කෑලි මුලික වැටුපට එකතු කරන එක. ඒ කියන්නේ අවුරුදු 4 කට පඩි වැඩි වෙලා නැහැ. ඉස්සර වගේ අවුරුද්ද ගානේ වැඩි කරත් ඔය ගානම වැඩි වෙනවා.
ahinsaTuesday, 05 March 2019 03:15 PM
ඒක මුලික වැටුපට එකතු කල එක කොච්චර වටිනවද විශ්‍රාම යනකොට නැත්නම් ඉස්සර සොච්චමම තමයි දැන් අනික අතිකාල එහෙමත් වැඩි වෙනවා මුලික වැටුප වැඩි නිසා..
VajiraTuesday, 05 March 2019 07:03 AM
චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලේ මංගල ජනමාධ්‍ය ඇමති විදිහට ආණ්ඩුව වෙනුවෙන් ඉතා දක්ෂ ලෙස කටයුතු කරා. ඒක කොයි තරම් සාර්ථකද කියනවානම් රනිල්ට විරුද්ධව එදා සිදු කළ ප්‍රචාරක හානිය අදටත් මකා දැමිය නොහැකි ලෙස සමාජගත වුනා. රනිල්ගේ ප්‍රතිරූපය නැවත ගොඩ නැගිය නොහැකි ලෙස බිද වැටුනා. අද ආණ්ඩුව වෙනුවෙන් ඒ වගේ මාධ්‍ය හැසිරවිය හැකි කෙනෙක් නොමැති වීම තමා මේ ආණ්ඩුවට තියෙන බරපතලම අඩුපාඩුව.
Krishan Tuesday, 05 March 2019 06:39 AM
පෞද්ගලික අංශයේ මැරිගන වැඩ කරන අපිට හුලන්. රජයේ නිකමුන්ට වැඩි වැටුප්, නිවාඩු, පෙර්මිට්, පගාව !!! මොකද්ද මේ රට ?
hasantha Tuesday, 05 March 2019 06:52 AM
ඡන්දයක් බලාගෙන රට තව තවත් ආගාධයට දාන ක්‍රියාවක්. ලංකාව ලෝකෙටම ණයයි. බදු පිට බදු ගහල, තව පොලියට ණය අරගෙනත් තමා තියෙන ණය ටික ටික ගෙවන්නෙත්. මිනිස්සුන්ට පඩි වැඩි කලාට වැඩක් නෑ. රටට ආදායම් නැත්නම් ඔව්න්ටම තමා වක්‍රව බර වැටෙන්නේ.
uddika Tuesday, 05 March 2019 06:58 AM
බදු ගෙවන මිනිසුන්ට සහන නැහැ. රටේ කිසි දෙයක දායක නොවන අයට සමෘධියයි ඔක්කොම. ඒ අය කරන්නේ මහන්සියෙන් ඒ වගේම ළමයි කොට්ටාශයක් රටට දායාද කරන එක . ඒ අය හොඳින් සැපෙන් ඉන්නවා වැඩ කරලා මහන්සි වෙන කෙනා මැරෙනකම් වැඩ කරනවා
Sanath Kandy Tuesday, 05 March 2019 07:12 AM
මේ ක්‍රමයේ විදිහට පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කිරීම සදහා මැදිහත් වීමට කිසිදු රජයකට නොහැක. මේ ක්‍රමය පවත්වාගෙන යාමට රජයකට සේවකයින්ට වඩා වැදගත් වෙන්නේ හාම්පුත්තු. ඒ නිසා ක්‍රමයේ වෙනසකින් තොරව හුදු ආණ්ඩු වෙනසකින් පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කර ගැනීමට නොහැකි බව තේරුම් ගනිමු. හැමෝටම තමන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමට තරම් සාධාරණ වැටුපක් ලබා ගන්න නම් වැඩ කරන ජනතාවගේ පන්තියට බලය හිමි සමාජ ක්‍රමයක් ගොඩ නගා ගමු.
දමයන්ති Tuesday, 05 March 2019 08:31 AM
කිසිම ආණ්ඩුවකින් රු.10000/- ක් රජයේ සේවකයින්ට එකපාර වැඩි කළේ නැහැ. රු.10000ක් කියලා ලෝකයාට පේන්න වැඩි කළා අවුරුදු 5කින් මූලික පඩියට එකකු වෙන්න. ඒවාගේ ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙන්නේ 2020 දි. එතකොට මුදලේ අගය අඩුවෙලා. පෞද්ගලික අංශයේ සේවකයින් මෙහි ඇත්ත තත්වය දන්නේ නැහැ. දේශපාලකයින් කෑ ගහලා කියන මේ ප්‍රෝඩාවට අහුවෙලා ඉන්නේ. කලින් ආණ්ඩුව කලේත් මේ දේම තමා ඒ අය අවුරුද්දෙන් අවුරුද්ද රාජ්‍ය සේවක වැටුප් වැඩි කලා . මේ අය අවුරුද්දෙන් අවුරුද්ද වැඩි නොකර අවුරුදු 5ටම (අවුරුද්දට 2000 ගානේ වැඩි වෙන්න) එකපාර 10000ක් දුන්නා. ආණ්ඩු දෙකම එකම බයිලාව තමා ගහන්නේ.
Jehaan Tuesday, 05 March 2019 08:42 AM
පඩි වැඩි කරන්න කලින් රජයේ ආයතන වල කාර්යක්ෂමතාව මනින්න. ඈනුම් යවමින පරක්කු වෙලා වැඩට එන, හද්ද කම්මැලි මිනිස්සු කොට්ටාශයකට පඩි වැඩි කරනවා. වැඩි කලත් කමක් නැහැ ඒ උදවියත් බදු වලට යටත් කරන්න. දියුණු රටවල රජයේ උදවියට බදු වලින් බේරෙන්න බැහැ. මේගොල්ල අභ්‍යවකාශයෙන් ගොඩ බැහැපු වෙනම ජීවී කොට්ටාශයක් නෙවෙයිනේ. අපිත් කන්නේ එගොල්ලා කන කඩේ හාල් තමයි. ජීවන වියදම හැමෝටම එකයි.
duTuesday, 05 March 2019 12:56 PM
පෞද්ගලික අංශේ සේරම එකතු වෙලා රජයේ ආයතන වලට බලෙන් රිංගලා හරි රැකියා කරන්න. එතකොට පුද්ගලික අංශයක් නැහැ. අන්න එතකොට අපේ බදු නැවතිලා රාජ්‍ය අංශයේ වැටුප් ගෙවන්න බැරි වුනහම තේරේවි රාජ්‍ය සේවයේ ආදායම හා කාර්යක්ෂමතාවය.
smn Tuesday, 05 March 2019 02:52 PM
මේක, ඉදිරි මැතිවරණය නිමිති කරගත් සාර්ථක අයවැයක් කියලයි මම නම් දකින්නේ