
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුදල් ඇමැතිවරයා අයවැය යෝජනා ඉදිරිපත් කරන ලබන මස 12 වැනිදා පාර්ලිමේන්තුවට ඇතුළු විය හැක්කේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් ආසාදිතයකු නොවන බවට ( නෙගටිව්) තහවුරුවන රාජ්‍ය නිලධාරීන්, මාධ්‍යවේදීන් ඇතුළු පුද්ගලයන්ට පමණක් බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවැසීය.
මේ අනුව එදින පාර්ලිමේන්තුවට පිවිසීමට පැමිණෙන එම සියලුම දෙනා ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකට (රැපිඩ් ඇන්ටිජන්) යොමු කෙරෙන බවද හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු ප්‍රධානීන් මෙම තීරණය ගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ සෞඛ්‍ය ආරක්ෂාව සැලකිල්ලට ගෙනය.
එම කොරෝනා පරීක්ෂණ සඳහා එදින උදේ 9.00 සිට පහසුකම් සලසන බව පවසන වේත්‍රධාරිවරයා එදින පාර්ලිමේන්තුවට පැමිණෙන සියලු දෙනා කොවිඩ් එන්නත් මාත්‍රා දෙකම ලබාගත් බවට තහවුරු කළ හැකි කාඩ් පත හෝ එහි පිටපතක් අනිවාර්යෙන්ම රැගෙන ආ යුතු බවද සඳහන් කළේය.
මුදල් ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී ලබන මස 12 වැනිදා පස්වරු 3.00 ට අයවැය යෝජනා ඉදිරිපත් කිරීම ආරම්භ කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ උදාහරණයක්. ළමයින්ගේ ආරක්ෂාව සඳහා පාසල්වල ද මෙය කළ යුතුය.