
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම පොදු වෙළෙඳ පොළ භූමියේ දී අද (10) පස්වරුවේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇතිවූ ආරාවුලකින් එක් අයෙකු මරණයට පත්ව ඇතැයි මීරිගම පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ මීරිගම අක්කර විස්ස පදිංචිකරුවකු වූ අයි.පී. ජානක විජේසිංහ නැමැති 38 හැවිරිදි පුද්ගලයෙකි.
මිය ගිය අය හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා කලක් තිස්සේ මීරිගම පොදු වෙළඳ පොළ භූමියේ සේවය කරන පුද්ගලයින් බව ද ඔවුන් දෙදෙනා අතර අද පස්වරු 4.00 ට පමණ ඇති වූ බහින් බස් වීමකින් පසු යකඩ පොල්ලකින් පහර දීමෙන් මල්ලි බරපතල තුවාල ලබා මරණයට පත් ව ඇතැයි මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
දෙදෙනා අතර මුදල් ආරවුලක් සම්බන්ධයෙන් බහින් බස්වීම සිදුව ඇතැයි පොලිසිය සැකකරයි.
සිද්ධියට සම්බන්ධ සහෝදරයා පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (10) රාත්‍රී අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා විසින් පැවැත්වීමට නියමිතව තිබිණි.
මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියන්ත මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක විමලරත්න මහතා ඇතුළු නිලධාරිහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
2025 නොවැම්බර් මස 17
78
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
915
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2536
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
අයියාගේ පොලු පහරින් මල්ලී මරුට