අජිත්ලාල් ශාන්තඋදය
රත්නපුර නගරයේ ඉස්ලාම් පල්ලියක 26 හැවිරිදි මවුලවිවරයෙක් මේ මස 15දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස රත්නපුර මහේස්ත‍්‍රාත් ජනිතා රෝෂනී පෙරේරා මහත්මිය අද (3) නියෝග කළාය.
අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් පොත්පත් සහ පත‍්‍රිකා තම සහෝදරයාට ලබාදුන් සහ මරදානේදී තැනක සතියක පුහුණු පාඨමාලාවක් හදාරද්දී ඒවා ලබාගත් බවට තොතුරු හෙළිවීමෙන් පසුව ඔහුව සැකපිට අත්අඩංගුවට ගැණිනි.
මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ මොහොමඩ් සකරියා මොහොමඩ් රිස්මි නැමැති 26 හැවිරිදි තැනැත්තෙකි.
මොහු මීගමුව ප‍්‍රදේශයේ ස්ථිර පදිංචිකරුවෙක් බව සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබේ.
සැකකරුගේ වැඩිමහල් සහෝදරයා කොච්චිකඩේ ප‍්‍රදේශයේ දී අයි.එස්.අයි.එස් ත‍්‍රස්තවාදීන්ගේ තොරතුරු ඇතුළත් පොත්පත් සහ පත‍්‍රිකා සමඟ අත්අඩංගුවට ගෙන තිබේ. ප‍්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා තිබුණේ ඒවා තමන්ගේ මල්ලී වන සැකකරු විසින් තමන්ට ලබාදුන් බවයි.
ඒ අනුව කළ දැනුම්දීමක් මත රත්නපුර පොලීසියේ නීතිය බලගැන්වීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ලයනල් මහතා ඇතුළු කණඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගනු ලැබ ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
අයිඑස්ලාගේ පොත් අයියාට දුන් මව්ලවි මල්ලී රිමාන්ඩ්