IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්

(සිරිනිහාල් ගමගේ)

වඳුරඹ මැද කිබිය ප්‍රදේශයේ විහාරස්ථානයක් අසල සැරි සැරූ අයිඑස්අයිඑස් ත්‍රස්ත කණ්ඩායමේ නායකයින්ගේ ඡායාරූප දුරකතනයේ සටහන්ව තිබු සැකකටයුතු පුද්ගලයකු වඳුරඹ පොලිසිය අත්අඩංගුවට ගෙන අද (25) බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන මස 05 දින දක්වා සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බද්දේගම මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා නියෝග කළේය.

මෙම පුද්ගලයා සතුව කිසිදු අනන්‍යතාවයක් සහතික කිරීමට හැදුනුම්පතක් හෝ වෙනත් කිසිදු ලේඛනයක් තිබී නැත.

ඔහු පවසන පරිදි කොලබවැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් කැනඩාවේ සේවය කර ලංකාවට නිවාඩුවකට පැමිණි බවත් නම සුරේෂ් ශ්‍රී කාන් බවටත් පොලිසියට පවසා ඇත.

පසුව ඔහු සන්තකයේ වූ භාණ්ඩ පරීක්ෂා කිරීමේදී කැනඩාවේ ආයතනයක සේවක හැඳුනුම්පතක් තිබී එහි නම ලෙස ශ්‍රී කාන් කාන් ලෙස සඳහන්ව තිබී ඇත.

මෙම පුද්ගලයා කුමක් සඳහා මෙම ප්‍රදේශයට පැමිණියේද යන්න විමසීමේදී එම ප්‍රදේශයේ විහාරස්ථානයක ස්වාමීන් වහන්සේනමක් සමඟ මුහුණු පොතෙන් මිතුරුවී එම ස්වාමීන් වහන්සේව හමුවීමට පැමිණි බව පවසා ඇත.

ඔහු සතුව තිබු ජංගම දුරකථනය පරික්ෂා කිරීමේදී ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයක් වන අයිඑස්අයිඑස් සංවිධානයේ නායකයන්ගේ ඡායාරූප හා ගාල්ල නගරයේ විවිධ ස්ථාන වල ඡායාරුප එම දුරකතනයේ සටහන්ව තිබී හමුවී ඇත.



අදහස් (1)

අයිඑස්අයිඑස් ත්‍රස්ත නායකයින්ගේ ඡායාරූප දුරකථනයේ තිබූ අයෙක් රිමාන්ඩ්

saliya Friday, 26 April 2019 04:16 AM

සියලුම අම්මලා ආගම් බේදයක් කරගනේ නැතිව තම දුදරුවන් ගැන සැලකිලිමත් වෙන්න ඕන කාලයක් මේක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 54 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 848 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 610 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site