IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි

(මුදිතා දයානන්ද )
ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග මෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතා සමගද සාකච්ඡා කිරිමට බලාපොරොත්තු වන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා අද (22) පැවසීය.
 

ඔහු මේ බව පැවසූයේ ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදි පැවති මාධ්‍ය හමුවකදීය.
 
ඉතාමත් ඉක්මනින් දෙපාර්ශ්වය අතර සාකච්ඡා ආරම්භ වන බවද ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රි ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කර තිබුණද ඔහු එම පක්ෂයේ සාමාජිකයෙක් නොවන නිසා ඔහු සමග වෙනම සාකච්ඡා කළ යුතුව ඇතැයිද අමරවිර මහතා එහිදි පැවසීය.
 
 තම පක්ෂයේ අරමුණ පුද්ගලයෙක් දිනවිම නොව රටට පොදු ප‍්‍රතිපත්ති මාලාවක් හඳුන්වා දී එය ක‍්‍රියාවට නැගීම බවද ඔහු පැවසීය.එම ප‍්‍රතිපත්ති මාලාව මේ වන විට සකස් කර ඇති බවද ඔහු පැවසීය. 
 
ඇමති මණ්ඩලය තිහකට සීමා කිරීම,  මනාප ක‍්‍රමයක් නැති පක්ෂ තුළ එකිනෙකා මරාගන්නා තත්ත්වයක් ඇති නොකරණ, කුඩු කාරයින්ට හා ජාවාරම්කාරයින්ට ඉදිරිපත් වීමට ඉඩක් නොලැබෙන නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරිම, ජාතික ආර්ථිකයක් ගොඩ නැගීම, අත්‍යවශ්‍ය ආහාර හා අනෙකුත් කාර්මික නිෂ්පාදන මෙරටදීම නිෂ්පාදනය කිරිමට ක‍්‍රමවේදයක් සැකසීම, විදේශ ණයෙන් ක‍්‍රමානුකුළව මිදෙන ආර්ථික ක‍්‍රියාවලියක් ඇති කිරිම, මෙම ප‍්‍රතිපත්ති මාලාවට ඇතුළත් වන බවද අමරවීර මහතා පැවසීය



අදහස් (11)

අමරවීර පොහොට්ටුවත් ගෝඨාභයත් හමුවීමට සැරැසෙයි

Amila Thursday, 22 August 2019 09:05 AM

ලැජ්ජා නැති පෙරමුණ කියලා නම වෙනස් කරගත්තා නම් හරියටම ගැලපෙනවා. ශ්‍රීලනිපයට ටොකු ඇන ඇන පොහොට්ටුව ලස්සනට ඔවුන්ගේ ගමන ඔවුන්ට ඕනෑ විදියට යනවා. මෙයලා පැන පැන ඔලුව දෙනවා විතරයි ..

:       18       340

Prabha Thursday, 22 August 2019 09:18 AM

ඔච්චර ජන බලයක් තියෙනවනම් ඇයි දණින් වැටෙන්නේ ..දාන්නකෝ අපේක්ෂකයෙක්...කතාව විතරයි .

:       3       92

banda Thursday, 22 August 2019 09:25 AM

කුඩු ජාවාරම්කාරයින්ට ඉදිරිපත් වීමට ඉඩක් නොලැබෙන නව මැතිවරණ ක‍්‍රමයක් සකස් කිරිම නම් විහිලුවක්.

:       0       78

anura Friday, 23 August 2019 02:59 AM

සර්ව අසුබවාදි වීමෙන් රට ගොඩ ගැනීමට නොහැක අපි මුවුන්ට බලකළ හැකි පාර්ශවය විය යුතුය

:       0       0

rohana Thursday, 22 August 2019 11:41 AM

දෙන්න නම් එපා මහත්තයෝ...!!!

:       2       67

ගල්කටස් Thursday, 22 August 2019 12:22 PM

මෙයාලගේ නායකතුමා සහ අනිත් අය සජිත් මහත්මයාට ලණුවක් දීලා තියෙන්නේ... අවසානය සජිත්, කරු ජයසූරිය සහ ගෝඨාභය යන මහත්වරු අතර සටනක් මෙවර එන බව හිතෙන්නේ මට විතරද?

:       2       3

Chathiuri Thursday, 22 August 2019 12:37 PM

කටින් බතල හිටවනවා වගේ. ප්‍රතිපත්ති ගැන කියන්නේ බොරුවට ඡන්ද ගන්න ඕනෑවට, මොන නායකයාද මැතිවරණ කාලේ කියපු දේවල් පොරොන්දු ඉෂ්ඨ කෙරුවේ.. ඕවා සුරංගනා කතා විතරයි. ඔය කිසිම කෙනෙක් දන්නේ නැහැ රටක් පාලනය කරන්න. අඩුම තරමේ ඇමති කමටවත් සුදුසු නැහැ. රටේ නායකයෝ දුප්පතාගේ දේ හොරා කනවද? නායකයා නීතියට පිටින් වැඩකරනවද? මේ හැමදේම කරන්නේ දුප්පත් රටවල නායකයින් පමණයි. හිතක්, පපුවක් නැති තිරිසන්නු, තමාගේ පවුල ගොඩගන්න එන්නේ... රටේ නීතිය තම අතට අරගෙන... මෙරට නැවත සුද්දාට පමණයි ගොඩ ගන්න පුළුවන්...

:       2       250

Chanak los angeles Thursday, 22 August 2019 02:38 PM

දැන් ඔය ඉදිරිපත් කරලා ඉන්නේ හොඳ පුද්ගලයෙක්ද?

:       1       114

Rohana Thursday, 22 August 2019 04:36 PM

අතිශය අසාර්ථක හමුවීමක්

:       0       47

Wasudewa Friday, 23 August 2019 06:49 AM

මේ ලෝකේ ලැජ්ජාවක් නැති මහලේකම් කෙනෙක් අපි නම් ඉතිහාසේවත් දැකලා නැහැ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තට නැති කරපු අය ගාව දණින් වැටි වැටී මේ දොඩන වහසිබස් මොනතරම් ලැජ්ජා සහගතද? මේවට පොහොට්ටුවේ අර ලණු ගිලපු ජනපති ලොක්කා සම්පූර්ණයෙන් වගකිව යුතුයි.

:       1       404

de silva Friday, 23 August 2019 08:22 AM

හම්බ වෙන්න ගියාට වැඩක් වෙන එකක් නැහැ. කොන්දේසි විරහිතව සහය දෙන්න කියලා ගෝඨා කියාවි.

:       0       42

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31259 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13440 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10985 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 89 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 925 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 277 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site